එදා ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණියේ බොරු පොරොන්දු දහසක් ලබාදී බව අද රටේ ජනතාවට අමතක වී ඇත. අද ඒ දුන් පොරොන්දු පිළිබඳව කිසිවෙකු කතා නොකරන අතර ම ජනාධිපතිවරයා ප්‍රමුඛ ගජමිතුරු කල්ලිය ඉතා සැපවත් ජීවිත ගත කරත් රටේ සාමාන්‍ය ජනතාව ඉතාම දුක්ඛිත තත්වයකට පත්ව ඇති බව මෙම ජංගම සේවාවේ දී මනාව හෙළි විය.
රාජ්‍ය බලයක් නොමැතිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට රට පුරාම ජංගම සේවා පවත්වමින් සංචාරයේ යාම තුළ දී ජනතාව ඉදිරිපත් කරන ගැටළු වලින් දී ඔවුන් ප්‍රකාශ කරන්නේ පසුගිය කාලයක් පුරාවට ලබාදුන් ගර්භනී මව්වරුන්ගේ පෝෂණ සලාකය මෙන්ම වසර ගණනාවක් තිස්සේම කුඩා දරුවන් වෙනුවෙන් ලබාදුන් ත්‍රිපෝෂ මේ වන විට රජය විසින් නවතා ඇති බවයි .
මෙය ඉතාම කනගාටුදායක තත්වයක් හෙයින්ව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කොට දුප්පත් ගම්මානවල වෙසෙන ගර්භනී මව්වරුන්ට පෝෂණ සලාකය සහ කුඩා දරුවන්ගේ ත්‍රිපෝෂ ලබා දීමට කටයුතු කළ යුතු බව මෙහිදී පක්ෂ නායක වරයා රජයෙන් ඉල්ලීමක් කළේය.
එසේම මේ පිළිබඳව ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයේ දී ඔහු එය රජයට ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය. මෙම ජංගම සේවාව තුළ දී විපක්ෂ නායකවරයා විසින් පාසල් ශිෂ්‍යයකුට ලැප්ටොප් පරිගණකයක්පරිත්‍යාග කිරීම ද විශේෂත්වයක් විය.
පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැක.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස