වෙනත්

අධිකරණ නියෝග මත රඳවා සිටි මාකඳුරේ මධූෂ් ඇමති ලංසා ගැන කීව නිසා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලවා මරා දැමීම පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතුයි. (වීඩියෝ සහිතයි)

Spread the love

2019 ඔක්තෝබර් මස 18 වන දින අප පුවත්පත රටේ ජනතාවට කියා සිටියේ කොළඹ දිසා භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේන් රැගෙන ගිය  මධූෂ් නැමැති සැකකරුට    19 හෝ 20 වන දින අතර වෙඩි තැබීමට සියල්ල සූදානම් කර ඇති බවයි. (මධූෂ ට වෙඩි තැබීමට සිටින බව අප කොළඹ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව දැනුවත් කර ඇති බවට අප  සතුව සාක්ෂි ඇත.)

අධිකරණ නියෝගයකින් තොරව වසර එකහමාරකට පමණ පසු සඟවා ඇති මත්ද්‍රව්‍ය සොයා ගැනීමට යැයි පවසා පොලිස්පතිට  ලිපියක් ඉදිරිපත් කළ කොළඹ දිසාව භාර  ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාද නොමඟ යවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සැකකරු කිසිදු අධිකරණයකට දැනුම් නොදී රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙතට රැගෙන යන ලදී ,එයින් ද නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇත්තේ අධිකරණයට බරපතල අපහාසයකි අධිකරණ නියෝග තුට්ටුවකට මායිම් නොකළ ඔහු සැකකරු රඳවා ඇති ස්ථානය වෙනස් කිරීම මුළුමනින්ම නීති විරෝධීය.

එහි දින කීපයක් රඳවා තබා  2019-10-20 දින වෙඩි තබා ඝාතනය කළේය 2019 ඔක්තෝබර් 18 වන දින අප පුවත්පත ලෝකයට කියා සිටියේ ස්ථීර වශයෙන්ම මධූෂ වෙඩි තබා මරා දැමීමට දේශබන්දු තෙන්නකෝන් සූදානම් වන බවයි . මාකදුරේ මධූෂ් ඝාතනය වීමට ප්‍රධානතම හේතු වී තිබුණේ මෙරට කුඩු ජාවාරම් වශයෙන් ප්‍රසිද්ධ නිමල් ලංසා නැමැති ඇමැතිවරයා පිළිබඳව මධූෂ විසින් කරන ලද හෙළිදරව්වක් බව අපි මීට පෙර ද කියා ඇත. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද ප්‍රකාශය කදී මධූෂ කියා ඇත්තේ නිමල් ලංසා මෙම ජාත්‍යන්තර කුඩු ජාවාරමේ එක් පුද්ගලයකු බවයි 

 මේ නිසාම මධූෂ ට වෙඩි තබා මරා දැමිය යුතු යැයි ගෝඨාභය ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වහාම ක්‍රියාත්මක වූ දේශබන්දු තෙන්නකෝන් සකස් කරන ලද අසත්‍ය ලිපියක් පොලිස්පතිවරයාට ලබාදී පොලිස්පතිවරයා ව ද ඒ සඳහා පොළඹවා නීතියානුකුල  නොවන අයුරින්  කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට රැගෙන පැමිණ රැගෙන පැමිණ ඇත.

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් සැරයන් වරයෙක් අත යවන ලද යතුරු පැදියකින් වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් ට වෙඩි තැබූ ප්‍රධාන චූදිතයා වන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නැමැති අයට දෙන ලද  බ්‍රවුනින් පිස්තෝලයකින් මධූෂ ට වෙඩි තබා ඝාතනය කළ බව අප අවස්ථා ගණනාවක දී හෙළි කළෙමු .

එහෙත් දේශබන්දු තෙන්නකෝන් එය මාධ්‍යයට කියා සිටියේ පාතාල කණ්ඩායමක් පැමිණ  සැකකරුට වෙඩි තබා පැන ගිය බවයි එම අවස්ථාවේ ඇතිවූ වූ සිද්ධිය සම්බන්ධයෙන්  වීඩියෝ පටයක් අපට හමුවිය .

https://www.youtube.com/watch?v=RfYIxYdTNoA&feature=youtu.be

වෙඩි තබා ඝාතනය කොට ඉතා සුළු මොහොතකින් ඔහුගේ facebook මුහුණු පොතේ සටහනක් තබමින් මධූෂ……“උඹේ ලේ සුවඳ තමත් මගේ නාසය ඉල්ලයි …….”  බවත් සටහන් කර ඇත .

මේ පිළිබඳව ලංකා දවස පුවත්පතේ ප්‍රධාන කර්තෘ වරයා  කොළඹ මානව හිමිකම් කොමිසන් සභාවට  දැනුම් දී තිබුණත්  නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව වහාම   කටයුතු කළ යුතු බව යි.  පුද්ගලයින් මරා දැමීම පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතුය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like