තවමත් කොරෝනා නාශක ඖෂධයක් ලෙස නිල වශයෙන් පිළිගෙන නැතත් කෑගල්ලේ ධම්මික නම් දේවාල කපුවා නිපදවන ධම්මික පැණිය මේ වන විට බෙදා හැරීම ආරම්භ කර තිබේ.
නිල වශයෙන් අනුමැතියක් ලැබෙන තුරු මෙය ජනතාවට ලබා දීම ධම්මිකට තහනම් කොට ඇතත් ඔහු විසින් තම කෑගල්ලේ පිහිටි නිවසේ සිට පැණිය බෙදා හැරීම කරනු ලබයි.
මේ සඳහා ඔහුට රජයේ පූර්ණ අනුග්‍රහය ලැබෙන බවද පැවසේ.
මේ දිනවල ඔහුගේ නිවසට යන පාර දිගටම සවස 6 සිට දිගු පෝලිම් ය.
හාර පන්දහසක් එම පෝලිමේ පොර කමින් සිටිති.
පොලීසියෙන් රැකවරණය හා ආරක්ෂාවද සපයයි.
ධම්මිකගේ පැණිය හැඳි ගාන්නේ හමුදා භටයන් ය.
අවශ්‍ය වන මී පැණි රටින් ගෙන්වන බවත් සාදික්කා වැනි අනෙකුත් ද්‍රව්‍ය ජනතාව ගෙනවිත් දෙන බවත් ධම්මික නම් වූ මේ රජයේ අලුත්ම ඉර්සිවරයා පවසයි.
රාත්‍රී 12 ට පැණිය බෙදා දීම ඇරඹේ.
පැය දෙකක් යන්නට මත්තෙන් කාල බෝතල් කුප්පි 4000 ක් 5000 ක් පමණ බෙදා දී කඩය වසා දමා නිවසේ ගේට්ටුවද වසද්දී පැණිය ගන්නට නොහැකි වූ තව මහ පිරිසක් බැණ වදිමින් ආපසු යති.
මේ පැණි කුප්පි ගමේ අයට මුලින් නොමිලේ දුන්නත් රුපියල් 2500/= ක් නොගෙව්වොත් දවස පුරා පෝලිමේ හිටියත් කිසිවකුට දැන් නොමිලේ ලැබෙන්නේ නැත.
මුලින් එකතු කර ගත් අරක්කු කාල බෝතල් වල පැණිය දමා දුන්නත් දැන් ඒ සඳහාම විශේෂ කාලෙ බෝතලයක් ධම්මික වෙදා විසින් නිපදවා තිබීම විශේෂත්වයකි.( එම කාල බෝතලයේ සේයාරුවක් මෙහි දැක්වේ.)
මේ ටික දිනට ධම්මික වෙදා කොතරම් දියුණු වීද කියතොත් එන්නේ ප්‍රාඩෝ ජීප් රථයකිනි.
එයාර් ලංකා වැනි ආයතන වලින්ද ධම්මික පැණිය දැන් ලොරි පිටින් රැගෙන යන බව පැවසේ.
අනුරාධපුර මහ ඉස්පිරිතාලයද මේ වන විට ධම්මික පැණියේ මධ්‍යස්ථානයක් බවට පත් ව ඇතැයි වාර්තා වේ.
ධම්මික පැණියේ පර්යේෂන කටයුතු වලට යැයි කියා එක්තරා රාජ්‍ය ඇමතිවරයකු ජනපති අරමුදලින් මිලියන ගණනක් පාස් කර ගැනීමට සමත් වී තිබේ.
මින් ඔහුත් ගොඩ වී ධම්මික වෙදාත් ගොඩ ගිහින් තිබේ. ධම්මික කපුවාගේ පැණිය පාර්ලිමේන්තුවට ගෙනවිත් කළ ප්‍රමෝෂන් එකේදී කතානායක ඇතුළු පැණිය බිවූ ඇමති වරු අතරින් වාසුදේව ඇමතවරයාටද කතානායකගේ අණින් පැණිය බිවූ පාර්ලිමේන්තු සේවකයන් තිදෙනෙකුටද මේ වන විට කොවිඩ් වැළඳී තිබේ.
මේ හේතුවෙන් පැණිය බී ජොලියෙන් සිටි අනෙක් ඇමතිවරුන්ද බියෙන් පසුවන බව වාර්තා වේ.
රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා මෙය අවහිර කොට ඇත එබැවින් ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස