*****රාජපක්ෂ ප්රහාරයට ලක්ව ඇති නිසා මෙය අවහිර කොට ඇත එබැවින් ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න*****
ඉතාමත්ම ආන්දෝලනාත්මක තත්ත්වයකට තුඩු දෙන ආකාරයේ ප්රකාශයක් කරමින් අම්පාර ජනතාව ඉදිරියේ නන්දසේන රාජපක්ෂ කියා සිටියේ තමා ප්රභාකරන්ව බල්ලෙක් වගේ වෙඩිතබා බිම දිගේ ඇදන් ආව බව ය. සොයා බැලීමේදී ගෝඨාභය රාජපක්ෂලා යුද්ධයකට දක්කාගෙන ගොස් ඇත්තේ “බල්ල නාවන්න වතුරට ගෙනියනවා ” හා සමානවය .එදා යුද සෙන්පතියා වූ වර්තමාන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නොහිටින්න මේ වෙන විට ප්රභාකරන් පාර්ලිමේන්තුවේ ය. ප්රභාකරන්ගේ හෙන්චයියලා වූ පිල්ලෙයාන් කරුණා අම්මාන් අද සිටින ආකාරයට වේලුපිල්ලේ ප්රභාකරන් අද සිටියා නම් ඔහු අනිවාර්යෙන්ම කැබිනට් අැමතිවරයෙකු කරලා ය. ඒ නන්දසේන රාජපක්ෂලාගේ හැටිය. නන්දසේන LTTE සමග දාගෙන තිබුණු ඩීල් එක කොතෙක්ද කියා අද ඉතා හොඳින් හෙළි වී ඇත්තේ නන්දසේන ගේම කටින් පැන්න පිත්තල බෝම්බ හින්දාය.
එල්ටීටීඊ සංවිධානයට රුපියල් මිලියන 10,800 ක මුදලක් ලබාදීමට එදා නන්දසේන මහින්දලා කටයුතු කළේ රාඩා ආයතනය හරහා ය .එවකට රාඩා ආයතනය භාරව සිටි ටිරාන් හරහා එමිල් කාන්තන් ට LTTE සංවිධානයට ලබා දීමට රුපියල් මිලියන 10,800ක් සමග අලුත්ම isuzu cab රථ 02 ලබාදී තිබුණි. මෙම මුදල රාඩා ආයතනය හරහා එමිල් කාන්තන්ට ලබාදුන් බව කියන්නෙත් මංගල සමරවීර, ටිරාන්, ශ්රීපති සූරියාරච්චි ආණ්ඩුවෙන් එළියට පැමිණ පැවති ප්රථම මාධ්ය සාකච්ඡාවේදී ය. ඉන් කිපුණු රාජපක්ෂලා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්රී ටිරාන් අලස් ගේ නිවසට අත්බෝම්බ ප්රහාරයක් ද එල්ල කළේය. ඒ රාජපක්ෂලාගේ පලිගැනීමේ ස්වභාවයයි ඊට ජීවිතයෙන් වන්දි ගෙව්වේ ශ්රීපති සූරියාරච්චිය
එවකට පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු ශ්රීපති සූරියාරච්චි අනුරාධපුරයේ සිට එමින් සිටියදී මාර්ගය ලිස්සා ගොස් ගසක වැදී දී මිය ගියේය . 2007 වර්ෂයේදීරාඩා ආයතනය හරහා තවත්රුපියල් මිලියන 325 ක මුදලක් එල්ටීටීඊ සංවිධානයට ලබා දී තිබුණි මුදල් CEB ආයතනයේ ගිණුමකට ලබාගෙන ටිරාන් අලස්ගේ ගිණුමකට එම මුදල් ලබා ගත්තා යැයි ටිරාන් අල්ලස් පසුව අත්අඩංගුවට ගත්තේ මෙම හේතුව මතය
ශ්රීපති මිය ගියත් වාසනාවට ටිරාන් අලස් මේ වන විටත් රාජපක්ෂලා සමග නොසිටින්නට අද ටිරාන් අලස් ජීවිතෙන් වන්දි ගෙවලාය .ඒ අද ඔය කියන නන්දසේන ලාගේ හැටිය, නන්දසේන කිසි දවසක මිනිසුන් මරන්නේ නැත. මිනිසුන් නන්දසේන ලාගේ වචනයෙන්ම රිය අනතුරු වලට ලක් වී මිය යන්නේය, රිය අනතුරු හෝ ස්වභාවික මියයෑම ඒ නන්දසේන රාජපක්ෂලාගේ හැටිය එම සිද්ධිය ද අහඹු සිද්ධියක් නොවන බව සමාජයේ කතා විය . රාඩා ආයතනය හරහා එල්ටීටීඊයට සල්ලි ලබා දී එක් කොන්දේසියක් එල්ටීටීඊයෙන් ලබා ගත්තේය. ඒ කොන්දේසිය නම් කිසිම අවස්ථාවකදී රාජපක්ෂ පවුලට එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් කිසිදු ප්රහාරයක් එල්ල නොවිය යුතු බවයි,ඊට එකඟව තවත් අවස්ථාවකදී ද වාහන සහ මුදල් එල්ටීටීඊ සංවිධානයට රාජපක්ෂලා ලබාදුන් බවට ඕනෑ තරම් සාක්ෂි ඇත.
මේ අතරතුරදී 2006 අප්රේල් මස 25 වන දින එක්වරම එවකට හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන ත්රස්තවාදී ප්රහාරයක් එල්ල විය. ත්රස්තවාදී ප්රහාරයෙන් ජීවිතයත් මරණයත් අතර ගමනක් ගොස් සරත් ෆොන්සේකා මහතා දැඩි සේ රෝගාතුර විය එම කාලය තුළ රාජපක්ෂලා දුන් කෝටි ගණන් මුදල් නිසා එල්ටීටීඊ සංවිධානය මෝටර් රවී මෝටර් උන්ට සහ නවීන අවි ආයුධ සහ සංනිවේදන උපකරණ ලබා ගැනීමට ක්රියා කළේය, ත්රස්ත ප්රහාරයෙන් බරපතල තුවාල ලැබ සිටි සරත් ෆොන්සේකා මහතා විදෙස්ගතව ප්රතිකාර ලැබීමෙන් පසු ශ්රී ලංකාවට පැමිණියේ පැමිණි වහාම මහින්ද රාජපක්ෂ ඔහු අමතා මේ වනවිට මාවිල්ලාරු සොරොව්ව වසා දමා තිබෙන හෙයිනි කුමක් කරන්නේ දැයි සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා ඇති බව ඔහු විසින්ම මේවන විට ප්රසිද්ධ කොට ඇත.
2006 ජූලි 21 එක් වෙනිදා මාවිල්ලාරු සොරොව්ව එල්ටීටීඊ සංවිධානය විසින් වසා දැමිය.ඒත් සමගම ජූලි 26 වන දින තුවාල ලබා මේ රට රෝගාතුරව සිටි ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම සන්නද්ධ ප්රහාරයක් දී මාවිල්ලාරු සොරොව්ව මුදා ගත යුතු යැයි තීරණයකට එළඹියේය එම තීරණයේ සවි ශක්තිමත් වූයේ ඒ වන විට හෙළ උරුමය නියෝජනය කරමින් චම්පික රණවක මහතා සමඟ ජාතික සංවිධාන වැඩි පීඩනයක් එල්ල කරමින් රාජපක්ෂ ආණ්ඩුව තුළ සිටිමින් යුද්ධය යුද්ධයෙන් කෙළවර කළ යුතු බවට ඔවුන් දැඩි මතයක සිටීම ජෙනරාල් ෆොන්සේකා මහතාට මහත් අස්වැසිල්ලක් විය .
වහාම ක්රියාත්මක වූ සරත් ෆොන්සේකා මහතා තමාගේ තුවාල ගැන පවා නොතකා ත්රස්තවාදීන්ට ඒ තුළින් ප්රහාරයක් එල්ල කොට මාවිල්ලාරු සොරොව්ව නැවත විවෘත කළ යුතු බව ඔහුගේ ඒකායන ප්රාර්ථනය විය. මේ සියල්ලටම රාජපක්ෂලාව නාවන්න වතුර ගෙනියන බල්ලන් සේ දක්වා ගෙන ගියේ ජාතික බලවේගයක් වූ හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක මහතා සමඟ හෙළ උරුමය මෙන්ම අනෙකුත් ජාතික සංවිධානයි .
බල්ලා වතුරට දැමීමෙන් පසු දඟල දඟල හෝ ඔහු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නාවනවා සේ රාජපක්ෂලාට ද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යුද්ධය ඉතුරු හරිය කරගෙන යාමට සිද්ධ විය .
මාවිල්ආරු මුදා ගන්නවා සේම සරත් ෆොන්සේකා මහතාගේ වචනයෙන්ම කියනවා නම් තමන් එල්ටීටීඊ කඳවුරු දෙකකට ප්රහාර එල්ල කරමින් එල්ටීටීඊ සමග කොක්කක් දාගත්තේ නැවතුනේ අවසානයේ නන්දිකඩාල් කලපුව තුළින් එල්ටීටීඊ සංවිධානයේ නායක ප්රභාකරන් මරා දමාය.
එදා සරත් ෆොන්සේකා මහතා පාඨලී චම්පික රණවක වැනි සිංහල නායකයින් ගේ පෙළඹවීම මත රාජපක්ෂලාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යුද්ධය කරගෙන යෑමට සිද්ධ විය. ඒ වනවිටත් රාජපක්ෂලාට තිබුණේ එල්ටීටීඊ සංවිධානය සමග ජීවිත රක්ෂණය කි. එනම් කිසිදු හේතුවට කිසිදු රාජපක්ෂ වරයෙකුට තුවාලයක් හෝ ප්රහාරයක් එල්ල නොකරන බවයි.
ඒත් අවාසනාව වූයේ සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම ප්රහාර එල්ල කිරිමත් සමගම 2006 දෙසැම්බර් 01 පිත්තල හන්දියේ දී නන්දසේන කියන පිත්තල බෝම්බය පත්තු විය. අප වෙත තම විස්වාසවන්ත තොරතුරු කරුවෙක් ඔහු කලක් ශ්රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටී ප්රබලයකු වශයෙන් නම් දරා සිටි පුද්ගලයෙක් අප වෙත කියා සිටියේ ගෝඨාභයගේ පිත්තල බෝම්බය ගෝඨාභය දැනුවත්වම පුපුරවා ගත් එකක් බවයි .
එයින් ඔහුට කිසිදු තුවාලයක් සිදු නොවීය. එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කරන්නේ ගව් ගාණක් දුර දුරක සිට නොව, ඕනෑම අයෙකු දන්නා සිද්ධියකි මෙම ප්රහාරවලින් පසු ගෝඨාභය රාජපක්ෂ සහ මහින්දලා ඒ සියල්ලම දේශපාලන අවශ්යතා වෙනුවෙන් යුද්දෙ විකිණුවේය.
කෙසේ වුවත් අද නන්දසේන කියන ආකාරයේ නන්ද සෙන්ට සිද්ධ වී ඇත්තේ කොටේට නැග්ග වඳුරාට වූ දෙය . නන්දසේන ගියේ අම්පාර ගොවීන්ගේ ප්රශ්න විසඳන්න ඒත් නන්දසේන ගොවීන්ගේ ප්රශ්න පැත්තකට දමා හරීන්ගේ කතාව ඇදගෙන නන්දසේන කුංඥය ගැලවිය. නන්දසේන ගැලෙව්වට නන්දසේන ගේ මොකක් අහු වුණා දැයි යන්න බැලීම අපේ සදාචාරාත්මක අයිතියක් නොවන නිසා, ඒ ගැන අපි කතා නොකරන්නෙමු .
.ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස