වෙනත්

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් නොදුන් නීතිපති පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් නිදොස් කර නිදහස් කරයි.

Spread the love

පාස්කු බෝම්බ ප්‍රහාරයේ එම මරාගෙන මැරෙන බෝම්බ සියල්ලම සකස් කරන ලද්දේ ඊබ්‍රහිම් නැමැති තඹ කම්බි සහ තඹ අපනයන කරනු ලබන පුද්ගලයෙකුගේ ස්ථානයක් තුළදී බවට අනාවරණය විය. එසේ වීමට ප්‍රධානතම හේතු වූයේ එම සැකකරු ගේ පවුලේ තම පුතුන් දෙදෙනෙකු සහ තමාගේ ළඟම ඥාතීන් කීපදෙනෙකු බෝම්බ පුරාගෙන මේ යෑමත් සමගය

මෙම මිය යෑම පිළිබඳව විමර්ශනය කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයකින් පසු අනාවරණය කරගනු ලැබූයේ තම්බ කම්හල තුලදී මෙම පිපිරීම සඳහා බෝම්බ සාදා ගෙන ඇති බව ය.   මේ පිළිබඳව තවදුරටත් වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු මේ පිළිබඳ විමර්ශනය කරමින් ඇති මොහොතක නීතිපති දප්පුල ලිවේරා ඊයේ මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත්තේ තවදුරටත් මෙම පාස්කු ප්‍රහාරය සැකකරුවන්ට විරුද්ධව චෝදනා ගොනු නොකරන බවත්, ඔවුන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කරන ලෙසයි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කර ඇත චෝදනා

 මෙහි ඇති සුවිශේෂීම සිද්ධිය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වන විටත් චෝදනාවට ලක් නොකර අධි චෝදනා නොකර සැකකරුවන් වශයෙන් නම් කර සිටි සියලු  පුද්ගලයින් නිදොස්කොට නිදහස් කරන්නේ කෙසේද ……?යන්න පිළිබඳව  ප්‍රශ්න සහගතය පුද්ගලයෙකුට  චෝදනා ගොනු කර ඇත්නම්  නම් දීර්ඝ නඩු විභාගයකින් පසුව පුද්ගලයෙකු නිදොස් කොට නිදහස් කළ හැකි නමුත් පුද්ගලයෙකු සැකකරුවෙක් වශයෙන් සිටියදී නිදොස් කොට නිදහස් කළ හැකි දැයි යන්න පිළිබඳව ප්‍රශ්න සහගතය.

එසේම නීතිපති දෙපාර්තමේන්තුව හැසිරීම ද මේ වන විට රටේ ජනතාවට ඉතාම පිළිකුල් සහගතය . නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අවස්ථා ගණනාවකදී පෙන්වා දී සිටියේ මෙම කම්හල තුලදී මෙම මරාගෙන මැරෙන බෝම්බ සකස් කර ඇති බව සහ එම පුද්ගලයින් අධිකරණය ඉදිරිපත්  ද ඔහු කරුණු ඉදිරිපත් කර ඇත.  ත්‍රස්ථ විමර්ෂණය ඒකක භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් නීතිපතිවරයාට උපදෙස් පතා යවා ඇති ගොනුව තුළින් ඔහු ඉල්ලා සිටියෙ සහරන් හසීම් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තමාට උපදෙස් දෙන ලෙසයි.

 එහෙත් අවසානයේ සිදුවූයේ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සිදු වන තෙක් ම කිසිදු උපදේශයක් හෝ අවම තරමින් එම යැවූ ගොනුව වත් නීතිපති ඒවා නොතිබුණි .2019 අප්‍රේල් 25 වන දින තෙක් කිසිඳු උපදෙසක් නොදී හවස් පෙට්ටියේ දමා තිබීම තරම් නීතිපති දප්පුල ලිවේරා කටයුතු කළේ කාගේ වුවමනාවට දැයි දැන් සැක සහිතය.

තඹ කම්හලේ ප්‍රධාන සැකකරු වූ ඒබ්‍රහම්ගේ පුද්ගලික නීතිඥවරයා වන්නේ අලි සබ්රි  දැන් අලි සබ්රි සිටින්නේ රටේ අධිකරණ ඇමැතිවරයා වශයෙනි. එදා ගෝඨාභයගේ පුද්ගලික නීතිඥ අවශ්‍යයෙන් නොමිලේ නඩු 35  පෙනී සිටියේ ද මේ අලි සබ්රි ය.

දැන් අපට ප්‍රශ්නයක් ඇත එනම් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන විමර්ශනයේ දී හෙළි වූ කරුණු යැයි අධිකරණයට වාර්තා කරන ලද කරුණු සම්පූර්ණ බොරු ද……?

නො එසේ නම් ඒ වාර්තා කරන කරුණු වාර්තා කර තිබූ කරුණු අද කිසියම් පුද්ගලයෙකුගේ උවමනාවට බොරු බවට පෙරළු වාද………….?

මේවාට උත්තර දිය යුත්තේ අධිකරණ ඇමැති වූ අලි සබ්රි ය.

අලි සබ්රි නැමති නීතිඥවරයා තමාගේ සේවා දායකයින් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම ය. මෙය යුක්ති සහගතය, එසේ නොවුනා නම් ඒ ගැන අපි පුදුම වේවි ඒත් දැන් අපට කිසිම පුදුමයක් නැත.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 

 

 

 


Spread the love

Leave a Comment

You may also like