උණුසුම් පුවත්

දේශබන්දු ගේ අතුරු මිතුරු, කල්ල මරේ පාතාලේ…..

Spread the love

පොලිස් ඇමති දේශප්‍රේමී මීයා අද්මිරාල් සරත් වීරසේකර අමාත්‍යංශය බාර ගත් විට ශ්‍රී ලාංකිකයන් කල්පනා කෙරුවේ  පාතාලයට ඉතින් බුදු සරණයි  කියාය.පොලිස් ඇමති අමාත්‍යංශය බාරගත් දින කළ  “බුදු අම්මෝ  ” සයිස් කතාව ඇතුලේ තිබුනේද පාතාලය විතරක් නොව පොලිස් සේවාව අපකීර්තියට පත් කරමින් සිටින පොලිස් අපතයන්ද ශුද්ධ කර පොලීසියේ නම්බුව ඉහළ තැනක රඳවන බවය.

දශක තුනක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ පෙරමුණ සටන් වැදි රණකාමී සෙන්පතියකු ලෙස මාධ්‍ය මුද්‍රා  සටහන් මගින් සමාජගත ප්‍රසිද්ධියක් අත් කරගෙන සිටි අද්මිරාල්වරයා පොලීසිය පොලිෂ් කොට පාතාලය සුනේ සුන් කරනු ඇතැයිද බොහෝ අයවළුවන් විශ්වාසය තබා සිටි බව නම් නිසැකය.
එහෙත් එය කයිවාරුවක්ම  පමණක් බව හැගෙන තරමට පොලීසියේ දූෂිත බව තවමත් පරණ විදියටමය.පාතාලයද පරණ විදියටම සිය කෙරුවාවන් කරගෙන යද්දී මත්ද්‍රව්‍ය ජාවාරමද අපූරුවට සිදුවේ.
මේ  මෑතකදී පොලීසියේ අතුරු මිතුරු පාතාල ඩීල් සිදුවන ආකාරය තහවුරු කෙරෙන වාර්තාවකි.
කොස්ගොඩ සුජී යනු ශ්‍රී ලංකාවේ අධිකරණය මගින් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කළ අපරාදකරුවෙකි.ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවේ මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත කොස්ගොඩ සුජී විසින්   මේ වනවිට ශ්‍රී ලංකාවේ  අත් කරගෙන ඇති නිශ්චල දේපොළ වටිනාකම බිලියන ගණනකට  තක්සේරු කළ හැකිය .බලපිටිය හා අම්බලන්ගොඩ නගර කේන්ද්‍රීය කරගනිමින් කොස්ගොඩ සුජී ගේ හිමිකාරිත්වය යටතේ පවතින ඉඩකඩම් හා  වෙළඳ ව්‍යාපාරික ස්ථාන ගණනාවකි
කොස්ගොඩ සුජීගේ සොහොයුරිය බලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකද වේ.ඇය පොදු ජන පෙරමුණ නියෝජනය කරයි.
පසුගියදා අම්බලන්ගොඩ ප්‍රසිද්ධ පාසැලක් වූ කුලරත්න විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා කොළඹ අපරාද විමර්ෂන ඒකකයෙන් මෙම නියෝජ්‍ය විදහල්පතිවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ  මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය.දනුක සිල්වා නම් වූ මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා ගේ බැංකු ගිණුම් වල කෝටි 45ක් ඇති බවට පොලිස් බුද්ධි අංශ මගින් ඒ වන විටත් අනාවරණය කරගෙන තිබුණි.
දනුක සිල්වා යනු කොස්ගොඩ සුජීගේ බිරිඳගේ මවගේ සොහොයුරාය.කොස්ගොඩ සුජීගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සියළු ආදායම් ගිනුම් ගත වී ඇත්තේ මොහු ගේ නමිනි.එම ගිනුම් පිළිබඳ සියළු තොරතුරු බුද්ධි ඒකක සතුවූ අතර සැකකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජනමාධ්‍ය වල මුල් ශීර්ෂය  මගින්ද වාර්තා කෙරිණි.ජනමාධ්‍ය වාර්තාවන්හී සැකකරු සතුව බැංකු ගිනුම් වල කෝටි 45 ඇති බවට සඳහන් විය
එහෙත් පොලිස් අපරාධ විමර්ශන අංශයයෙන් රඳවා තබා ගෙන ප්‍රශ්නකිරීමට අධිකරණ නියෝග ලබා ගත් මෙම සැකකරු රඳවාගෙන ප්‍රශ්න කෙරුවේ සති ගනනාවක් පමණි.
නැවත බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බව අධිකරණයට කියමින්, චෝදනාවක් නොමැති බව සඳහන් කොට මුදා හැරිනි.
කොස්ගගොඩ සුජී ගේ පාර්ශවයන් ගේ සිත් සතුටින් කතාව නිමා වුවද එහි ඇත්ත කතාවේ තිත්ත රහ දැනෙන අයවළුන්ටනම් පොලීසියේ කෙරුවාව ගැන සිතෙන්නේ තුක් නොදකින් කියාය. 
මෙම සැකකරු ගැන බුද්ධි තොරතුරුුු සැපයූ පොලිස් බුද්ධි අංශ නිළධාරීන් මේ වන විටත් ඇත්තේ බරපතල සිත් තැවුලෙන්ය.සැබවින්ම එම නිළධාරීන් කොස්ගොඩ සුජී ගේ කෙරුවාව ඉදිරියේ නපුංසකයන් වී හමාරය.
මුදල් විශද්ධිකරණ චෝදනාවන් යටතේ අත්අඩංගුවට පත් වූ සිය පාතාල ගනුදෙනු මෙහෙයවූ ඥාතියා මුදවා ගැනීමට ඩුබායි සිටි කොස්ගොඩ සුජී වියදම් කළ  මුදල කෝටි 02 ආසන්නය
  සුජීගේ මේ වැඩේට අත ගැසුවේ අන් කවරෙකුවත් නොව ඩීල් කරුවන් ගේ ප්‍රකට ඩීල් කරුවෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වජිර අබේවර්ධන ය.
වජිරගේ ලියුමෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත් දැනට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් සිටින දේශබන්දු තෙන්නකෝන් වැඩේ ඉතා හොඳට කෙරුවෙ ඩුබායි වලින් ලැබෙන සල්ලි වල බරටය,  ඒ බව ඉතා විශ්වාසවන්ත බවට බුද්ධි තොරතුරු සහ තවත් රහසිගත තොරතුරු මේ වන විට අප වෙත ලැබී ඇත.මේ පොලීසියේ අජරාමර කෙරුවාවේ එක් සිදුවීමක් පමණි
පොලීසිය ශුද්ධ කොට පාතාලය සුනේ සුන් කරන බවට වහසි බස් දෙඩවූ අද්මිරාල් පොලිස් ඇමති මේ සිදුවීම⁣ නොදන්නා බව නම් සහතිකය.නමුත් අපට සිතාගත හැක්කේ මේ අද්මිරාල්  පොලිස් ඇමති, කොස්ගොඩ සුජී වැනි මහා පාතාලයන් ලඟ පුංචි සූටික්කෙකු ⁣ලෙසය.බුද්ධි තොරතුරු කණපිට ගසා පාතාලය සමග අතයට ගනුදෙනු කරන මේ දේශබන්දු තෙන්නකෝන් හා වජිර අබේවර්ධන නැමැති දේශපාලනඥයා ගැන තවමත් මේ සූටි පොලිස් ඇමතිතුමා නොදැන සිටීම එයට හේතුවයිිි.
එය එසේවුවද මෙය කියවන යම් පින්වතෙක් සි⁣ටී නම්……….. පොලිස් ඇමති දේශප්‍රේමී  අද්මිරාල්  මීයාට මේ ප්‍රවෘත්තිය ඇස ගැහෙන්නට ඉඩ සලස්වනවානම් එය ⁣සිය  කෙරුවාව ගැන එතුමාට තක්සේරු කරගන්නට ඉඩ ලබා දෙන පින්කමක් වන්නේය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like