මේ වන විට හට දැඩි ගෝඨාභය විරෝධී රැල්ලක් ගොඩනැගෙමින් පැවැතීම කිසිසේත් රාජපක්ෂවරුන්ට හිතකර නොවන බව ඔවුන් ඉතා හොඳින් දනී .මේ පිළිබඳව දිගින් දිගටම කරුණු වටහා දී ඇති ගෝඨාභය රාජපක්ෂගේ ගජමිතුරු සන්ධානය කියා ඇත්තේ මේ වෙනුවෙන් අවශ්‍ය බුද්ධි තොරතුරු ලබාගත යුතු බවයි.
පසුගියදා වහාම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් සලේ, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා , ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ ගෝඨාභයගේ ඉතාමත්ම ගජමිතුරු දෙදෙනෙකු සමග පැවති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ රට තුළ දැන් පැනනැගී ඇති ප්‍රශ්න පිළිබඳව දිගින් දිගටම ගෝඨාභය ජනාධිපති වරයා ඉලක්කකොට මාධ්‍ය මගින් සමාජ ජාල වලින් සිදු කර ලබන ප්‍රහාරයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කොට සියල්ලම සම්බන්ධව උත්තරදීමට කණ්ඩායමක් වහාම යෙදවිය යුතු බවයි.
මේ නිසාම වෙබ් මාධ්‍ය කරුවන් මුදලින් බිලිබා ගැනීම සඳහා භාර දී ඇත්තේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිට ය. අත දිග හැර වෙබ් මාධ්‍ය කරුවන්ට මුදල් ගෙවා ඇති බව අප වෙතින් ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.
ඊට අමතරව පුවත්පත් කිහිපයකටම ඔහු මුදල් ලබා දී ඇති අතරම හිරු ,දෙරණ නාලිකා මේ සඳහා අනුපමේය මෙහෙවරක් ඉටු කරන බව ඔවුන් දෙදෙනාම ගෝඨාභය ජනාධිපති වරයාට පොරොන්දු වී ඇත. බැසිල් රාජපක්ෂ මේ වන විට තවත් කණ්ඩායමක් සමග සාකච්ඡා කරමින් ඉදිරියේදී රට තුල නිර්මාණය කිරීමට යෝජිත චීන මොඩලය පිළිබඳව සාකච්ඡා පවත්වමින් ඇත. මේ නිසාම රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් ඇතිවීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය දිනෙන් දින පහත පහත වැටීම නිසා ම ආණ්ඩු විරෝධී රැල්ලක් නිර්මාණය වීම වැළැක්වීම සඳහාත් , එම ප්‍රශ්න වෙනතකට යොමු කිරීම සඳහා විමල් වීරවංශ ව යොදා ගැනීමට තීරණය කර ඇත. මේ සඳහා විමල් වීරවංශට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත්තේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ සහ දිලිත් ජයවීර බව අප වෙත මේ වන විට තොරතුරු ලැබී ඇත .
ඔවුන් කියා ඇති පරිදි ම විමල්ගේ රඟ දැක්වීම ඉතා හොඳින් මේ වනවිට පැවැත්වෙන අතරම සමහර ආණ්ඩු පක්ෂයේම මැති ,ඇමතිවරු මේ බව නොදන්නා අතරම තවත් විපක්ෂයේ මැති, ඇමතිවරුන්ද සමහරක් ඔහුට දුරකථන ඇමතුම් ලබාදෙමින් දුක සැප විමසා ඔහුව බිලිබා ගැනීමට සූදානම් වන වන බවයි. මෙහි ඇති සිනහා සහගත තත්වය නම් මේ සියල්ලම විමල් වීරවංශ විසින් පටිගත කරමින් ගෝඨාභයට සහ බැසිල්ට ඇසීමට ඉඩ සලසා දී ඇත
එයින් ඔහු බලාපොරොත්තු වන්නේ තමාට ඇති සාමාජීය තත්ත්වය පිළිබඳව බැසිල් දිනපතාම දැනුවත් කොට ඔහුට ආණ්ඩුව තුළ සහ රට තුළ පිළිගැනීමක් තිබෙන බව මවා පෑමට බවද ,හමුදා බුද්ධි අංශය තුළින් අප වෙත මේ වන විට දැනගැනීමට ඇත.
මේ නිසා රටේ ප්‍රශ්න ගැන කතා කරනවා විනා විමල් වීරවංශ වැනි නොවැදගත් පුද්ගලයෙකු පිළිබඳව ඝෝෂා නැගීම සල්ලි වලට කරනු ලබන වෙබ් මාධ්‍ය කලාවේ තවත් උප්පරවැට්ටියක් බව රටේ ජනතාවට හෙළි කරන්නෙමු.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස