වචනයේ පරිසමාප්තයෙන්ම චීන ජාතියේ ගැලවුම්කරු වන මහින්ද රාජපක්ෂ විසින් මේ වන විට සමස්ත භූමිය ද රටේ නූපන් දරුවන් සමගම චීනෙට උගස් කොට හමාරය.
එහි දිගුවක් වශයෙන් තම සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ නමැති මරි මෝඩ මිනිහා මේ වන විට ලංකා බැංකු මහා පහන් ටැඹ හෙවත් පිට්ටු බම්බුව ජනතාවගේ මහා පහන් ටැඹ ලංකා බැංකුව එසේම ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් මූලස්ථානය පිහිටි නව ගොඩනැගිල්ලට යාබදව තිබෙන පරණ පොලිස් ගොඩනැගිල්ල, ටෙලිකොම් ගොඩනැගිල්ල, මේ සියල්ලම චීන රජයට විකුණා අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ඉල්ලා ඇත.චීනය ලබා දීමට බලාපොරොත්තු වන ඇමරිකානු ඩොලර් බිලියනය ක ණය මුදලින් මේ වන විට මිලියන පන්සීයක් ශ්‍රී ලංකා රජයට ලබා දී අවසන්ය.
ණය මුදල ලබාදීමට නම් චීනය ඉල්ලා ඇත්තේ මෙම ගොඩනැගිලිය 03 ගෝඨාභය රාජපක්ෂ වෙන්දේසි කරු හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මේවට අවශ්‍ය සියලු පිඹුරුපත් මේ වැඩ සකසා අවසන් බව අප වෙත අදහස් දැක්වූ අපගේ තොරතුරු කරුවෙකු පවසා සිටියේය .
පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ යාබදව පිහිටි මේ වන විට පොලිස් බඳවා ගැනීමේ අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටා තිබෙන ගොඩනැගිල්ල මුළුමනින්ම චීනයට ලබා දීමට සියලුම පිඹුරුපත් සකසා අවසන් බව අපි සඳහන් කරන්නෙමු.
එසේම ටෙලිකොම් ගොඩනැගිල්ල ,ලංකා බැංකු පහන්ටැඹ, මේ සියල්ලම චීනයට ලබා දී ඒවා කොළඹ නගරයෙන් පිටත ස්ථාපනය කිරීම සඳහා මේ වන විට ලහි ලහියේ ඉඩම් සොයමින් සිටින බවත් එය පවරා ඇත්තේ නාවික හමුදාවටය. හිස් ඉඩම් සොයමින් කොට්ටාව පනාමුරේ, යන ප්‍රදේශවල සංචාරය කරමින් නාවික හමුදාව විසින් මිනුම් කටයුතු කිරීමට සුදුසු අක්කර ගණන් ඉඩම් සොයන බව අප වෙත ඉතා විශ්වාසවන්ත තොරතුරක් ලැබී ඇත .
ස්ථිර වශයෙන්ම මෙම ගොඩනැගිලි සහ එම භූමිය ලබාදීමට මේ වන විට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා චීනයට පොරොන්දුවී ඇත. මෙහි හිලව්වක් වශයෙන් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීමට ද මේ වනවිට සියලු ගිවිසුම් අවසන් වෙමින් පවතින බව ද අපි ඉතා වගකීමෙන් සඳහන් කරන්නේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය නම් මේ සියල්ලටම විරුද්ධව නැගී සිටීම ය.
නොයෙසේ ව නැගෙනහිර ජැටියක් වෙනුවෙන් පමණක් මරාගෙන මැරීමට දඟලලා ජනතාවට කොකා පෙන්වා අනිත් දේවල් විකිණීමට ඔබ ඉඩ දෙනවා දැයි ………? අපි ජනතා පුවත්පතක් වශයෙන් රටේ ජනතාවගෙන් ප්‍රශ්න කරන්නෙමු.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස