වෙනත්

මංගල සහ ගෝඨා එකම කාසියේ දෙපැත්තක්…..!!

Spread the love

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තමා දේශප්‍රේමියෙකු වශයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ වරාය නැගෙනහිර ජැටිය විදේශ ආයෝජකයින්ට ලබාදීම පිළිබඳව අපමණ සතුටට පත් වන බව කියා සිටි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදේශ ආයෝජකයින් රටේ සංවර්ධනයට එකතු කරගත යුතු බවයි  පුදුම දේශප්‍රේමියෙක්, දේශප්‍රේමී යනුවෙන් හඳුන්වනු ලබන්නේ දේශයට ආදරේ කරන්නන් මිස පිටරැටියන් ගේ රෙද්ද අස්සේ රිංගා ඔවුන්ට ආදරේ කිරීමක් නොවන බව ලොකු කුඩා ඕනෑම කෙනෙක් දන්නා කරුණකි.

ශ්‍රී ලංකාවේ අපමණ සම්පත් ප්‍රමාණයක් මේ වන විට චීන ජාතිකයින්ට විකුණා තිබෙනවා දැයි යන්න කොළඹට පැමිණ සෑම උදෑසනම ඇස් පනාපිට ඕනෑම අයෙකුට දැක ගත හැකිය.  එදා මැතිවරණයට දින කීපයක් තිබියදී කැබිනට් මණ්ඩලයට ගෙන ආ  MCC යෝජනාව නිසා  සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති සිහිනය මුළුමනින්ම විනාශ කිරීමට තරම් මංගල සමරවීර, ගෝඨාභයව සුසංයෝගය ඉතා හොඳින් දායක වූ බව ඔහුගේ අද මේ කතාවේදී හෙළිවෙයි.   මංගල ,ගෝඨාභය,  බැසිල්ලගෙ තුන් හවුලේ ප්‍රධාන ඉලක්කයක් සිදු වූයේ යහපාලනය මුදල් ඇමති මංගල සමරවීර විසින්ම අසාමාන්‍ය ලෙස බදු බර ජනතාවගේ කරමතට පැටවිය.

 රටේ දේපළ විකුණාගෙන කෑමේ දේශප්‍රේමියකු අද කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මේ දේශප්‍රේමය ගැන ඔහු ශ්‍රී ලාංකිකයෙක් වශයෙනි සතුටු වන බවයි .මේ  “අරුම පුදුම දේශප්‍රේමියා” කියයි. අපි කියා සිටියේ මංගල සමරවීරලා මෙරටට ආදරේට වඩා  ඔවුන් හුස්ම ගන්නේ මේ රටේ වුවත් ඇවිදින්නේ පිටරැටියන් ගේ අවශ්‍යතා වෙනුවෙන්ය.එදා අපි කියූ පරිදිම මංගල ,ගෝඨාභයලා,  දිලිප් ජයවීර ලා මේ සියල්ල ම සිටින්නේ එකම කඳවුරක බවයි ඒ බව ඔහුගේ ප්‍රකාශයෙන් ම තහවුරු කරයි

මෙයින් පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂය මංගල සමරවීරලා එකම කඳවුරක සිටින එකම පුද්ගලයින් බවයි, මේ එකම කාසියේ දෙපැත්තක් කීවොත් වඩාත් නිවැරදිය.


Spread the love

Leave a Comment

You may also like