ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ගොඩනැගී ඇත්තේ ස්වභාව යුක්ති මූලධර්මය පදනම් කරගෙනය මේ සඳහා අධිකරණය ක්‍රියාත්මක වේ අධිකරණයකින් තොරව විවිධාකාර කොමිෂන් සභාවන් ඇති කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පටන් පහළම මහේස්ත්‍රාත් අධිකරණය දක්වා දුන් තීන්දු විවේචනය කරමින් අපරාධකරුවන් පැමිණිලිකරුවන් කරවීමටත් පැමිණිලිකරුවන් අපරාධකරුවන් කරවීමේ කිසිදු නීත්‍යානුකූල අයිතියක් කිසිම කොමිසන් සභා පනතකින් මෙරට ලබාදී නැහැ.
පසුගියදා ජනාධිපතිවරයා විසින් පිහිටුවන ලද විශේෂ දේශපාලන පලිගැනීම් කොමිෂන් සභාව මේ සියල්ලම අභිබවා ගිය දේශපාලනය කොමිසමක් විය. අධිකරණය මුළුමනින්ම නින්දාවට ,අපහාසයට සහ ජනතාව අතර විහිළුවකට ලක් කරන ලද ආයතනයක් බවට පත් කළේය. මෙම සිද්ධියේ ප්‍රධානියා වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවර උපාලි අබේරත්න නැමැත්තෙකු වීම ඉතාම කණගාටුදායක තත්වයකි. මොහු පිළිබඳව චරිත සහතික ලබාදීමට වඩා ඔහු මෙරට අධිකරණය දුෂිත ලැයිස්තුවේ සරත් නන්ද සිල්වා ගෙන් පසුව දූෂිත විනිශ්චකාරවරුන්ගේ ලැයිස්තුවේ දෙවැනි හෝ තුන්වැනි ස්ථානගත වන පුද්ගලයෙක් බව රටම දන්නා කරුණකි. එදා සරත් එන් ද සිල්වා ගේ බිරිඳ පැවරූ දික්කසාද නඩුවේ නඩු ගොනුව සඟවා සරත් නන්ද සිල්වාට වාසි සහගත ලෙස කටයුතු කළ නින්දිත විනිශ්චයකාරවරයෙකී.
මෙවැන්නෙකු මෙම කොමිෂන් සභාවට දැමීමෙන් ම සිදු කර ඇත්තේ කොමිෂන් සභාවේ ඇති නීත්‍යානුකූල භාවය සහ ස්වාධීනත්වය මුළුමනින්ම විනාශ කිරීමකි. ජනාධිපතිවරයාවත් මේ කොමිෂන් සභාවේ දී ඇති උපදේශයන් අනුමත කරනවා ය කියා කිසි විටෙකත් සිතිය නොහැකිය. මන්ද මිනීමරුවන් බවට අධිකරණයේ සැකෙන් තොරව ඔප්පු කොට තිබෙන අවස්ථාවකදී ඔවුන් නිර්දෝෂී පුද්ගලයින් බවත් වහාම ඊට පැමිණිලිකරුවන් වගකිවයුතු බවත් පැමිණිලිකරුවන්ට අපරාධ චෝදනා ඉදිරිපත් කළ යුතු යැයි කියා සිටින්නේ ලෝකේ පලවන වතාවට ලංකාවේ උපාලි අබේරත්න නැමැති මෙම මන්ද මානසික රෝගියා සිටි කොමිෂන් සභාවේ දීය.
දේශපාලනයට වඩා රටක අධිකරණය උත්තරීතර විය යුතුය. තමාගේ පටු ලාභ ප්‍රයෝජන තකා සමස්ථ අධිකරණ පද්ධතියම සහ එහි සේවයේ නියුතු විශ්‍රාමික මේ සියලුම විනිශ්චකාරවරුන් ජරා වළකට දැමූ උපාලි අබේරත්න නැමැති දූෂිත විනිශ්චකාරවරයා පිළිබඳව අප විශ්‍රාමික විනිශ්චකාරවරුන් වශයෙන් මේට දැඩි කනගාටුව, කනස්සල්ල පළ කරන අතරම වහාම මේ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවට රාජ්‍ය සේවා කොමිසම දැනුම් දීමට අපි මේ වන විටත් කටයුතු කර ඇති අතරම මේ පිළිබඳව ලිඛිතව ජනාධිපතිවරයා වෙතද දැනුම්දීමට කටයුතු කරන්නෙමු.
මෙම විනිශ්චකාරවරයා ට අමතක වී ඇති ප්‍රධාන කරුණ නම් චූදිතයෙකුට අධිචෝදනා බාර දෙන්නේ පවතින ආණ්ඩුවේ පාලකයින් නොව. රටේ නීතිපතිවරයා බවයි ඔහුගේ නිගමනයට අනුව එසේනම් දේශපාලන පළිගැනීම සඳහා අධිචෝදනා භාරදී වරදකරුවන් වී ඇති ඒ සියල්ලට වගකිව යුත්තේ නීති වරයාය. එසේ නම් එදා නීතිපති වර්තමාන අග්‍ර විනිශ්චකාර ජයන්ත ජයසූරිය මහතා අත් අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය. එසේම ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කළ යුතුය මෙය හාස්‍යජනක කතාවකි.
ජයන්ත ජයසූරිය මහතා මෝඩයෙකු සේ අධිචෝදනා දී ඇත්තයි ඔහු නොකියා කියයි එවකට නීතිපති අමු මෝඩයෙකු වශයෙන් අහිංසක පුද්ගලයින්ට දේශපාලන පලිගැනීම් මුවාවෙන් අධිචෝදනා ලබාදී ඇතැයි ඔහු දිගින් දිගටම විග්‍රහ කරයි .මේ පිස්සු පූසා කියන ආකාරයට, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, පාසැල් ළමුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහර දීම, කීත් නොයාට පහර දීම, පෝද්දල ජයන්ත පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස පහර දි අත් කකුල් කඩා දැමීමට, වැලිකඩ සිරකරුවන් විසින් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම ,මිග් ගනුදෙනුව කොමිස් ගැසීම, අම්මගෙ රෙද්ද තැබීමට රජයේ දේපල රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, CN යෝෂිත රාජපක්ෂගේ නාළිකාවට ඉඩමක් පවරා දීම, ඩේසි ආච්චිගේ මැණික් මල්ල, මේ එකී නොකී සියල්ල ට ම අධිචෝදනා පත්‍ර දී ඇත්තේ රාජිත සේනාරත්න, ෆොන්සේකා ,චම්පික රණවක, අනුර දිසානායක එම දේශපාලඥයින් යැයි කියන්නේ නම් මෙම නඩු විභාග කළ සියලු විනිශ්චකාවරුන් සමස්ථ අධිකරණ පද්ධතියම කෙරෙහි ම දැඩි සැකයක් ජනතාව තුල උපදී, මෙය කිසිසේත් නොවිය යුත්තකි .
එහෙත් සමාජයේ වෙනත් පාර්ශ්වයක් කියා සිටින්නේ ජේ ආර් ජයවර්ධන මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා යොදාගත් එම කොමිෂන් සභා ආකාරය කොමිසමක් විය යුතු බවයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව අධිකරණයේ කිසිදු නඩුවක් විභාග නොවුණා සේම කිසිදු අධිකරණයකින් චෝදනාවක් ගොනු කොට නොතිබුණි . එසේ කීම කිසිදු පදනම් විරහිත කතාවකි
මේ නිසාම මෙම කොමිෂන් සභා සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්නට විරුද්ධව වහාම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරිය යුතුව එසේ නොමැතිව අග්‍ර විනිශ්චකාර ජයන්ත ජයසූරිය මහතා පාරේ යන බල්ලන් අධිකරණයට පැමිණ ඒ තුළ මලපහ කරන්නවා දැක දැකත් ගඳයි කියා නිදා සිටිනවා නම්ඒ ගඳ සුවඳක් සේ විඳිනවා නම්, එය ඔහුට පමණක් නොව අධිකරණයේ සිට විශ්‍රාම ගිය සමස්තයට ද පවතින අධිකරණයටද විනිසුරන්ට ද දැඩි නින්දාවක් නින්දාවක් වේ.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස