වෙනත්

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම යන ඇමැතිවරුන් පිටුපස නවීන තාක්ෂණික උපකරණ සහිතව බුද්ධි නිලධාරීන් 43 දෙනකු යොදවලා

Spread the love

 මේ වන විට අපගේ තොරතුරුකරුවන් දැනුම් දී සිටින්නේ විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,බන්දුල ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම යන ඇමැතිවරුන්  වරාය සේවකයින් සමග රහසිගතව සාකච්ඡා පවත්වා ඔවුන්  උසි ගන්වන සුළු ප්‍රකාශ සිදු කරන බවත්, මේ පිළිබඳව වහාම තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් සලේ  වෙත  අද හවස දැනුම් දී ඇති බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් සලේ  මෙම අධි තාක්ෂණික උපකරණ සහිතව නිලධාරීන් 43 දෙනකු ඒ ප්‍රදේශවලට පිටත් කර හැර ඇත. ඒ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල දෙදෙනා ඉදිරි සතිය තුළදී වහාම කැඳවා ඔවුනට තරයේ අවවාද කිරීමට ද මෙහිදී ජනාධිපතිවරයා සූදානම් වේ. ඒ අනුව ඉදිරියේ දී ඉන්දියාවට ලබා දෙන නැගෙනහිර පර්යන්තය පිළිබඳව කිසිඳු අදහසක් ප්‍රකාශ නොකරන ලෙසට අද සියලුම මැති ඇමැතිවරුන්ට ජනාධිපති වරයා වාචිකව දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇති පරිදි ඩලස් අලහප්පෙරුම මේ වන විට  පිරිසක් සමග කිසියම් රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ජනාධිපතිවරයාට වාර්තා වී ඇති අතර මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉදිරි කැබිනට් සංශෝධනයේදී මොවුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා දැඩි පියවරක් ගන්නා බවද මේ වන විට අප වෙත දැන ගැනීමට ඇත

තවද කිසියම් ඇමතිවරයෙකු විමල් වීරවංශ පිළිබඳව ලබා දෙන ලද ලියවිල්ලක් හේතුකොට ගෙන ඔහුට දුරකථන සපයන සමාගමෙන් රහසිගත දුරකථන වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා ටෙලිකොම් සමාගමට නියෝග කර ඇති බව අප වෙත වාර්තා වේ

ජනතාවාදී පුවත්පතක් වශයෙන් අපි කුමන අදහසක් දැරුවත්  විමල් වීරවංශ, උදය ගම්මන්පිල බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම ඇමතිවරුන්ට  තම තමාගේ මානව හිමිකම්තුළ ක්‍රියා කිරීමේ හැකියාව පිළිබඳව අපි කොන්දේසි විරහිතව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවද රටේ ජනතාව වෙනුවෙන් මතක් කරන්නෙමු .

එසේම ඔබලාගේ ආරක්ෂා පිළිබඳවත් දැඩි අවධානය සිටින ලෙස, අපි ඔබට කල්තියාම දැනුම් දෙන්නෙමු.ඒ කුමකටදැයි අපට වඩා ඔබ රාජපක්ෂලා පිළිබඳව ඉතා හොඳින් දන්න නිසාය.

 

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like