උණුසුම් පුවත්

ටෙලිකොම් සේවකයින් විශාල ප්‍රමාණයට කොරෝනා වැළඳෙයි,  ආසාදිතයින් පවා සේවයට ගෙන්වීමට බලධාරීන්ගෙන් බලපෑම සභාපති ගේ කිසිදු සුබසාධනයක් නෑ….වීඩියෝ සහිතයි

Spread the love

 මේ වන විට ශ්‍රී ලංකා පුරාම 14000 දහසකට ආසන්න ප්‍රමාණයකින් යුක්ත ටෙලිකොම් සේවක සංඛ්‍යාවේ විශාල ප්‍රමාණයකට කොරෝනා රෝගය ආසාදනය වී ඇත. එයින් මරදාන මරදාන ටෙලිකොම් අංගනයේ 08 දෙනකු ,ද හම්බන්තොට 04, මහනුවර 02  ණේමුල්ල 01  ලෙසට සහ දිවයිනේ මුළු ප්‍රමාණයෙන්ම  ශ්‍රී ලංකාව පුරාම ටෙලිකොම් සේවකයින්  විශාල සංඛ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති බව  පවසයි .

මෙම නිරෝධායන මධ්‍යස්ථාන වලට යවා ඇති පවුල් වෙනුවෙන් කිසිදු සුභසාධන වැඩපිළිවෙලක් සකස් කර නොමැත .ඒත් ටෙලිකොම් සේවකින් පවසා සිටින්නේ මේ වන විට තම කාමර අලුත්වැඩියාවේ යෙදෙමින් කෝටි 02 කට  ආසන්න මුදලක් විනාශකරමින් වර්තමාන සභාපති රොහාන් ප්‍රනාන්දු නැමැති පුද්ගලයා ටෙලිකොම් ආයතනය සදහටම වලපල්ලට ගෙනයෑමට සියලු කටයුතු මේ වනවිට කරමින් පවතින බව සේවකයින් අප වෙත අදහස් පළ කරමින් කියා සිටී.කිසිදු සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වියදම් නොකරන බවයි.

 මෙම ටෙලිකොම් ආයතනයේ සේවකයින් ආසාදනය වී සිටියත් වෙනත් සේවකයින් යෙදවීමට නොමැති නිසා  වහාම සේවයට වාර්තා කරන ලෙසට පාලන තන්ත්‍ර නිලධාරීන් දැඩි බලපෑමක් එල්ල කරන බවද අප වෙත අදහස් දැක්වූ ටෙලිකොම් සේවකයින් කියා සිටී.සේවකයින් යවා ඇති ඇති හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වල කිසිදු අවම පහසුකමක් වත් නොමැති වීම පිළිබඳව සේවකයින් මැසිවිලි නගන අතර ඉතා කුඩා දරුවන් ද සමඟ පවුල් හතළිස් දෙකකට ආසන්න ප්‍රමාණයක් එම ස්ථානවල රැඳී සිටීම නිරෝධායන මධ්‍යස්ථාන නොව ඒවා corona මධ්‍යස්ථාන බවට ඔවුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අපට කරුණු ඉදිරිපත් කර ඇත,

එසේම සභාපතිවරයා  සේවකයින් 14000 පමණ සිටින ටෙලිකොම් ආයතනයට අවම මට්ටමේ සුබසාධනයක් වත් නොමැති වීම පිළිබඳව සේවකයින් මැසිවිලි නගන අතරම මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ පවා අවධානය යොමු කරවීමට කටයුතු කරන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා සිටියේය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි. 

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like