ශ්‍රී ලoකා ක්‍රිකට් කණ්ඩායම අරක් ගෙන සිටි භූතයා වූ කණ්ඩායම් කළමනාකරු අසන්ත ඩි මෙල් ගාල්ලේ දෙවෙනි ටෙස්ට් තරගය අවසානයේ ඉල්ලා අස්වෙද්දී එම තැනට පත් කරන්නේ නාමල්රාජපක්ෂගේ බාල සොහොයුරු චිචීගේ බිරිඳ ටට් යානාගේ පියා වන ජෙරොම් ජයරත්නය.
ජෙරොම්ට මේ අවස්ථාව ලබා දීම සඳහාම අසන්තට කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් අස් වෙන්න යයි පවසා ඇත්තේ ක්‍රීඩා ඇමති නාමල් ය.
අසන්ත කළමනාකාරිත්වයෙන් ඉවත් වුණත් තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන අතර ලක්ෂ තුනක මාසික වැටුපක් ඉන් ලබයි.
කාලයක් මුළුල්ලේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විවිධ තනතුරු දැරූ ජෙරොම් රාජපක්ෂ පවුලට සම්බන්ධ වීම දඩමීමා කර ගනිමින් ක්‍රිකට් නිලධාරීන් බිය ගන්වා වරින් වර පඩි වැඩි කරගත්තේය.
ප්‍රධාන විධායක ඈෂ්ලිටත් වඩා වැඩි පඩියක් ගන්නා ජෙරොම්ගේ වත්මන් මාසික වැටුප ලක්ෂ 15 ඉක්මවයි.
කලක් ක්‍රිකට් කණ්ඩායමේ අන්‍තර් පුහුණුකරු ලෙස සංචාර කිහිපයකට ගිය ජෙරොම් එය මුවාවෙන් එකවර ලක්ෂ පහකින් පඩිය වැඩි කර ගත් අතර අන්තර් කළමනාකරු ලෙස එක්වී තවත් ලක්ෂ තුන හතරක් ඔහු අනිවාර්‍යෙන් වැඩි කර ගනු ඇත.
ඔහු එතරම්ම අණ්ඩයකු ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ ප්‍රසිද්ධය.
ඔහු මේ වන විට ටට් යානා ගේ මවගෙන් දික්කසාද වී වෙනත් විවාහයක් කර ගෙන ඇත.
රාජපක්ෂ පවුලට පමණක් නොව දැන් රාජපක්ෂ පවුලට එක් වන්නන්ටද රජ මගුල් ය.
නාමල්ගේ බිරිඳ ලිමිණිගේ පියා වන තිලක් වීරසිංහද LPL තරගාවලියේ හෝටල් හා බස් රථ සැපයීමෙන් කෝටි ගණනක් උපයාගත්තේ නාමල් සරණින් ය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස