ජනතාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට අද ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතා ජීවිත ආරක්ෂාව වෙනුවෙන් යාමට සිදුව ඇති ඉතා කනගාටුදායක තත්ත්වයක් ශ්‍රී ලංකාවේ උදා වී ඇත .ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ 2015 වසරට පෙර රට තුළ ක්‍රියාත්මක වූ රාජ්‍ය ත්‍රස්තවාදය යළි හිස එසවීමේ ප්‍රධානතම නියමුවා මේ වන විට රටේ ජනාධිපති වරයා වශයෙන් පත් වීමය .
ගෝඨාභය රාජපක්ෂ ගේ රාජ්‍ය ත්‍රස්තවාදය දැන් ටික දළු ලමින් ඇති බව අද අචලා සෙනවිරත්න නීතිඥවරිය ගේ මූලික අයිතිවාසිකම් නඩුකර යෙන් පෙනී යයි. පසුගිය කාලය පුරාවටම අසාධාරණයට අයුක්තියට එරෙහිව හඬ නැගූ එඩිතර යකඩ ගැහැනියක් වූ නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය ඇගේ නීති වෘත්තියේ ගෞරවය රකී. මේ රටේ ජනතාව වෙනුවෙන් මිල මුදලට වඩා ජනතාවගේ මානව අයිතිය වෙනුවෙන් පෙනී සිටි යුක්ති සහගත කාන්තාවකි සැගවී සිටින කාන්තාවන් අවදි කර වූ ඇය මහර පසුගියදා හර බන්ධනාගාරයේ වෙඩි තබා මරා දැමූ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට තරම් එඩිතර කාන්තාවක් වීම මුළු සමස්ත රටවැසියාගේ ම ගෞරවය පුද කළ යුතුය.
එසේම අහිංසක දරුවන් එකොළොස් දෙනෙකු රැගෙන ගොස් මරාදැමූ පාපතර නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් ගේ කූර මිනීමැරුම් වලට එරෙහිව නොබියව පෙරට පැමිණි නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය මේ වන විට නාවික හමුදාවේ ඒ මිනීමරුවන්ගේ ග්‍රහණයට හසුකර ගැනීමට මාන බලන බව අප වෙත තොරතුරු ලැබී ඇත. එහෙත් ලංකාවේ පොලිස්පතිවරයාට ඇයට ආරක්ෂාවක් දීමට මේ වෙන තෙක් නොහැකිවීම පිළිබඳව සමස්ත ලෝකයටම පෙන්වා දිය යුතුය. ශ්‍රී ලංකාවේ අධිකරණයක් අද නැත. යුක්තිය ඉල්ලා හැඬිය හැකි අධිකරණය අද යකඩ සපත්තුවට පාගාගෙන සිටින නිසාම යුක්තියක් ඉටු වේ දැයි සිතීම ප්‍රශ්න සහගතය .එසේම ආරක්ෂාවක් ලබා දිය යුතු යැයි සිතන පොලිසියද අද ඒ සපත්තුවේ අඩිය යටය.
මේ නිසාම දැන් ඉතිරිව ඇත්තේ ලෝකේ අවධානය යොමු කොට ජීවිතාරක්ෂාව ලබා ගැනීම පමණි. නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය ජීවිතය වෙනුවෙන් රටේ ජනතාව ඉදිරියට පැමිණ ඇයව රැක ගැනීම සමස්ත ජාතියේම වගකීමක් බව අපි ඉතා අවධාරණය ප්‍රකාශ ප්‍රකාශ කරන්නෙමු,ඇය වෙනුවෙන් කොන්දේසි විරහිතව මාධ්‍යක් වශයෙන් පෙනී සිටින්නේ ජනතාවගේ මාධ්‍යයක් හෙයිනි,
නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය තම සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටීම එරෙහිව නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගේ තර්ජනයට ලක්ව ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු වාර්තා කර ඇති අතරම ඇය වෙනුවෙන් නීතීඥ සේනක පෙරේරා මහතා මෙම මූලික අයිතිවාසිකම් නඩුව ගොනුකර ඇති බව වැඩි දුරටත් අප වෙත වාර්තාවේ. මේ වන විට ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්ට තම ජීවිත ආරක්ෂාව පතා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිද්ධ වුවත් යුක්තිය ඉල්ලීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලන්නා සේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චකාරවරුන් පත්කිරීම සිදු කරන්න ලබන්නේ ජනාධිපතිවරයාය.
ඉන් හැගී යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චකාරවරයා සිට අනෙකුත් සියලුම විනිශ්චකාරවරුන් ජනාධිපතිවරයාට අවනත විය යුතු බව නොකියා කීමකි .මෙය කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි අධිකරණයේ බලතල එක් පුද්ගලයකු මතට පාගා ගැනීමක් සිදු කර නොමැත. ලංකාවේ රාජපක්ෂ ජුන්ටාව තම බල පරාක්‍රමය ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය සිට පහළම ප්‍රාදේශීය සභාව දක්වාම පතුරුවා ඇති බව කදිම නිදසුනකි.
එවන් රටක අධිකරණයකින් යුක්තිය කිසිදා බලාපොරොත්තු වීමට හැකි දැයි අප නම් කීමට නොදැනී .කෙසේ වෙතත් අචලා සෙනෙවිරත්න මෙනවිය වෙනුවෙන් රටේ ජනතාව ඉදිරියට පැමිණ පෙනී සිටිය යුතු බව අපි නැවත නැවතත් ජනතාවගෙන් මතක් කරන්නෙමු.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස