වෙනත්

නැගෙනහිර ජැටිය මුවාවෙන්  මැදගොඩ අභයතිස්ස ,මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇල්ලේ ගුණවංශ ,බෙංගමුවේ නාලකලා ලාගේ කට උනාට හඬ රාජපක්ෂලා හරහා චීනෙන් දැයි අපට ප්‍රශ්නයකි…..?

Spread the love

 මේ වන විට මහින්ද රාජපක්ෂ විසින් චීනයට සින්නක්කරවම මුළු රටෙන් කොටසක් ලියා ඇති බව තව තවත් කීමේ කිසිදු තේරුමක් නැති බව අපි දනිමු. ඒත් එදා ඇස් කන් පියාගෙන හිටපු මැදගොඩ අභයතිස්ස ,මුරුත්තෙට්ටුවේ  ආනන්ද ,බෙංගමුවේ නාලක,ඇල්ලේ ගුණවංශ අද මෙසේ දඟලන්නේ රාජපක්ෂලාට විරුද්ධ ව කතා කරන්නෙත් රාජපක්ෂලා සහ චීනය අතර තියෙන ගහයි පොත්තයි සම්බන්ධය දන්න නිසා දැයි අපට සිතේ.

එහි ප්‍රධානතම හේතු වන්නේ රටක හමුදා මූලස්ථානය චීනෙට  99 නම  අවුරුද්දට බදු දී sangilla හෝටලය හදන වෙලාවෙ  ඔවුන් සියල්ල ම ලංකාවේ ජීවත් වූ  බව අපේ විශ්වාසයයි. එසේ ජීවත් වූ නමුත් ඔඒ නිසාම එදා ඔවුන් කටක් ඇරියේ නැතන් එදා චීනයේ සල්ලි වළඳමින් සිටි බවත් අපි නොදන්නවා නොවේ.  ඒ නිසාම එදා ඔවුන් කටක් ඇරියේ නැත දැන් ඒවා ආපස්සට හැරවිය නොහැකිය.තවමත් ඔවුන් සතුව ඇත්තේ රාජපක්ෂලාගේ න්‍යාය පත්‍රයන් ය.

  නැගෙනහිර පර්යන්තය කිසිසේත් කුමට රටකට වත් කුමනාකාර ,නමකින් ආයෝජනයක් , බදුදීම  ,පැවරීමක් , හෝ සංවර්ධනයක් , යන කුමන නමකින් වත් සිදු නොවිය යුත්තකි.ඒ සඳහා තාක්ෂණික සහ අනෙකුත් සියලු සම්පත් වරාය අධිකාරි සතුව ඇති බව මේ වන විට තහවුරු වී ඇති නිසා එය රටේ දේපළක් ආර්ථික මර්මස්ථාන යක් බව ඉදිරියටම පවත්වාගෙන යා යුතුය .ඒ පිළිබඳව අපේ කිසිදු විවාදයක් නැත.

 රටකට ඇති උරුමයන් රටේ මහපොළොව මහපොළොව රාජපක්ෂලා විකිණීමට පටන් ඇරඹුවේ යුද්දෙ මුවාවෙනි එදා  බෙංගමුවේ නාලක ල හෝ එකී මෙකී නොකී කිසිවෙක් කටක් ඇරියේ නැත. රාජපක්ෂලා මහපොළොව විකුණන තුරු නිදා සිටි මැදගොඩ අබේතිස්ස , බෙංගමුව නාලක,  මුරුත්තෙට්ටුවේආනන්ද ,ඇල්ලේ ගුණවංශ ලා  තක්කු බුක්කු වේ දඟලන්නේ කුමන හේතුවකට දැයි උභතෝකෝටික ප්‍රශ්නය අපට  අපට ඇත.ලැබෙන තොරතුරු අනුව නම් ඔවුන් මෙහෙය වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ජුන්ටාව බව අපි ඉතා හොඳින් අධ්‍යයන කරමින් ඉන්න බව පමණක් ඒ අයට මතක් කරන්නට කැමැත්තෙමු

මොවුන් හඳුනා නොගත්තොත් මොවුන් සිදු කරන්නේ නැගෙනහිර පර්යන්තය වෙනත් නමකින් ලංකාවේ සිටින පුද්ගලයකුගේ කරේ ගසා කුමන හෝ රටකට තල්ලූ කිරීමටය ඒ රාජපක්ෂලා වෙනුවෙන් ය.

අද ජනතා පවුරක් වශයෙන් හැදෙන රටේ දේපළ විකිණීම එරෙහි මේ පවුර රට වටා ගෙනි යන මහ පවුරක් සේ කුමන වත් බිම් අඟලක් නොදී සිටීමේ ඒකායන අරමුණෙන් යා යුතු බව අපගේ දැඩි විශ්වාසයයි. ඒ සඳහා සියලු කැපකිරීම් සිදුකිරීමට මාධ්‍යක් වශයෙන් අප ද සූදානම් බව රටේ ජනතාවට අප දෙ සහතික වන්නෙමු.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like