උණුසුම් පුවත්

ශ්‍රි ලාංකික 62 ලක්ෂයකට ජනාධිපති හෙලුව පෙන්නා 66 වන සංවත්සරයේ වීරයකුවේ.

Spread the love

මෛත්‍රිපාල ජනාධිපති අද පැවති ශ්‍රිලංකා නිදහස් පක්ෂ 66 වන සම්මේලනය අමතා දීර්ඝ කතාවක් කරමින් කියා සිටියේ පසු ගිය රජය සමයේ කිසිදු මානව හිමිකමක් කඩ නොවු බවකි.
එසේ මානව හිමිකම කඩ නොවු බව මෛත්‍රි කියනුයේ හෙලුවෙන් ඉදගෙනදැයි අපටනම් ප්‍රශ්ණයකි. මොකද මෛත්‍රිපාල ජනාධිපති ආප්පකා රනිල් ලගට දුවගන ගොස් කිවේ මාත් මරයි ඔබතුමාලා අපි එකට වෙලා මේ රටේ ජනතාවට නැතිවෙන මානව හිමිකම් යලි ඇති කරමු කියාය. ඒ 2015 ජනවාරි 08 දිනයට පෙරය. මෛත්‍රි ජනාධිපති මහින්දව පරදවා පල බොරු කියන කාලකන්නි දේශපාලකයකි.
දැන් ජනතාව මෛත්‍රිගෙයි මහින්දගෙයි වෙනස ඉතාම හොදින් දනී. රණවිරුවන් කිසිවකුත් දංගෙට යැවීමට රටේ කිසිදු පුරවැසියකු ඉඩ නොදේ. ඒත් රටේ රණවිරුවන් වේෂයෙන් මිනිමැරු ගොඨාභය මෙහෙයවු ජගත් ජයසුරිය වැනි තිරිසනුන් කල පැහැර ගැනීම්,මිනීමැරුම් මෛත්‍රි දැන් කියන පරිදි මානව හිමිකම් කඩ නොවීම්ද ?
හන්දි ගානෙ ගොස් ජනතාව එදා ගනාට අනදා මෛත්‍රි කලේ ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව මුලා කිරීමය. මෛත්‍රිපාල යනු රාජපක්ෂලාට නොදෙවනි තරමේ බොරුකාරයෙකි. ලසන්ත වික්‍රමතුංගලා,එක්නැලිගොඩලා,තාජුදීන්ලාගේ මලමිනි උඩින් ජනාධිපති පුටුවට ඉව ඇල්ලු මෛත්‍රි ජයගත්තේ වාසනාවට කියා අද සිතනවාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වනවිට තිබෙන ඇති විශාල පරික්ෂණ ගනනාවකට බාධා කරන්නේ රටේ ජනාධිපතිම බව ඔහු අද ලෝකයටම කියා හමාරය.
මෛත්‍රිපාල හිතනවානම් රටේ ජනතාවට බොරු කීවාට ,ලෝකයාටත් එසේ කියා ඔවුන්ව ගොනාට ඇන්ද විය හැකිය කියාය.
රාජපක්ෂලාටත් වැරදුනේ මෙන්න මෙතනය. අද මෛත්‍රි වලිඟය පාගෙගන කතාකරන්නේත් එතන ඉදන්ය. 66 වන සන්වත්සරයම මෛත්‍රිට ඉතාම නුදුරේදීම පාරාවලල්ලක් වනවා නම් ස්ථිරය.
රටේ යුක්තිය ඉටුකරන්න කියා රාජපක්ෂලාට විරුද්ධව හඩනැගු ජනතාව මෛත්‍රි වැන්නකු ජනාධිපති කලේ මිනිමරුවන් රැකීමට නොවේ. මෛත්‍රිපාල අදඉන්නේ යුක්තිගරුක ,නිති ගරුක ජනතාව සමග නොව ගොඨාභයලා, ජගත් ජයසුරියලා සමග බව අද මෛත්‍රි මුළු ලොවටම ප්‍රකාශ කර හමාරය.


Spread the love

Leave a Comment

You may also like