වෙනත්

ස්වභාව ධර්මයේ අච්චු ලැබීමට නියමිත අපරාධකරුවන්ගේ ඇඳුම වෙනස් වෙයි (ඡායාරූප සහිතයි)

Spread the love

” යමෙකු ජාතික ඇඳුමක් ඇඳ කුරහන් සාටකයක් පැළඳ සිටී නම් ඔහු ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබීමට නියමිත අපරාධකරුවකු බව ඔබට හඳුනාගත හැකිය…..”

ලෝකෙ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ව නිසි අධිකරණ ක්‍රියාදාමය කින් පසුව ඔහුට එරෙහිව  නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී සිර ගත කිරීමේදී එම සිර කදවුර තුළ ඒ ඒ රටවලට විවිධාකාර මට්ටමේ ඇඳුම් ආයිත්තම් නිකුත් කර ඇත.  එසේ බොහෝවිට සිදුවන්නේ ඒ රටේ සිරකරුවන් හඳුනා ගැනීමේ අවශ්‍යතාවය සඳහාය.

 ඒ අනුව අච්චු විඳින සිරකරුවන්  සුදු පැහැති කොට කලිසම් සහ අත් කොට කමිසයකින් සකස් කරන ලද ඇඳුමක් නිර්මාණය වී ඇත . මේවා ජම්පරය ලෙසට බන්ධනාගාර තුළ හඳුන්වනු ලබයි . එසේම අධිකරණමය කටයුතු සඳහා සිරකරුවෙකු රැගෙන යන්නේ නම් ඒ සඳහා උචිත ඇඳුමක් ද පාවිච්චි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරයි .

එහෙත් අද වන විට මෙය ශ්‍රී ලංකාවේ වෙනස් මුහුණුවරක් ගෙන ඇත. එනම් ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුමට උඩින් පච්චවර්ණ සළුවක් දැමීම මෙම ජාතික අපරාධ වලට සම්බන්ධව සියලු සිරකරුවන්ට යොදන බව අද වනවිට ප්‍රසිද්ධ රහසකි. එය සමස්ත ලෝකයටම ගෙන හැර පෑවේ මේ වන විට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ජාත්‍යන්තර වරෙන්තුවකට අත්අඩංගුවට ගෙන පසුව ඇප පිට නිදහස් ව සිටින අපරාධ කරුවෙකු වන උදයංග වීරතුංග නැමැති අය මෙම සාටකය නැමැති සලුව පලද සියලු දෙනාම ජාතික අපරාධකරුවන් වශයෙන් හඳුනා දීම පිළිබඳව උදයංග වීරතුංග නැමැති අපරාධකරුට ස්තුතිවන්ත විය යුතුය .

මේ නිසා ඔබට යම් අවස්ථාවකදී කුරහන් සාටකයක් පැළඳ ජාතික ඇඳුමක් හැඳ යමෙකු සිටින්නේ නම් ඔහු ජාතික අපරාධකරුවෙකු වශයෙන් ඔබට ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like