රන්ජන් දැන් වසර 4 ඇතුලේය. අපි අධිකරණ කටයුතු පිලිබදව විවේචනය නොකරයි. විශේෂයෙන්ම දූෂිත යයි ප්‍රකාශ නොවූ විනිසුරුවන්ගේ තීන්දුව අපි අගය කරමු.
රන්ජන් ගැන අපිට වෙනම කියවීමක් ඇත. නමුත් අපිට දුක උගත් බුද්ධිමත් විනිශ්චයකාරවරුන් රන්ජන් ගේ ගැටයට හසුවීමයි.
හිරේ ගිය රන්ජන් පනපිටින් එලියට ආවොතින් ඊලග චන්දෙ දිනන්නේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික මනාප ප්‍රමාණයක් අරගෙනය. එවිට එම පක්ෂය බලයේ සිටී නම් සමහර විට ඔහු අධිකරණ ඇමති කම ඉල්ලුවොත් දීමට හැකිය. ඊට හොදම උදාහරණය ලොහාන් බන්ධනාගාර ඇමති කිරීමයි. එවිට අධිකරණයේ තත්වය කුමක්ද ?
අධිකරණයට තිබුණේ රන්ජන්ට අත් හිටවූ සිරදඬුවමක් ලබා දී තරයේ අවවාද කොට මුදාමුදාහැරීමටයි.එතකොට රන්ජන් පොර වන්නේ නැත අධිකරණය චොරවෙන්නේ නැත අනිවාර්යයෙන්ම අධිකරණය ජනතාවගේ ප්‍රසාදයට පාත්‍රවේ.
රන්ජන්ට බ්‍රේක් නැති නිසා ඉතාමත් ඉක්මනින් නැවතත් යමක් ප්‍රකාශ කල වහාම අත් අඩංගුවට ගෙන සිරදඩුවම ක්‍රියාත්මක කල හැක.
මෙහිදී රන්ජන් බලාපොරොත්තු වූ ජනතා අනුකම්පාව හා ප්‍රසාදය ඇති කර ගත නොහැකිය.
දැන් අධිකරණය රන්ජන් ගේ ගැටයට අහුවී හමාරයි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස