වෙනත්

වරාය වෘත්තීය සමිති සේවකයින්ගේ ජීවිත අනතුරේ රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් වරායට බඳවා ගෙන…

Spread the love

මීට මාස දෙකකට පමණ පෙර සිටම වරායට නව පත්වීම් වශයෙන් විවිධාකාර විවිධ තනතුරු සඳහා විවිධ අංශයන් වලට සේවකයින් 230 දෙනෙකු වරාය සභාපති දයා රත්නායකගේ  පුද්ගලික මැදිහත්වී ඉතා රහසිගතව සේවයට බඳවා ගෙන ඇත.
එම බඳවාගෙන ඇති සියලුම සේවකයින් රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව කටයුතු කරන බුද්ධි ඔත්තුකරුවන් ය .
ඔවුන් සලේ යටතේ සේවය කරන අතරම රාජ්‍ය බුද්ධි තොරතුරු වශයෙන් මේ වන විට වරාය සේවකයින් ගේ සහ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෙහෙයවනු ලබන වෘත්තී සමිති නායකයින් ගේ විස්තර ලබාගෙන සහ ඔවුන්ගේ සියලුම කතාබහ පටිගත කරමින් රාජ්‍ය බුද්ධි අංශ වෙත ලබා දෙන බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.
එම බඳවාගැනීම් සියලුම අංශය සඳහා යොදවා ඇති අතර අද දිනයේදී වරාය සේවකයින් විසින් ඉදිරියේදී සැලසුම් කරන ලද සැලැස්ම පිළිබඳ වාර්තා recording ලබාගෙන රාජ්‍ය බුද්ධි අංශෙ වෙත  ලබාදී තිබෙන බව අපගේ  අපගේ බුද්ධි තොරතුරු නිලධාරියෙක් මෙය මේ අවස්ථා අප වෙත දැනුම් දී ඇත .
මෙයින් සිදුවන්නේ නැගෙනහිර පර්යන්තය (Terminal)ඉන්දියාවට ලබා දීමේ සේවක සාකච්ඡාවන් සහ  වෘත්තීය සමිති නායකයින් පිළිබඳව තොරතුරු  රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක වෙත ලබාදීමේ කටයුතු මේ වන විටත් සිදුවෙන අතර ඉදිරියේ දී ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට පත්වීමට ඉඩ ඇත.
මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ පෙර හැසිරීමත් සමග සංසන්දනය කිරීමේ දී පෙනී යන කරුණ විශේෂයෙන් ම සේවකයින්ගේ ජීවිතය හෝ වෙනත් සිද්ධීන් වලට භාජනය කර ගැනීමට ඔවුන් පිළිබඳව සවිස්තර වාර්තාවක් මෙම සේවකයන් විසින් සපයන බව අපගේ තොරතුරු කරු දැනුම් දෙන ලදී.
නැගෙනහිර පර්යන්තය ට විරුද්ධව හඬ නගන වෘත්තීය සමිති නායකයින්ගේ ජීවිත පිළිබඳව මේ වනවිට දැඩි අවදානමක් හට ගෙන ඇති බව අප අවධාරණය කර සිටින්නේ  ඔවුන්ගේ ජීවිත පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසයි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

.

 


Spread the love

Leave a Comment

You may also like