වෙනත්

ආණ්ඩුවට ජිනීවා යුද අපරාධ එල්ල කරනවා යැයි බොරු දේශප්‍රේමයක් මවා ජනතාව ගොනාට ඇන්දවීමේ සූදානමක්…..!!

Spread the love

ගෝඨාභය ආණ්ඩුව මේ වන විට වසරක් ගෙවී ඇති අතර ජනතාවට එපා වීමේ අවසානම බින්දුවට වැටී ඇත. මේ  සඳහා දේශීය සම්පත් විදේශිකයින්ට පවරාදීමේ මහින්ද රාජපක්ෂ පවා ඉක්මවා ගිය අඩියකට ගෝඨාභය ඉදිරියට පැමිණ ඇති ,හෙයින් ද  ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතීන් සියල්ලම යුධ හමුදා කරණය කිරීමට එරෙහිව, ද ජනතාව දැඩි කලකිරීමට පත්ව සිටි. රාජ්‍ය පරිපාලන තන්ත්‍රය මුළුමනින්ම හමුදාකරණය කරමින් යුද හමුදා ජුන්ටාවක් රට පුරා ක්‍රියාත්මක කිරීම මේ වන විට ජනතාවට ඉවසුම් නොදෙන බවත් ප්‍රධාන කාර්යයක් වී ඇත.

මේ සියල්ලටම මිරිකී සිටින ජනතාවට එදිනෙදා තමාගේ ජීවනෝපාය ගෙන යෑමට නොහැකි ආකාරයෙන් බඩු මිල ඉහළ යෑම ද ඔහුට දරාගත නොහැකි තත්වයකට පත්ව ඇත. මේ නිසාම ගෝඨාභය යනු නිකම්ම නිකං පූසෙක් බව ලෝකෙට හෙළිවිය. එවන් වකවානුවක් තුළ තම ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට ජනතා අප්‍රසාදය මැඩ පැවැත්වීමට සිදුවන හෙයින් තමාට ජනතාවගේ අනුකම්පාව ලබාගෙන දේශප්‍රේමයක් ඉදිරියට යා යුතු යැයි ජනාධිපති උපදේශකයන් ඔහුට දැනුම් දී ඇති බව අප වෙත  වාර්තා වේ .

 ඒ නිසාම ආණ්ඩුවට හිතවත් මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍ය කරුවන් හරහා ආණ්ඩුව ජිනීවා යුද අපරාධ බිල්ලට හසු කරනවා යැයි ජනතාව තුළ මතයක් ගොඩනැගීමට මේ සතිය පුරාවටම කටයුතු කරන බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

මෙය සම්පූර්ණම අසත්‍ය බවත් මෙය ගෝඨාභය සහ ඔහුගේ වටා සිටින දිලිප් ජයවීර සහ ඔහුගේ හෙන්චයිය ලා ගේ එකම  ආයුධයක් ලෙස මේ පාවිච්චි කරන බව අප වෙත තොරතුරු ලබාදුන් විශේෂ පුද්ගලයෙක් හෙළිකළ තොරතුරකි.  ඒ අනුව ඉදිරියේ දී ආණ්ඩුව ජිනීවා යුද අපරාධ වලට දඬුකඳේ ගසනවා යැයි ජනතාව අතරට ගෙන යෑමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.


Spread the love

Leave a Comment

You may also like