නිශ්ශංක සේනාධිපතිට බඩඉරිඟු වගාවට රඹකැන් ඔය ජලාශය ආශ්‍රිතව අක්කර 2750 ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දී ඇති බව අප වෙත වාර්තා වේ. මෙය පසුගිය සදුදා ජනාධිපති ලේකම් වරයා විසින් අත්සන් කොට වහාම අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ වන විට භාර දී ඇත. ඒ අනුව එම ඉඩම් නිදහස් කිරීමට වන සම්පත් සහ වනජීවි අමාත්‍ය වරයාට නියෝග කර ඇත .
හරි හරියට රටේ ධනය කොල්ල කා මේ වන විට අධිකරණ වල තිබෙන නඩු ඉවත දා ගැනීමට තටමන නිශ්ශංක සේනාධිපති නැමැති පුද්ගලයා ගෝඨාභයගේ අනුහසින් රඹකැන් ඔය ජලාශයට ආශ්‍රිතව අක්කර 2750 ක භූමියක් ලබාගෙන මෙය ආදිවාසී ජනයා ජීවත්වෙන පොල් බැද්ද ගම්මානය ආශ්‍රිතවය. ආදිවාසී ජනයා වෙනුවෙන් එදා සිටම පැවති රජයන් සියල්ලම වෙන්කර තිබූ වනාන්තර ප්‍රදේශය වශයෙන් හඳුන්වා ඇත. එහෙත් ඒ සියල්ලම පසෙක දමා ගෝඨාභය රාජපක්ෂ විසින් අක්කර 2750 පනහක බඩඉරිඟු වගාවට වෙන් කර දී ඇත. මේ සඳහා අපූරුව දේ නම් වගාවට කම්කරුවන් වෙනුවෙන් සිරකරුවන් යෙදවීමට මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර ඇත.
නිශ්ශංක සේනාධිපතිට සිරකරුවන් විකුණයි……
සිරකරුවෙකුට දිනකට රුපියල් 900 ක මුදලක් ගෙවන අතරම එයින් රුපියල් 800ක් ක මුදලක් සිරකරු සුබසාධනයට කියා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කපා ගැනීමටත්, රුපියල් 100 මුදලක් එක් සිරකරුවෙකුට දිනකට ඔහුගේ ගිණුමකට තැන්පත් කිරීමට සූදානම් වේ . මාර්තු මස පළවෙනි සතිය වන විට එය එළි පෙහෙළි කොට අක්කර 20750 වගාව ආරම්භ කිරීමට සූදානම් වේ.මෙම ව්‍යාපෘතිය තුළින් උපයන ආදායමෙන් කොටසක් අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ සුභසාධනය සඳහා යොදවන බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.
මුහුදු මංකොල්ල කරුවන්ගෙන් වෙනත් රටවල් වල නැව් ආරක්ෂා කිරීම සඳහා යැයි කියමින් නාවික හමුදාව අති විශාල ධනයක් රටට උපයා දුන් සියල්ලම රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් නිස්සංක සේනාධිපති අයත් ඇවන්ගාඩ් ආයතනයට පවරා දුන්නේ ගෝඨාභයට ද අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලැබෙන හෙයිනි. එසේම නූතන කොරෝනා වසංගතය හේතුකොටගෙන ලෝකය පුරාම විහිදි සිටි ශ්‍රමිකයින්රටට ගෙන්වීමේ කටයුත්තද ගෝඨාභය බාර දී තිබුණේ නිශ්ශංක සේනාධිපති නමැති ඇවන්ගාඩ් හිමිකරුට ය.
අක්කර දහස් ගණනින් ඉඩම් කොල්ල කමින් අහිංසක සිරකරුවන්ගේ ශ්‍රමය හූරා කෑමට තම ගජමිතුරන්ට පාර කපා දෙන මෙවන් තුච්ච ජනාධිපති වරයෙකු රට පත් කර ගැනීම පිළිබඳව සමස්ත රට වැසියාම ලජ්ජා විය යුතුය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස