( පෝද්දල ජයන්ත)
2005 – 2015 රාජපක්ෂ රෙජීමය රට පාලනය කරද්දී සිදුවූ මහා අපරාධ ලුහුබැඳ ගිය ශානී අබේසේකර නම් වූ විශිෂ්ට රහස් පරීක්ෂකයා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මුහුණු පොත්වල වූ සටහන් අනුව මෙවර ඔහුගේ නඩුව වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණය හමුවේ පෙනී සිට නැත. මෙය ඉතා ඛේදජනක තත්ත්වයකි.
දේශපාලකයන්ට ගැති වී තාන්න මාන්න වරදාන වරප්‍රසාද හඹා නොගිය මෑත ඉතිහාසයේ රට තුළ බිහිවූ අති විශිෂ්ට පොලිස් නිලධාරියකු වූ ශානී අබේසේකර රාජපක්ෂලාගේ වෛරයට පාත්‍ර වූයේ උන්ගේ පාලන සමයේ වූ සහාසික අපරාධවල සුලමුල අධිකරණය හමුවේ ගොනු කළ නිසා ය. එකී බලවන්තයන්ගේ දෑතට දවසකට හෝ මාංචු වැටී දින දෙක තුනක් , ඇතැම් විට සතියක් දෙකක් රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදු වූයේ මේ නිලධාරියාගේ මෙහෙය වීමෙන් සිදුවූ විමර්ශනවලින් හෙළි වූ තොරතුරු නිසා ය.
එදා පාලන බලය අහිමිව සිටිද්දී පවා උනුනුන් කටමැත දෙඩවූයේ “අපි ආපු ගමන් බලා ගන්නම්” යනුවෙනි. එදා දෙඩවූයේ ‘කටමැත’ යයි යුක්තිය අගයන්නෝ සරදම් කළද , ඒ කිසිවක් හුදු ‘කටමැතක්’ නොවී අද ඔවුන් එදා කට ප්‍රකාශ යථාර්ථයක් කර පෙන්වා තිබේ.
රාජපක්ෂලා සහ එකි රෙජීමයේ සහචරයන් ‘ශානී අබේසේකර’ හරහා රටට ඔප්පු කර පෙන්වන්නේ අප බලයෙන් ගිලිහී ගිය කාලයක වුවද , අපේ කෙරුවාවල්වලට කව්රුන් හෝ අත පෙව්වොත් , ඒවා නීතිය හමුවට ගෙන යාමට උත්සාහ කළහොත් ඕනෑම අයකුට අත්වන ඉරණම මේ බව කියා පෑමට ය.
රටේ සිදුවූ සහාසික අපරාධ සොයා ශානී අබේසේකර ඇතුළු සෙසු යුක්ති ගරුක නිලධාරීන් ලුහු බැන්දේ ඒ ඔවුන්ගේ වැට මායීම්වල ගැටලු ලිහා ගැනීමට නොවේ. අපරාධ සිදු කළොත් ඊට දඩුවම් ලබා දෙන නීති ගරුක රටක් ඇති කිරීම වෙනුවෙනි. යහපාලන රජයේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේනගේ ‘නීච ඩීල්’ දේශපාලනය නිසා මෙවැනි නිලධාරීන් සිය ජීවිතය පරදුවට තබා කළ විමර්ශන ගගට කැපූ ඉණි සේ ගසා ගෙන ගොස් ඔවුහූ අපරාධ කරුවන්ගේ පලිගැනීමේ ගොදූරු බවට පත්වී සිටිති. ඒ අතරම අපරාධ කරුවෝ දවසින් දවස නිදොස් කොට නිදහස් වෙමින් සිටිති.
යුක්තිය අගයන
ආදරණීය මිනිසුනි…! ‘ශානි’ තනි නොකරන්න.
ශානී අබේසේකර නම් වූ විශිෂ්ට නිලධාරියා අද මුහුණ දී සිටින ඛේදජනක තත්ත්වය හමුවේ අඩුම වශයෙන් ඔබේ විරෝද පළ කරන්න. මේ නිලධාරියා තනි නොකරන්න. හෙට දවසේ රටේ සිදුවන සහාසික අපරාධ විමර්ශනයට සිටින නිලධාරීන්ට ඔබද කවදා හෝ තනි නොකරන බවට සුබවාදී පණිවුඩයක් දෙන්න.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස