නවින් දිසානායක හා අර්ජුන රණතුංග එක්ව නව සංධානයක් ගොඩ නැගීමේ ප්‍රථම පියවර හෙටින් ආරම්භ කිරීමට යයි.
ගාමිණී දිසානායක පදනමේදී මේ දෙදෙනා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලබයි.
මීට දින කිහිපයකට පෙර මොවුන් කතරගම ගොස් විශේෂ පූජාවකටද සහභාගි වූහ.
මෙම සංධානයේ මුහුණුවර ඒකාබද්ධ පෙරමුණක් ලෙස සංවිධානය වීමක් ලෙස පෙණුනද එය මේ අවස්ථාවේ රජයට අත්‍යවශ්‍යව තිබෙන සහාය ලබා ගැනීමේ සැඟවුණු සැලසුමක් මෙහි ඇති බව දන්නේ ස්වල්ප දෙනෙකි.
මහින්ද හා ගෝඨා අතර වරාය ජැටිය විකිනීම හා තවත් හේතු කිහිපයක් අරබයා හට ගෙන ඇති සීතල යුද්ධය මත මහින්දට ශක්තියක් ලබා දීම මෙහි යටි අරමුණ වී තිබේ.
මෙම සංධානයට කරු ජයසූරියද සහාය දක්වන අතර ඉදිරියේදී පාඨලීගේ 43 වැනි සේනාංකයද, විමල්, ගම්මන්පිල, විජයදාස වැනි රජයේම කොටස් කරුවන්ද එකතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මංගල සමරවීරද මේ කටයුත්තට එකතු කරගැනීමේ ප්‍රයත්නයක් තිබුණද ඔහු තවමත් දිලිත් හා එක්ව ගෝඨා සමග සිටින බව වාර්තාවේ.
මෛත්‍රිපාල ගේ ශ්‍රී ලනිපය ද ඉදිරියේ මීට සහාය දක්වනු ඇතැයි වාර්තා වේ.
රජයේ මහින්දවාදී කොටස් මෙසේ මෙවැනි සංධානයකට එකතු වීමට ගෝඨාගේ වියත් මග හා රටම මිලිටරීකරණය කිරීමත් ඉන්දියාවට හා ඇමරිකාවට ගැති වීමත් හේතු වී තිබේ.
මහින්දට සහාය දක්වන හාමුදුරුවරුද මේ වන විට ජැටිය ඉන්දියාවට විකිණීමට එරෙහිව කඳවුරු බැඳ සිටිති.
එජාපයෙන් පිරිස් ඇද ගැනීම සඳහා රවි කරුණානායකද යටින් ගේමක් ගසද්දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ට සජිත් විසින් සජබයේ සභාපති ධූරය පිරිනැමීම ගැන උරණ වී සිටින කොටස්ද මෙම සංධානයට එක් කර ගැනීමේ මෙහෙයුමක්ද පවතී.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස