සිවිල් ආරක්ෂක බලකායේ නව අධ්‍යක්ෂ ජනරාල් නන්දන සේනාධීරට ඇති නොකැමැත්ත නිසා , එම බලකායේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් උදේනි සේරසිංහ, අධ්‍යක්ෂ මෙහෙයුම් කර්නල් නිලන්ත රත්නසිංහ , ලු. ක. කන්දේගෙදර, මේජර කුමාර , කර්නල් මිල්ලවාන යන අය රියර් අද්මිරාල් ආනන්ද පීරිස් හා සරත් වීරසේකරගේ පදයට නටමින් නිදහස් දින පෙරට්ටුව කඩා කප්පල් කිරීමට සැරසේ. ඊට ප්‍රධාන හේතුව වනුයේ ආනන්ද පීරිස් සමයේ නිදහස් දින පෙරට්ටුවේදී සිවිල් ආරක්ෂක බලකාය හාස්‍යට ලක්වීම බව තතු දන්නෝ පවසති. තම ධූර කාලය අවසන් කර වැඩිදුර හොරා කෑමට සතොසට ගියත් සෙනග සේනාව මදිව ආනන්ද පීරිස්ට ජීවත් වීමට නොහැකි වන්නේ ඔහු දේශපාලනිකව සරත් වීරසේකර ගැත්තෙක් වීමයි. ඔහු මෙම බලකා ධනයේ රස හොදින් දන්නා නිසාත්, සරත් වීරසේකරට බව භෝග යැවීමට හා එස්. එම් චන්ද්‍රසේන හා මැතිණියට කකුස්සි හේදීමට බලකායේ පිරිස් යැවීමට අපහසුවීම සහ රියර් අද්මිරාල් සේරසිංහ තම පුතුන් තිදෙනාටම නිවාස සෑදීම පටන් ගත්තත් එම කාර්‍ය නිම කර ගැනීමට මත්තෙන් මාරුවීමට සිදුව තිබීමත් මීට ප්‍රධාන හේතුව වේ. සිවිල් ආරක්ෂක බලකා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පාස්කු ප්‍රහාරයට උදව් කලේ ෂැන්ග්‍රීලා හෝටලයේ සේවයේ යෙදී සිටි බව දැන් මුලු රටම දන්නා රහසකි.
සිවිල් ආරක්ෂක සෙබළුන් ප්‍රවාහනය සදහා රුපියල් ලක්ෂ දොළහක් වැය කිරීමට සහකාර පොලිස් අධිකාරී ජගත් හා එක්ව සූදානම්ව සිටියත් ඔවුන්ගේ ප්‍රයත්නය ව්‍යර්ථ කරමින් තම බලකායට අයත් බස් රථ පමණක් යොදාගන්නා ලෙස මේජර් ජෙනරාල් සේරසිංහ මහතා පවසා ඇත.
තවද බලකා සෙබලුන් 400කගේ කෑම බීම වියදම් වලින්ද ගසා කෑමට පුරුදුව සිටින මිහින්තලය බලකා අණදෙන නිලධාරී සහ 2 IC කපිතාන් රත්නායකට මෙවර ඒ නැටුම් නැටීමට නොහැකි වන්නේ ආනන්ද පීරිස්ගේ බලය නොමැති වීමෙනි. ( ගිය වසරේ මාලු, කුකුල් මස්, රට ඉදි හා අනෙකුත් සියලුම දෙයින් අධ්‍යක්ෂ පුහුණු බ්‍රිගේඩියර් DCJW ජයසේකර සමග එකවී සොරා කෑ හැටි අප ඔබට මින් පෙර අණාවරණය කරන ලදී )
මේ සියලුම හොරකම් පසු පස කෝප්‍රල් සේරා සහ නිලන්ත රත්නසිංහ සහ ආනන්ද පීරිස්ගේ සගයන් සිටින බව දැන් රටට නොරහසකි.
මෙම සිවිල් ආරක්ෂක බලකායේ කාර්‍ය වන්නේ රටට සේවය කිරීමද? නැතහොත් ලොක්කන්ට බත සපයමින් උන්ගේ කකුස්සි සේදීමද?
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස