බණ්ඩාරවෙල මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ජයතිලක, සහ කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි දසනායක ගේ අනුදැනුම ඇතිව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ජයතිලක නැමැති පොලිස් පරීක්ෂකවරයා පාසල් සිසුවකු මාසෙකට ආසන්න කාලයක් මේ වනවිටත් රිමාන්ඩ් භාරයේ තබා ඇති බව අද මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට සූදානම් වන අවස්ථාවේ දී ය.
අප වෙත තොරතුරු ලැබී අප වෙත තොරතුරු ලැබී ඇති ආකාරයට මෙම අරුම පුදුම සොරකම සිදුකර ඇතැයි කියන පාසල් සිසුවා ගල් රෝලක් සොරකම් කරගෙන ගියා යැයි කියමිනි .ඒත් ඒ පිළිබඳව සොයා බැලීමේදී දැනගැනීමට ඇත්තේ ගල් රෝලක් සොරකම් කර ඇති නමුත්, ගල්රෝල සොරකම් කොට ඇති පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුදාම මුදා හැර ඇති බවයි. ජීවිතයේ කිසි දවසක බණ්ඩාරවෙල නගරයට පැමිණ නැති ,මෙම පාසල් සිසුවා පදිංචිව සිටින්නේ හොරණ ප්රදේශයේ ය .රාත්රී කාලයේ දී තම පොලිස් වසමෙන් පිටට පොලිස් වසමක කිසිවෙක් අත්අඩංගුවට ගන්නේ නම් අදාළ පොලිස් ස්ථානයේ නිලධාරියෙකු රැගෙන ගොස් එම අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු බවට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්රධාන මූලික අයිතිවාසිකම් නඩුවක දී ප්රකාශයට පත් කර ඇත .ඒ අනුවද බණ්ඩාරවෙල පොලිසියේ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිදුකර ඇත්තේ පාසල් සිසුවා ගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ කඩකිරීමකි
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක, ජයතිලක නමැති නිලධාරියා ගේ අනුදැනුම ඇතිව මෙම පාසල් සිසුවා පිළිබඳව අධිකරණයට අසත්ය වාර්තා සපයමින් ඔහු දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ පසුවන බව අප වෙත වාර්තා වේ .
මේ පිළිබඳව අප බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරී දසනායක මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ එවැනි සිද්ධියක් පිළිබඳව තමා දන්නා නමුත්, මෙතෙක් ඒ පිළිබඳව හරි යමන් වාර්තාවක් තමන් ට ප්රකාශ කළ නොහැකි බවයි. මේ පිළිබඳව බණ්ඩාරවෙල මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයා ගෙන් අපි විමසීමේදී ඔහු කියා සිටියේ ගල් රෝලක් සොරකමක් පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවයි.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයතිලක මේ පිළිබඳ නොදන්නේ නම් වයස අවුරුදු 18 අටක් ඇති පාසැල් සිසුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කුමන හේතුවක් මතදැයි ඔහුගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ විමසන නීතිඥයින් මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත .
මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයතිලක කියන ආකාරයේ සොරකමක් පිළිබඳව ඔහු නොදන්නේ නම් අධිකරණයේ නඩු සඳහා යන පොලිස් කොස්තාපල් රත්නායකගේ උවමනාවට මෙම අහිංසක පාසල් සිසුවා දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ දැයි යන්න පිළිබඳව වහාම සොයා බැලීම පොලිස්පතිවරයාගේ වගකීමකි.
අද පොලිසිය අඳුරේ අත ගාන අතරම පොලිස්පතිවරයා කිසිවක් නොවුණා සේ නිදි කිරමින් සිටින බව රටේ ජනතාව ජනතාව කියයි.