2017 පෙබරවාරි 4 වන දින ලංකා දවස පුවත්පතක් වශයෙන් සයිබර් අවකාශයට අවතීරණය වූයේ ලංකා දවස ප්‍රධාන කර්තෘවරයාගේ හිතවතෙකු කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. මේ වන විට ඉතාමත්ම සාර්ථක ගමනක් පැමිණ ඇති ලංකා දවස අප පුවත්පත දේශපාලන පක්ෂ, ජාති ,ආගම්, භේදයකින් තොරව රටේ ජනතාව වෙනුවෙන් ඇත්ත ඇති සැටියෙන් කියාපාන, එසේම ජනතාවට කුමන හෝ ආකාරයක අයුක්තියක්, අසාධාරණයක් සිදු වන්නේ නම් ඒ සෑම විටකම තරාතිරම නොබලා රටේ ජනතාව වෙනුවෙන් සිටගැනීමට අපිට හොඳ පිටකොන්දක් තිබීම සමස්ත ජනතාවම අනුමත කරනු ඇත.
අප පුවත්පතේ අද මේ මොහොත වන විට ලක්ෂ 21 ඉක්මවා ඇති ඒ සහෘද පාඨකයින්ට සහ දිනපතාම අප පුවත්පතට අලුතෙන් එක්වන පාඨකයන්ට ද, අපේ ස්තුතිය සහ ඔබේ සහයෝගය ඉදිරියටත් අපි අපේක්ෂා කරන්නේ මු .ශ්‍රී ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කන පාලකයින්ට විරුද්ධව කටයුතු කරද්දී මේ වන විට ටෙලිකොම් සමාගමේ සභාපති වරයාගේ උවමනාවට අප පුවත්පත ටෙලිකොම් සහ මොබිටෙල් වලින් කියවීමේ අවස්ථාව අහිමි කර ඇත .
එය ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මේ වන විටත් අප ප්‍රජාවට දැනුම් දී හමාරය, විශේෂයෙන්ම අද වසර හතරක් 04 සපිරෙන මේ මොහොතේ, ලංකා දවස ප්‍රධාන කර්තෘ වරයා වශයෙන් ඉතාමත්ම සතුටට පත් පත්වන්නෙමු. එසේම මෙම පුවත්පත දිනපතා ම පාඨකයාට සුදුසු පරිදි කියවීමට සකස් කර දෙන වෙබ්මාස්ටර් සේම ඉංග්‍රීසි අංශයේ ප්‍රධාන කතුවරයා, සහ දෙමළ අංශය භාර ප්‍රධාන කර්තෘ වරයා ද ,සිහිපත් කරන අතරම ඔවුන්ගේ ලැබෙන පූර්ණ සහාය නිසාම ජනතාවට නිසි වේලාවට ක්ෂණිකව ලැබෙන පුවත ඔබට ගෙන ඒමට තරම් අප කණ්ඩායමක් වශයෙන් මෙතෙක් ක්‍රියා කර ඇත.
ඉදිරියට ද ඔබ වෙනුවෙන් ඒ ආකාරයෙන්ම සිදු වනු ඇත. ජනතාව එදිනෙදා අප වෙත එවනු ලබන ඊමේල් පණිවිඩ සහ දුරකථන පණිවිඩ වලින් අද රටේ කුමන ස්ථානයක කුමක් සිදු වුවත් අප වෙත දැනුම් දීමට තරම් අප කෙරේ තබා ඇති විශ්වාසය , අපි ආරක්ෂා කරන්නේමු.
ඔබට ශක්තියක් වීම ලංකා දවසේ සෑම වීමට අපේ ඒකායන ප්‍රාර්ථනයයි……!!
ප්‍රධාන කර්තෘ ලංකා දවස
අඡිත්…….