උණුසුම් පුවත්

ලංකා දවස පුවත්පතේ සියලු බරපැන ගෝඨාගේ සුරතලකු භාරගන්නා බව කියයි.

Spread the love

ආණ්ඩුවට පහර දීම නතර කොට මධ්‍යස්ථව කටයුතු කරන්න ලෙස කරන ලද ඉල්ලීම ඉතා නිහතමානීව ප්‍රතික්ෂේප කරමින්, වැරැද්ද ,වැරදි ලෙසත් හරි, දේ හරි කීමට තරම් පිට කොන්දක් තිබෙන බව කීවෙමු.

මේ වන විට  “ලංකා දවස පුවත්පත ” මගින් දිගින් ,දිගටම රටේ ජනතාව දැනුවත් කරමින් ඇත්ත ඇති සැටියෙන්ම  වාර්තා කිරීම සහ මේ වන විට රාජපක්ෂ විරෝධී හඬ ප්‍රබලවම ජනතාව වෙත රැගෙන යෑම ඉවසා දරාගත නොහැකිව මුදල් දී අපගේ පුවත්පතේ කට වැසීමට සූදානම් වූ පුද්ගලයෙකු  පුවත්පතේ වියදම් වලට අමතරව පුද්ගලික වියදම් වෙනුවෙන් තවත්  විශාල මුදලක් සෑම මසකම ගෙවීමට ද ඔහු කැමැත්ත ප්‍රකාශ කර ඇත.

 නමුත් ඒ සියල්ලම  එකහෙළාම ප්‍රතික්ෂේප කරමින් මුදලට වඩා හදවතට එකඟව රටේ උන්නතිය වෙනුවෙන්  ජීවිතයේ ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට තමා සූදානම් බව ද  මුදලට විකිණෙන සමාජයේදී ,මුදලට තමාගේ ආත්මය පාවා නොදෙන බව කීමට තරම් කශේරුකාවක් ලබා දුන්  දෙමව්පියන්ට සහ ඉගැන්වූ ගුරුවරුන් ට ගෞරවය පුද කරමි.
ප්‍රධාන කර්තෘ ලංකා දවස,

අජිත්.


Spread the love

Leave a Comment

You may also like