වෙනත්

“යමකු වරදක් කළොත් එය වැරදියි කියන්නට ධෛර්යය කුත්, හරි දෙයක් කළහොත් එය හරි කියන්නට පුරුද්දකුත් අප තුළ ඇති කරගත යුතුයි…”.-අති උතුම් රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණන් කියයි.

Spread the love

කටුවාපිටිය සාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය වාර්ෂික මංගල්‍යයට සහභාගි වූ අති උතුම් රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණන්  කියා සිටියේ.   සමාජයේ බොහෝ දෙනෙක් කඳවුරු බෙදාගෙන සිටින නිසා සත්‍ය නොදකින බවයි . සත්‍යය සත්‍යය ලෙසත්  ,බොරුව බොරුව ලෙසත්, දැකීමට තම ජීවිතයේදී පුරුදු විය යුතු බව ජනතාවට ප්‍රකාශ කලේය.

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ට පසු ගිය අවස්ථා ගණනාවකදීම පුද්ගලයන් විසින් විවිධාකාරයේ චෝදනා එල්ල කරල නමුත්   පවතින  කුමන ආණ්ඩුවක් වුවත්  රටට විරුද්ධව කුමන හෝ අන්දමේ තීරණයක් ගන්නේ නම් ඒ සෑම අවස්ථාවකදීම උන්වහන්සේ  ඒ පිළිබඳව නිර්භීතව  තමාගේ අදහස් ප්‍රකාශ කිරීමට කිසි විටෙකත් පසුබට වී නැත. එහෙත් බොහෝ අවස්ථාවලදී සමාජයේ ගැරහුම් වලට උන්වහන්සේ ලක් වුවත් අද වන විට සමාජයේ ඇතිව තිබෙන බොහෝ සිද්ධීන් වලට උන්වහන්සේ දැඩි අවධානයෙන්  සිටින බව මේ වන විට තහවුරු වී ඇත .

බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති පාස්කු ප්‍රහාරය පිළිබඳව උන්වහන්සේ ඇල්මැරුණු ප්‍රතිපත්තියක් ගත කරන්නේ යැයි බොහෝ දෙනෙක් උන් වහන්සේට මේ වන විට චෝදනා කරමින් ඇත.  උන්වහන්සේ බොහෝවිට පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සමාජගත වූ වහාම  ඉතාමත්ම යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු.

ඉදිරියේ දී උන්වහන්සේ පාස්කු  ප්‍රහාරයට වගකිව පුද්ගලයින් පිළිබඳව ආණ්ඩුව ගන්නා වූ ඇල්මැරුණු ස්වභාවය බොහෝ සෙයින් වෙනස් වීමට උන්වහන්සේ මූලිකව කටයුතු කරනු ඇතැයි  සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම බලාපොරොත්තු තබා ඇත.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like