වෙනත්

මවාගත් දේශිය මමත්වය  පෙන්වා නැගෙනහිර ජැටිය නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමට සූදානම් දේශීය නියෝජිතයෙක් ඔහු සජාත් මවුසුන් අදානි සමාගමේම  දේශීය නියෝජිතයා

Spread the love

අද දිනය තුළ හෝ හෙට දින තුළ ගෝඨාභය ජනාධිපතිවරයා නැගෙනහිර ජැටිය කිසිසේත් ඉන්දියාවට බදු  නොදෙන බවට ප්‍රකාශ කිරීමට ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇත .

ඒ අනුව අද හෝ හෙට  ජනාධිපති විශේෂ ප්‍රකාශයක් කරමින් කිසිසේත් රටේ සම්පත් විදේශ රටවලට බදු දීම තමාගේ ප්‍රතිපත්ති නොවන බවත්  දේශීය ව්‍යාපාරිකයින් නගාසිටුවීම සඳහා  ඉදිරි කාලයේ දී දේශීය ව්‍යාපාරිකයකු කැඳවීමට සූදානම් වන බව ප්‍රකාශ කිරීමට නියමිතය.

මෙය මුළුමනින්ම රටේ ජනතාව ගොනාට අන්දවා  කොලේවසා ගසන ගේමකි. පසුගියදා ලංකාවට  සීනි ගෙන්වා ඉන් රුපියල් බිලියන 10 ක ආදායමක් රටට අහිමි කළ සජාත් මවුසුන්  sajad mawzoon   වරාය නැගෙනහිර ජැටියට  ආයෝජනය කිරීමට සූදානම් වන දේශීය ව්‍යාපාරිකයා ඔහුය.

 සජාත් මවුසුන් අදානි සමාගමේ දේශිය නියෝජිතයා බවට අපි ඉතා වගකීමෙන් සටහන් කරන්නෙමු. රාජපක්ෂ පවුලේ  ඉතාම කිට්ටුවන්ත හිතවතෙකි. මොහු විරුද්ධව විපක්ෂයේද සමහර මංත්‍රිවරුන් සමඟ  සමීප සම්බන්දතා තිබෙන බවත් ,ඒ අය ගේ සවිස්තර  අපි සතුව ඇති බවත් සටහන් කරන්නෙමු.මේ නිසා මොහුට විරුද්ධව විපක්ෂය තුලින්ද විරෝධයක් එල්ල නොවන බවට ඊයේ සාකච්ඡා විය.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන කාලයේ විකුණනු ලැබූ යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම  ශ්‍රැංගිල්ලා  හෝටල් ඉදිකිරීම සඳහා විල්මා සමාගම හරහා  මිලදී ගනු ගනු ලැබුවේ මොහුය.

මේ නිසා   මොහු හරහා ගෝඨාභය රාජපක්ෂට කොමිස් මුදලක් ලැබෙන බවද අප වෙත දැනගැනීමට  ඇත.  අවසන් වශයෙන් මෙම සාකච්ඡාවේදී  තීරණය වී ඇත්තේ  දේශීය ව්‍යාපාරික  වශයෙන්ඔහුට නැගෙනහිර පර්යන්තය  (East Terminal ) 49% ට ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීමට ඉන්දියාව ද මේ වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

ශ්‍රී ලංකා රජය කුමන හෝ හේතු දක්වා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදුනහොත් පසුගිය පාස්කු ප්‍රහාරය පිළිබඳව සියලු සත්‍ය තොරතුරු ඉන්දියාව විසින් සාක්ෂි සහිතව රටට හෙළි කිරීමට නියමිත වන බවද අප වෙත ලැබී ඇත

ඒ අනුව තවදුරටත් රජයට විරුද්ධව එල්ලවන කදවුර ශක්තිමත්  නොවීමට ඉඩ දී ජනාධිපතිවරයා මවාගත් දේශිය මමත්වය  පෙන්වා ජනතාවට සත්‍ය වසන් කොට ස්ථිර වශයෙන්ම නැගෙනහිර පර්යන්තය  (East Terminal ) දේශීය ව්‍යාපාරික රාජපක්ෂ පවුලේ  හිතවතා හරහා ඉන්දියාවට ස්ථිර වශයෙන්ම බදු දෙන බව සහතිකය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like