වෙනත්

නාමල් ස්මාට්‍ ය. ඒත් වැඩ අමු  ගොං ය.

Spread the love

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති බරපතල කඩා වැටීම හා නාස්තිය සලකා බලා උපදෙස් දීමට අරවින්ද ද සිල්වා ( සභාපති) රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර ඇතුලත් උපදේශන කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අද පත් කොට ඇත.
මෙය බොහෝ දෙනෙක් දකින්නේ පය බරවායට පිටිකර බැඳීමක් ලෙසිනි.
පිස්සු නටන ක්‍රිකට් පරිපාලකයන් හා ඔවුන් පත්කරනු ලබන අල්ලසට නැවෙන ක්‍රීඩා සමාජ නිලධාරීන් ගෙන් සැදුණු බහුබූත ක්‍රිකට් චන්ද ක්‍රමය වෙනස් නොකොට කුමන කමිටුවක් පත් කළත් මෙම කඩා වැටීම වැළැක්විය නොහැකි බව දක්වන මොවුන් පවසන්නේ මෙසේ පත් කරන ලද කමිටුවේද ගැටළු රැසක් ඇති බවයි.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධනත්, කුමාර් සංගක්කාරත්, මුත්තයියා මුරලිදරනුත් වසරේ භාගයක්ම ගත කරන්නේ ඉන්දියාවේ අයිපීඑල් හි ය.
අරවින්ද, මහේල හා සංගා මේ ආණ්ඩුවේම කැබිනට් ඇමති හා හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද විසින් 2011 ලෝක සූරතා කුසලාන අවසන් තරගය ඉන්දියාවට පාවා දුන් බවට චෝදනා කළ අයයි.
මුරලිදරන් මේ රජයට ඉහළින්ම කඩේ යන අයෙකි.
ඔහුගේ මල්ලී වන එතනෝල් ව්‍යාපාරිකයා පසුගිය මහ මැතිවරණයේ නුවරඑළියට තරග කොට පරාජයට පත් විය.
යහපාලන ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවත් පැලැස්තර ඇලවීමට දක්ෂයෝය.
නාමල්ද මේ කරන්නේ තුවාලය සුද්ධ නොකර පැලැස්තර ඇලවීමකි.
හරින් පැනවූ ක්‍රීඩා නීති සංශෝධනය නොවේ නම් තිලංග තවමත් ක්‍රිකට් පරිපාලනයේය.
එහෙත් ඔහුගේ හොල්මන් තවමත් ක්‍රිකට් පරිපාලනය තුළය.
සීසීසීයේ කිට්ටු සබඳතා නිසා නාමල් ෂම්මිටද අත නොතබයි.
තරග පාවා දීමේ චූදිතයා හා එල්පීඑල් මහ මොළකරු රවින් ද නැවතත් පත් වන්නේ නම් ක්‍රිකට් හැදීම ගැන කවර කතාද?
නාමල් ස්මාට්‍ ය. ඒත් වැඩ අමු  ගොං ය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like