වෙනත්

ලංකා දවස කියූ පරිදිම මහර බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ ගේ කුඩු ව්‍යාපාරය අල්ලයි – අත්අඩංගුවට නොගෙන සේවය අත්හිටුවයි.

Spread the love

 බන්ධනාගාර අධිකාරියේ ජගත් වීරසිංහ නමැති නිලධාරියා පිළිබඳව  මීට වසරකට පෙර සිටම දිගින් දිගටම හෙළිකළේ මොහු දූෂිත සහ මිනිමරුවෙකු බවයි. අද ඒ බව පසක් කරමින්  සිරකරුවෙකු ලවා බන්ධනාගාරය තුළ කුඩු ව්‍යාපාරයක් මෙහෙය වූ නිසා  බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ වහාම සේවය අත්හිටුවා ඇති බව අප වෙත දැන ගැනීමට.

ඔහු පාතාලය මෙහෙයවූ , කුඩු ජාවාරමේ නිරතවූ ,නිලධාරියෙක් බව වරක් අපි අපගේ ලංකා දවස මාධ්‍ය තුළින් ප්‍රසිද්ධ කළ විට දිගින් දිගටම පුද්ගලිකවම ලංකා දවස කර්තෘවරයාට දුරකථන තර්ජන, සහ රාජ්‍ය මර්දනයේ අත් දිගු විය ඒත් අද ලංකා දවස  හෙළි කළ සත්‍ය මහපොළොවේ සත්‍යයක් බව පසක් විය.

 මහර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානය ට වහාම ස්ථාන මාරු කර ඇති බව මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළින් අප වෙත වාර්තා වේ.    මහර බන්ධනාගාරයට පැමිණීමට පෙර ඔහු සේවය කළේ ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයා ලෙස ය. ගාල්ල බන්ධනාගාරයේ සිටියදී නීතිවිරෝධී කටයුතු වලට දිගින් දිගටම විරුද්ධ වූ ජේලර්වරයකු  පාතාලේ ලවා වෙඩි තබා මරා දැමීමට තරම් වීරසිංහ ශක්තිමත් වූයේ ගෝඨාභයගේ දේශපාලන හයියක් සමග අද ඒ සියල්ල බොරු කරමින් බන්ධනාගාර අධිකාරී වීරසිංහ මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදී සිටින බව හෙළිවිය

 එහෙත් සිදු විය යුත්තේ වහාම මොහු අත්අඩංගුට පත්වීමය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කරන අතරම විස්තර වශයෙන්ම අප දන්නා කරුණුද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවීමට ඉදිරි දිනකදී ක්‍රියා කරන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරනවා වෙනුවට බන්ධනාගාර  සමහර නිලධාරීන් සිදු කරන්නේ අහිංසක පහළ නියාමකවරයා ව බිල්ලට දෙමින් ඔවුන් යහතින් වැජඹීම ය.

අධිකාරිවරුන් කුඩු ව්‍යාපාරය පාතාලය මෙහෙ වීම දිගින් දිගටම සිදුකරන බවයි  ලංකා දවස  කිසිවිටෙකත් කිසිම සත්‍යයෙන් තොර ව වාර්තා නොකරන මාධ්‍යකි. අපගේ මාධ්‍ය කලාව ඇත්ත ඇති සැටියෙන් ලොවට කීමය එහි අද ඒ සත්‍ය ජය ගෙන ඇති බව ඒ වෙනුවෙන් අප වෙත තොරතුරු ලබා දුන් සමස්ථ නිලධාරීන්ට සාමාන්‍ය මහජනයාට අපගේ හෘදයාංගම ස්තුතිය ලංකා දවස කතුවරයාව වෙනුවෙන්  කරන්නෙමු.

පසුගියදා මහර බන්ධනාගාරයේ නිරායුධ අහිංසක සිරකරුවන් මරා දැමීම වීරසිංහ ගේ පුද්ගලික නියෝග අනුව සිදුවූවක් බවට මේ වන විට ඉතා පැහැදිලිව හෙළි වී ඇත

අධිකාරිවරයා පිළිබඳව කියා ඇත පහත දිගුවෙන් ඔබට එය කියවිය හැක

https://www.lankadawasa.com/wp-admin/post.php?post=7698&action=edit&lang=si

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like