වෙනත්

වෘත්තීය සමිති රාජ්‍ය බුද්ධි අංශ උගුලේ හසුවේ …….ඇත්තටම ඉන්දියාව ඉල්ලා ඇත්තේ බටහිර පර්යන්ත යයි නැගෙනහිර පර්යන්තය සටන රටට දුන්නේ ආණ්ඩුව…වෘත්තීය ක්‍රියාමාර්ග අඩපණ කිරීමට විමල් වීරවංශ භාර ගනියි

Spread the love

මීට සුළු මොහොතකට පෙර රටට අපි හෙලිකල පරිදි  අදානි සමාගමට  ගෝඨාභය දැනුම්දී ඇත්තේ ස්ථිර වශයෙන් ම බටහිර පර්යන්තය භාර ගන්නා ලෙසයි,  ඊට රට තුළ නැගෙන විරෝධතාවය මැඩපැවැත්වීම සදහා නැගෙනහිර පර්යන්තය ලබාදෙනවා යැයි බොරු ප්‍රචාරයක් යවමින් රජය සිදු කළේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් ගේ මෙහෙයවීම මත   බව දැන්  සියල්ල ම හෙළි වෙමින් ඇත.

හෙට දිනයේ දී  අපි කියන  ඇත්ත ජනතාව පිලිගන්නවා නොඅනුමානය . ඒ අනුව අද  වරාය හා නාවික කටයුතු  සියල්ලම අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මුද්‍රණය කරමින් නිකුත් කර ඇත .(ගැසට් පත්‍රය පහතින් ඔබට දැකගත හැකිය ) ඒ අනුව අදින් පසු කිසිදු සේවකයෙකු  තම රාජකාරි පැහැර හැරීමක් කරනවා නම්  ඔහුගේ සේවය අහිමි වන අතරම ඔහුට විරුද්ධව නිත්‍යානුකූලව පියවර ගැනීමේ හැකියාවක් ද ඉදිරියේ දී සිදුවනු ඇත.

 

ඒ අනුව ස්ථිර වශයෙන් ම බටහිර පර්යන්තය ලබාදීමෙන් මුළු සමස්ත වරාය පද්ධතිය ම කඩා හැලෙන බව අප වෙත අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති ප්‍රධාන පෙළේ සේවකයෙකු අප වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.අවසානයේ සිදු වන්නේ ගෝඨාභයගේ අවශ්‍යතාව ඉටු වීමකි එනම් රටේ ජනතාවම නැගෙනහිර පර්යන්තය බේරාගෙන එහෙමනං බටහිර පර්යන්තය ඉන්දියාවට දීමට විරුද්ධ නොවන බව  වෘත්තීය සමිති සියල්ලම එක හඬින් කියා බටහිර පර්යන්ත ඉන්දියාවට භාර දීම  සිදුවෙනවා ඇත.

මේ අතර ජනාධිපති වරයා අද  විමල් වීරවංශට දැනුම් දී ඇත්තේ වරාය ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීම සඳහා ඔබ ආණ්ඩුවට විරුද්ධව මත ප්‍රකාශ කොට වෙනත් දිසාවකට හරවන  ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ගෙවිඳු කුමාරතුංග, විමල් වීරවංස ,ගම්මන්පිල සහ ඊට සහයෝගය දක්වන අනෙකුත් පක්ෂ නායකයින් සමග සාකච්ඡාවක් පවත්වා විමල් වීරවංශ අමාත්‍යවරයා ආණ්ඩුවට එරෙහි වන සියලූ බලවේග එතැනින් වෙනත් දිසාවකට හැරවීමේ වගකීම භාරගෙන ජනාධිපතිවරයාගේ හොඳ හිත දිනාගැනීමට කඩිමුඩියේ සූදානම් වන බව අප වෙත ලැබී ඇති තොරතුරු වලින් වාර්තා වේ

මෙය මුළුමනින්ම රාජ්‍ය බුද්ධි අංශෙ සකස් කරන ලද නාට්‍යයකි.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like