රාජපක්ෂ පරම්පරාව මේ වන විට සමස්ත ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම චීනයට ලබා දීමට අති විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බව අපි ඉතා වගකීමෙන් සටහන් කරන්නේ මු .
ඉන්දියාව ට කිසිසේත් ළං වීමට ඉඩ නොදීමට රාජපක්ෂ ගැත්තන් කටයුතු කිරීම ඉතාම කනගාටුදායක තත්වයකි. මේ සඳහා චීනය අත දිග හැර මුදල් දී ඇති අතර ලංකාවේ පසුගිය දිනවල මහ හයියෙන් අඳනකඩය පිටින් කෑගැසූ භික්ෂූන් පෙරට පැමිණ ඉන්දියාවට විරුද්ධව පෙළ ගැහුනේ එම චීනයේ සල්ලි නිසා බව අපි ඉතා වගකීමෙන් සටහන් කරන්නෙමු .
එපමණක් නොව මේ වන විට චීනය නතු කරගෙන ඇති කොළඹ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන වලට අමතරව දැන් චීනය ගිල ගැනීමට සූදානම් වන්නේ උඩරට වතුකරයයි. ඒ උඩරට වතුකරය බිලිදීමට රාජපක්ෂවරුන් සූදානම් වන්නේ වතුකරේ එදා සිටම පැවත එන ඉන්දියානු සම්භවයකින් ඇති ඉන්දීය දෙමළ පුරවැසියන් මහ පාරට ඇද දැමීම සඳහාය.
වතුකරය තුළට රිංගා ඇති ප්‍රධාන කොම්පැනි කාරයෙකු හුජීයෑන්වන සමාගම ඊට හොඳම උදාහරණයකි. රජය ජනතාව ගොනාට අන්දමින් වතුකරයේ තේ සැපයීම සඳහා චීන හුජීයෑන් සමාගම හරහා චීනයට තේ සපයන බව කීවත් සිදුවන්නේ එය නොවන බව අපි සටහන් කරන්නේ ඉතා වගකීමෙන් ය.
රජය සූදානම් වන්නේ හුජීයෑන්සමාගම හරහා අසීමිත මිලකට ලංකාවේ වතුකරේ ඇති වතු සියල්ලම විකුණා දැමීමට ය. එම විකුණා දමන වතු අතර මේ වන විට උඩුපුස්සැල්ලාව plantations උඩු පුස්සැල්ලාව වැවිලි සමාගම සහ ඉතා ප්‍රසිද්ධ වැවිලි සමාගම් කීපයක්ම ඇති බව අප වෙත තොරතුරු ලබාදුන් එම මතු සම්බන්ද කටයුතු කරන අපගේ තොරතුරු කරුවෙකු පැවසීය.
මෙනිසා දැන් හුජීයෑන්සමාගමට තේ සැපයීම සඳහා යැයි කියා ජනතාවට බොරු කියමින් වතුකරය සම්පූර්ණයෙන්ම චීනයට හසු කර දීමේ වැඩපිළිවෙලක් මේ වෙනවිට රාජපක්ෂවරුන් සිදුකරමින් පවතින බව අප වෙත දැන ගැනීමට ඇත
.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස