“නන්දසේන ලා සීයක් මිය ගියත් සමාජයට යහපතක් මිස අයහපතක් නොවේ, එහෙත් වෛද්‍ය ගයාන් දන්තනාරායන වැනි අයවලුන් එක් අයෙක් මිය යාම මිනිසුන් දහසක් මිය ගියා සේය…..”
කෝවිඩ් රෝගයෙන් දැයෙන් සමුගත් මෙරට පළමු වෛද්‍යවරයා අද කරාපිටිය ශික්ෂණ රෝහලේන් වාර්තා වීම ඉතාමත්ම කනගාටුදායක සිද්ධියකි. ඔහුගේ බිරිඳත් දන්ත වෛද්‍යවරියකි. මෙවැනි වෛද්‍ය පවුලකින් පැවත එන අයෙකි.
මෙම වෛද්‍ය ගයාන් දන්තනාරායන නුගේගොඩ ලයිසියම් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා චීනයේ ටියන්ජින් වෛද්‍ය විද්‍යාලයේ , වෛද්‍ය විද්‍යාව හැදෑරූ ඔහු අම්පාර මහ රෝහල ,හලාවත මහ රෝහල, සහ ඔහු මිය යන තෙක්ම රාගම ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරමින් තමා උගත් වෛද්‍ය විද්‍යාව දායාද කරමින් සිට ඇත. ප්‍රථමයෙන්ම අසනීපව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ අසනීප තත්ත්වය උත්සන්න වී ඇත. කොරෝනා වසංගතය ඔහුට වැළඳීම නිසා ඔහුගේ පවුලේ සියලු දෙනාම ආසාදිතයින් විය.
IDH වෙනුවට මුල්ලේරියාවට යැව්වෙ ඇයි……?
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වහාම IDH රෝහලට මාරු කිරීමට අවශ්‍යතාවක් ඇතිවිය. මෙහිදී IDH රෝහලේ මුළුමනින්ම ICU (incentive care unit ) හදිසි ප්‍රතිකාර ඇඳන් සියල්ලම ඒ වනවිටත් සම්පූර්ණ රෝගීන්ගෙන් පිරී තිබූ නිසා ඔහු යවා ඇත්තේ මුල්ලේරියාව රෝහලටය. එහි පැමිණි ගයාන් දන්තනාරායන ගේ තත්ත්වය තව තවත් බරපතළ වීම නිසාම ඔහුගේ නිව්මෝනියා තත්ත්වය දිනපතා උත්සන්න වීම නිසා ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට බලධාරීන් හැකි ඉක්මනින් කටයුතු කළ නමුත්, දින ගණනාවක් පසු වීමෙන් පසුව ඔහු කරාපිටිය රෝහලට යවා ඇත .
කරාපිටිය රෝහලේ 27 වන දින කිසිදු විශේෂඥ වෛද්‍යවරයකු නැති වීම පුදුමයකි…..?
27 වන දින වෛද්‍ය ගයාන් දන්තනාරායන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී ඒ අංශය ICU (incentive care unit ) හදිසි ප්‍රතිකාර කිසිම වෛද්‍යවරයෙකු එදින සේවයේ යෙදී නැත. පසුදින වෛද්‍යවරුන් පැමිණෙන තුරු කිසිම වෛද්‍යවරයකු නොමැතිව ප්‍රතිකාර නොලබා ම ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ඇත. ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් සිටිය දී නිසි පරිපාලනයක් නොමැති සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට රෝහල් පද්ධතිය ම අතහැර දමා වෛද්‍යවරුන් හෙදියන් ට මරණය ළඟා කර දී ඇත.
ශ්‍රී ලංකාවේ එකම එක්මෝ යන්ත්‍රයක් ඇති මෙරට එකම රෝහල…….
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ එකම එක්මෝ යන්ත්‍රයක් (ecmo machine) ඇති මෙරට එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහලේය. මෙය ඉතාම කනගාටුදායක තත්වයකි. මේ වන විට රජය කුමන කයිවාරු ගැහුවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙනැවිත් සවි කරන ලද ICU (incentive care unit) BED 450 කින් මේ වන විට සමස්ත ඇඳන් ප්‍රමාණය 800 මෙම ප්‍රමාණය ඉක්මවා එකම ඇඳක් වත්, එකම උපකරණයක් වත්, ගෙනැවිත් සවි කිරීමට ගෝඨාභය කයිවාරු රජය වසරක් ගතවන තුරු කිසිවක් කර නැත.
දැන් සිදුව ඇත්තේ සමස්ත සෞඛ්‍යය පද්ධතියම අයාලේ යෑමට ඉඩ හැරීමකින් සිදුව ඇති විනාශය මුළුමනින් ම බලපාන්නේ ප්‍රථමයෙන්ම රටේ ජනතාවට සෞඛ්‍ය ජනතාවගේ ආරක්ෂාවට සිටින වෛද්‍යවරුන්ට සහ හෙදියන් ගේ ජීවිත දැඩි අනතුරකට හෙලා ඇති බව අපි පුන පුනා මීට පෙර ද කියා සිටියේ ඒ නිසාය.
වෛද්‍ය පාදෙණිය ලා සොයිසාගෝඨා බැසිල් ලගෙ අධෝමුඛය ඉඹ පස්සෙන් කොස් මන්ත්‍රී ආසන හිඟාකෑම……
එදා සිටම වෛද්‍ය පාදෙණිය ලා සොයිසා සිදු කළේ මෙරට අහිංසක රෝගීන් ගේ ජීවිත බිල්ලට තබා ගෝඨා බැසිල් ලගෙ අධෝමුඛය ඉඹ පස්සෙන් කොස් මන්ත්‍රී ආසන හිඟාකෑම පමණි .රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සභාපති වරයා වශයෙන් ඔහු එකදු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබාගැනීමට හෝ විශේෂඥයින්ට අවශ්‍ය නිසි උපකරණ සහ අවම වශයෙන් ICU (incentive care unit ) BED ලබාගැනීමට කටයුතු නොකළේය.
මට ඕක මහ ලොකු වැඩක් නෙමේ…….
යැයි …… මහා කයිවාරු නන්දසේන හදිස්සිය අවස්ථාවක යොදාගතහැකි ICU ඇඳන් කීපයක්වත් වැඩිකර ගැනීමට නොහැකි අසාර්ථක පාලකයෙක්, වසරක් ගෙවී ඇතත් එදා රාජිත සේනාරත්න අමාත්‍යවරයාට පින්සිදුවන්නට මෙරට සෞඛ්‍ය මේ තරමටවත් නංවා නොතිබෙන්නට අද රටේ ජනතාවගෙන් බාගයක් සිටින්නේ වල පල් ලේය.
මෙයින් පෙනී යන්නේ වෛද්‍ය ගයන් දන්තනාරායන ගේ ජීවිත බේරා ගැනීමට නම් ICU BED එකක් සොයා ගැනීමට නොහැකිවීමත් 27 වන දින කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිසිවෙක් නොසිටීමත් යන්න පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතුය. නොඑසේනම් ඉදිරියටත් මේ ආකාරයෙන්ම රටේ ජනතාව මිය ඇදුනත් නන්දසේන නම් රට වටේ යන එක නතර කරන්නේ නැත.
කෙසේ වුවත්වන්දි ගෙවීමට සිදුවූයේ තවත් ජනතාවට ආදරේ කළ ආදරණීය වෛද්‍යවරයෙකුටය ජනතාවගේ පුවත්පතක් වශයෙන් මෙවන් පාලකයින් සිටින රටක මින් මතු ආත්මයක නොඉපදේවා ඔබට නිවන් සුව ලැබේවායි….. ලංකා දවස කර්තෘ මණ්ඩලය වශයෙන් අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
අජිත්…
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස