වෙනත්

පාස්කු ප්‍රහාරයට පත් කරන ලද කොමිසමේ කොමසාරිස් ලා ගෝඨාභය ජනාධිපති මසා දුන් පාස්කුව නොමැති කලිසම ඇඳ ඒ විමර්ශණයෙන් පසුව ඔහුට ම ගලවා දී ආපසු හෙලුවෙන් ගෙදර ගියාය. 

Spread the love

2019 අප්‍රේල් 20 වන දින පාස්කු ප්‍රහාරය නිසා මෙරට අහිංසක ජීවිත 350 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ අතරම තවත් විශාල පිරිසක් අද ජීවිතත් මරණත් අතර සටනක් කරමින් තමාගේ වේදනාවන් දරා ගනිමින් ජීවත් වීම ඉතා අනුවේදනීයයි . මෙම සිද්ධිය පිළිබඳව දිගින් දිගටම අප විසින් සුවිශේෂිත විමර්ශනයක් සිදුකරමින් එකින් එක ගෙනහැර පෑවේ මෙය සිදු වු ආරම්භය සහ අවසානය ජනාධිපති පුටුව දක්වාම අපි විමර්ශනයේදී පෙළගැස්විය.

අද ඒ සියල්ලම  “කොමිසම” නැමැති ” කලිසම”  ඇඳ සිටි කොමිසමේ කොමසාරිස්වරුන්ගේ කලිසම තෙත් විය ගියේ කොමිසමට නිරුත්තරව ය. කොමිසමේ හිටියේ විනිසුරන් නම් කොමිසම සිටියේ නිර්පාක්ෂිකව නම් ඔවුන් ඔවුන්ගේ හදවතට එකඟව නම්  අපි පෙළගැස්වූ දේ සත්‍ය බව පිළිගන්වා නොඅනුමානය.  ඒත්  පැළඳ සිටියේ ගෝඨාභය රාජපක්ෂලාගේ  පාට කන්නාඩි නම් අපිව දකින්නේ  රාජ්‍ය විරෝධී ලෙසයි,  ඒත් කොමිසමේ සාක්ෂි විමසීමේ දී කොමිසමේ කොමසාරිස්වරුන්ට මලපහ වුණු වාර අනන්තය. ඔවුන් බලාපොරොත්තු නොවූ, ඔවුන් නො ඇසූ ප්‍රශ්නවලට සාක්ෂි කරුවන් ගෙන් ලැබුණු සාක්ෂි පිළිතුරු නිසාය.  එහි එක් අවස්ථාවක් වූයේ  පුලස්තිනී ගේ මව වන රාසරත්නම් කවීෂා කොමිසම හමුවේ දුන් සාක්ෂියෙන් හෙළිවිය. ඊට හේතු රාශියකි .

 මේ කොමිසම හමුවේ  තාක්ෂණය හරහා ප්‍රකාශයක් ලබා දුන්    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර  වරක් දෙවරක් නොව බොහෝ අවස්ථාවලදී ඔහු සමඟ ඉතා ළඟින් කටයුතු කිරීමේ හැකියාව මෙම ලියුම්කරුට ලැබීම නිසාම  මෙම ලියුම්කරුද විමර්ශනයන් සිදු කරන  අවස්ථාවලදී ශානි ගේ උපදෙස් ලබා ගැනීමට අමතක නොකළ නිසා ම ඔහු තුළ තිබූ පරිණත බව සහ දැනුම මොනවට කියා පෑවා දැයි ඔහු දනී. පරවේෂණ සාක්ෂි පිළිබඳව   දැඩි විශ්වාසයකින් සිටි ශානි අබේසේකර බොහෝවිට ඇසු දුටු සාක්ෂි වලට වඩා පරවේෂණ සාක්ෂි  පිළිබඳව විශ්වාසය තැබුවේ ඒවාට කතා කළ නොහැකි කතා කළ නොහැකි නිසාමය . ශානිගේ සියලු විමර්ශනයන් අවසන්වූයේ අධිකරණයට ගොස් අපරාධකරු සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමෙන් ය .ශානිගේ සියලු විමර්ශනය අවසන් වූයේ අධිකරණයට ඉදිරිපත් කොට අපරාධකරුට අධිකරණය තුළින් දඬුවම් ලබාදීමෙන් මේ නිසාම ශානිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇගයීමකට ලක්කොට විශේෂ උසස් වීමක් පවා ලැබුණි

කොමිසමේ කොමසාරිස්වරුන් බොහෝ විට පරෙස්සම් වූයේ වස්තුන්ගේ බිරිඳගේ මව ගේ ප්‍රකාශය දීමේදී ය රාසරත්නම් කවීෂා නැමැත්තිය ප්‍රකාශයක් කරමින් තමාගේ දියණිය පුලස්තිනී සයින්දමරුදු නිවසින් පැහැර ගෙන ගොස් සිටියදී හස්තුන්  නැමැති අයට විවාහ කර දීමට මූලිකවම ක්‍රියා කරපු පුද්ගලයා    අබ්දුල් රාසික් නැමැති පුද්ගලයා ය. එහෙත් අබ්දුර් රාසික් පිළිබඳව සමාජයේ කොතෙකුත් කතා කළත් කොමිසමේ කොමසාරිස්වරුන් දැඩි පරිස්සමෙන් ප්‍රශ්න කළේ ඒ පිළිබඳව කතාව එළියට එයි කියාය .  ඒත් අපි සියල්ල මුලින් ම හෙළි කළේ රටේ ජනතාවගේ දැනගැනීමට සටහන් කර තිබුණි.මේ නිසාම සහ නොහොත්පුලස්තිනී ගැන ප්‍රශ්න කිරීමට කිසිදු කොමසාරිස්වරයෙකු ක්‍රියා නොකළේ ම ඉන්දියාව මීට සම්බන්ධතාවයක් ඇති හෙයිනි අද වන විටත් ඉන්දියාවේ සිටිනවා යයි කියන පුලස්තිනී නොහොත් සරා දැන් කරළියට පැමිණෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මතින්ය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට නොහැකි වුවහොත් පුලස්තිනී නොහොත් සාරාව මෙරට මහ පොළොවට පැමිණෙනවා ඇත. එසේ පැමිණෙන්නේ ජාත්‍යන්තර අධිකරණයක් හරහා වීමට බැරි නැත. එනම් ඒ මනුෂ්‍ය සංහතියට එරෙහිව සිදු කරන ලද වැරදි පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයක් හරහා රාජපක්ෂලාගේ මෙම පාස්කු ප්‍රහාරය කුමක්ද යන්න ලෝකෙට හෙළි වන දවස එදා එය. 

කොමිසමේ සිටි කොමසාරිස්වරුන්  මන්ද බුද්ධිකයින් නොවුනානම් ශානි එක් තැනක කියූ දෙයින් මුළු සමස්ත අපරාදේ ම හෙළි වූවා යැයි දැඩි විශ්වාසයක් ලියුම්කරු සතුව ඇත. එනම් වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනකු බෙලි කපා මරා දැමූ අවස්ථාවේ යුද හමුදා බුද්ධි නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොමඟ යවන මුවාවෙන් එය ත්‍රස්තවාදීන් සිදුකරන ලද්දක් බවත් කලිසම් දෙකක් ඔබා තිබූ පාසල් දරුවෙකුගේ අත්බෑගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇස යොමු කරවීමට රාජ්‍ය බුද්ධි අංශය එදා යොදවා තිබුණේ පුදුමාකාර උප්පරවැට්ටියක් බව ශානිගේ සාක්ෂි දී මෙන් මනාව හෙළි වේ.

 සැඟවී සිටි ත්‍රස්තවාදීන්ගේ බව ඒත්තු ගැන්වීමට හා සමානවම දෙමළ ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගෙන  වාලච්චේන පොලිසිය යෙන් ක්‍රියාකිරීම ම මෙම සමස්ත ක්‍රියාවලියම සැඟවුණු දෙයක් එළියට දීමට තවත් සැඟවීමට යුද හමුදා බුද්ධි අංශ කටයුතු කළ බවට තවත් සාක්ෂි කුමටද….? අද ශ්‍රී ලංකාවේ බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ  මේජර් ජෙනරල් සලේ මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව ඕනවටත් වඩා සිද්ධීන් පිළිබඳව කටයුතු කළ කළ අයෙකි. මෙහි මහා මොළකරු වෙන කිසිවෙකු නොව බැසිල් රාජපක්ෂගේ අධීක්ෂණයෙන් සියල්ල සිදුකොට  ගෝඨාභය ජනාධිපති  පුටුවේ වාඩි කළ බව අපි අවස්ථා ගණනාවක දී කීවේ ඒ නිසා වෙනි.ත්‍රස්තවාදීන්ට පඩි ගෙවා ඔවුන්ව නිසි ලෙස පුහුණු කරමින් එතැනට යොමු  කළේ  රාජ්‍ය බුද්ධි නිලධාරීන්මේ  බව මේ පිළිබඳව අපි අවස්ථා ගණනාවකදී කියා ඇත .

පාස්කු ප්‍රහාරය පිළිබඳව පත් කළ ජනාධිපති කොමිසම දැන් අවසන්ය මෙය ජනාධිපති ගෝඨාභය විසින් මසා දෙන ලද කලිසමක් ඇඳගෙන සිටි සමයං කොමිෂන් කලිසං ය මෙහි සිදු කළේ රටේ ජනතාවගේ කෝටි ගණනක මුදලක්  කා දැමීමක් පමණි.

සිදු වූ කිසිවක් නැත ඒ සියල්ල ගේම ඇත්තේ එකම කතාවකි. එනම් පාස්කු ප්‍රහාරය නොදන්න හස්තයකින් සිදු වූවක් බවය. මෙය අද්භූත සිද්ධියක් යයි  නූගත් ජනතාවට ඒත්තු ගැන්වීමට තවත් පැණියක් වීමට බැරි නැත. එසේත් නැත්නම් තවත්  කාලි අම්මා යැයි කීමට බැරි නැත.පාස්කු ප්‍රහාරයට පත් කරන ලද කොමිසමේ කොමසාරිස් ලා ගෝඨාභය ජනාධිපති මසා දුන් පාස්කුව නොමැති කලිසම ඇඳ ඒ විමර්ශණයෙන් පසුව ඔහුට ම ගලවා දී ආපසු හෙලුවෙන් ගෙදර ගියාය. 

දැන් රටේ ජනතාවට සිදුව ඇත්තේ යුක්තිය ඉල්ලීමට තම දෑත් අහසට දිගු කර උන්ට හෙන ඉල්ලීම පමණි.

අජිත් ලියයි

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 

 

 

 

 

 


Spread the love

Leave a Comment

You may also like