වෙනත්

අධිකරණ ඇමැති අලි සබ්බ්‍රි ගෙන් රට පුරාම කාති උසාවි, ඒ සමඟම මද්‍රාසා පාසල් 34 අළුතින් පිහිටුවයි.

Spread the love

රුවන්වැලි  සෑය චෛත්‍යරාජයා ඉදිරිපිට දිවුරා පට්ටපල් බොරු දෙ සැබෑ ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරයා මේ වන විට මුළුමනින්ම මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන ආකාරයට  කටයුතු කරන බව  මුස්ලිම් මවුලවී වරයෙකු අප සමග ඉතාමත්ම වේදනාකාරීව පැවසීය.

ඔහු ගෙනහැර දක්වන පරිදි ශ්‍රී ලංකාවේ කාති උසාවි යනු එක්තරා ආකාරයක හිංසනය ක කොටසක් බවත් ඒ කාති උසාවි ආකාරයට වඩා මේ වන විට ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ කේන්තිය සහ වෛරයට පාත්‍ර වන කිසියම් ජන කොට්ඨාසයක් බවයි. මේ නිසා කිසිම නියාමනය කින් තොරව සිදුවන එම දණ්ඩන පැනවීම සහ වෙනත් විවිධාකාර නියෝග දී පිළිබඳව කිසිදු පිළිගත  හැකි පදනමකින් එය සිදු නොවන බව ඔහුගේ අදහසයි .ඒ නිසාම ඔහු කියා සිටින්නේ ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ කාති උසාවි මුළුමනින්ම තහනම් කොට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළට ම මේ මුස්ලිම් විවාහ නීතිය සහ මුස්ලිම් දික්කසාද නීතිය සියල්ලම එකට එක් කළ යුතු බවයි.

මේ වන විට තේසවලාමේ නීතිය ,ශ්‍රී ලංකාවේ සිංහල උඩරට නීතිය, සහ මුස්ලිම් නීතිය ආකාරයෙන් තිබෙන  මුස්ලිම් ජනතාව වෙනුවෙන් කාති උසාවි යන්න නිර්මාණය කොට පවත්වාගෙන යාම පිළිබඳව ඔහු කියා සිටින්නේ මෙයින් සිදුවන්නේ සිංහල ,මුස්ලිම් අප අතර ඇති සමීප සම්බන්ධ තාවය  තව තවත් දුරස් වන බවත් සැක සංකා උපදවීමට මේ මහත් පිටුවහලක් වී ඇති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය වන දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මුස්ලිම් කාන්තාවක් කාති උසාවි පිළිබඳව කියන සිද්ධීන් ද ඔහු අනුමත කරමින්, එය සත්‍ය බවත් ඔහු අප සමඟ පැවසීය. එසේම ඉතා වේදනාවෙන් ඔහු කියා සිටින්නේ මේ වනවිට වර්තමාන රජය  මද්‍රාසා පාසල් 34 ක් අලුතෙන් ලියාපදිංචි සඳහා  විවිධ පළාත්වල සූදානම් කර ඇති බවයි. මෙය ඉතාමත්ම ඉතා ඛේදනීය තත්ත්වයක් බවයි. යම් දවසක මෙය ශ්‍රී ලංකාවේ විනාශයකට හේතුවක් වන නිසා ම  මද්‍රාසා පාසල්  මුළුමනින්ම ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතු බවත් , ඒ සියල්ලම සමස්ත අධ්‍යාපන පද්ධතියටම වැටෙන සේ ඒවා තුළ ඇති අධ්‍යාපන ක්‍රමවේදය මුළුමනින් ඉවත් කළ යුතු බවයි. පාසල් පුද්ගලික එක් එක් පුද්ගලයාගේ හිතුමනාපෙට පවත්වාගෙන යන අන්තගාමී මුස්ලිම් ආගමක් බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

ගෝඨාභය රාජපක්ෂ තමා බලයට පත් වූයේ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් බව එදා රුවන්වැලිසෑය අබියස දී කියා අද රටේ මුස්ලිම් දෙමළ සිංහල සියලු ජනතාව ගොනාට අන්දමින් මේ සිදු කරන්නේ අනාගතයේදී රාජපක්ෂට බලයට පැමිණීම සඳහා ජාතිවාදය, වැපිරීමක් බව  මව්ලවීවරයා අප සමග ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like