සුදුස්සාට සුදුසු තැන දී රටට වැඩදායක ලෙස ප්‍රයෝජන ගත යුතු යැයි මහ උජාරුවට නන්දොඩවන නන්දසේන ගෝඨාභය ගේ කෝකටත් තෛලය වු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට කොරෝනා වසංගතය මැඩලීම බාර කර ඇත.
ඒත් ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යාඥයින් සිටින බව අමන ගෝඨාභය නන්දසේන නොදන්නවාට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා හොඳින් දනී. දකුණු ආසියාවේ වසංගත රෝග පිළිබඳව අධ්‍යයනය කොට මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් පසුගියදා පත්කර ඇත්තේ කලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ වසංගත රෝග පිළිබඳ විද්‍යාඥයකු පාලිත අභයකෝන් මහතාය. මොහු වසංගත රෝග පිළිබඳව අධ්‍යයනය සහ ඒවා මැඩලීම පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙකි .
කොරෝනා මැඩලීමේ කාර්ය සාධන බලකායේ මුළුමනින්ම භාරදී ඇත්තේ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ අනෙකුත් මේජර් ජෙනරාල්වරුන්ට ය. එහෙත් පාලිත අභයකෝන් මහතා වැනි විශේෂඥ වෛද්‍ය දැනුමක් ඇති පුද්ගලයින් ගෙන් කිසිදු දායකත්වයක් ලබා ගෙන නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යාඥයන් පිළිබඳව විශේෂයෙන් සොයා බලද්දී කොරෝනා වසංගතය මැඩලීමට භාරදී ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා බව දැන ගැනීමෙන් පසු ඔවුන් මවිත වී ඇති බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.
ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයා සහ පොලිසිය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සිදුකරන ලබන කාර්යය කිසිසේත් අප අඩු කොට සලකන්නේ නැත ,එහෙත් සුදුස්සාට සුදුසු තැන දිය යුත්තේ ඒ පිළිබඳව ඔහු විශේෂඥයකු වන හෙයිනි. ඒත් නන්දසේන ගේ තියරිය වෙනකකි.පසුගිය රජය යටතේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මහජන සුබසිද්ධිය කටයුතු වලට දායක වී සිටියා නම් ඔහු කුමන විශේෂඥයෙක් වුවත් පැත්තකට කිරීමේ ගෝඨාභය නන්දසේන ගේ තියරි යයි.
විශේෂඥ රෝග වෛද්‍ය පබා පළිහවඩන සහ අනිල් ජාසිංහ යන අයද මෙම ගෝඨාභයගේ ගිලටීනයට හසුවූ වෛද්‍යවරුන්ය ඔවුන් පැත්තකට දමා ඇත්තේ එදා යහපාලන රජය යටතේ අතිවිශාල කාර්ය භාරයක් සිදු කළ හෙයිනි. අනිල් ජයසිංහ වැනි වෛද්‍යවරුන් එම වසංගත මැඩලීමේ කාර්යයෙන් ඉවත්කොට තවත් මේජර් ජෙනරාල්වරුන් හය දෙනෙකු පමණ කොරෝනා වසංගතය ට වෙඩි තැබීමට පත්කිරීමයි.
ලංකාවේ මෙම අසාමාන්‍ය තත්වය තේරුම්ගත් ලෝක සෞඛ්‍ය සංවිධානය වහාම එම විශේෂඥයින්ගෙන් වැඩ ගැනීමට කටයුතු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහ ලේකම්වරයා පසුගියදා වෛද්‍ය පාලිත අභයකෝන් මහතා දකුණු ආසියාව තුළ ම කොරෝනා වසංගත මැඩලීමේ සියලුම කටයුතු භාර දී ඇත්තේ ඔහුට ය. ඔහුගේ දැනුම පිළිබඳව සුවිශේෂිත වූ කරුණක් සටහන් කරමින්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම්වරයා සඳහන් කර ඇත්තේ……” ඔබ සතු දැනුමෙන් ආසියාවම මේ වසංගතයෙන් පාලනය කර ගැනීමේ හැකියාවක් ඇතැයි මා සිතනවා……” යන්නයි.
මේ අතර ආසියා කලාපය තුළ කොරෝනා වසංගතය වෙනුවෙන් නිපදවා ඇති එන්නත් පිළිබඳ අධ්‍යයනයේ දී ප්‍රමාණයක් නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබී ඇත. මෙහිදී වෛද්‍ය පාලිත අබේකොන් මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාව තෝරා ගැනීම ඉතාම සුදුසු බවයි , . ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එම coronaඑන්නත්පවා ලබා ගැනීමට මූලිකව මැදිහත්ව කටයුතු කිරීම සමස්ථ ජාතියේම ප්‍රශංසාව පාලිත අභයකෝන් මහතාට හිමිවිය යුතුය,
මෙයින් පෙනී යන්නේ නන්දසේන ට වසංගතයේ දැනුම නොමැති වත් නන්දසේන ට ඇත්තේ තුවක්කුවේ දැනුම මිස රෝග වසංගතේ දැනුමක් නො වන බව දැන්වත් නන්දසේන ගෝඨාභය පිළිගෙන ඉදිරි කටයුතු කළ යුතුය.
පැවති රජය යටතේ ශ්‍රී ලංකාව තුළ වසංගත රෝග කීපයක් ම මෙරටින් තුරන් කිරීමට මූලිකව ක්‍රියා කර ඇත්තේ එවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විශේෂ කැපවීම නිසා බව අප වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළේය. අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් මුලට ගෙන වසංගත වලට මූලිකත්වය දෙමින් වසංගත 5 මේ වන විට ශ්‍රී ලංකාවෙන් තුරන් කොට හමාරය.
එදා එවැනි කාර්යයක් ජනතාවට සිදු කළ හැකි වූයේ සුදුස්සාට සුදුසු තැන දීමෙන් නිසාය. කුමන රජයක් බලයට පත්වුවත් ආණ්ඩුව පවත්වාගෙන යා යුත්තේ රාජ්‍ය නිලධාරීන්ගෙන් එසේ නම් එම නිලධාරීන් සුදුසු විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රය තුළ යොදා නොගත හොත් එහි එහි ඵල විපාක විඳීමට සිදු වන්නේ අහිංසක ජනතාවටය. අද මේ වන විට සිදුව ඇත්තේ එවැනි ඉතා අභාග්‍ය සම්පන්න තත්වයකි.
![]()
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස