*****රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා මෙය අවහිර කොට ඇත එබැවින් ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න.********
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය ඇමැති ප්‍රසන්න රණවීර රටේ වැඩියෙන්ම වැඩකරන ඇමැත්තා බව බහුතර මතයක්ව තිබේ.
ජනතාව සිතා සිටින තරම් ඔහු මැට්ටෙක් නොවේ. දන්නා තරමට ඔහු කැලණිය ශ්‍රී ධර්මාලෝකයෙන් උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලැබූවෙකි.
පට්ට කට්ටයෙකි. පෙළරණු පිට යහපතට හරවා ගැනීමට දක්ෂයෙකි. එසේ නොවුනේ නම් පාපැදියකින් කැලණිය ප්‍රාදේශීය සභාවට විත් මේ ආණ්ඩුවේ V8 මෝටර් රථ භාවිතා කරනු ලබන ඇමතිවරු අතලොස්ස අතරට ඔහුට එක්වීමට නොහැකි වනු ඇත.
පෙරළුණු පිට වාසියට පෙරළ ගන්නට රනවීර මෙවර යෙදුවේ තරමක වෙනස් උපායකි. ඒ අනුව ඔහු මුලින්ම හොඳට ලිවීමට හැකි පැරණි වාමාංශිකයෙක්ව සිය මාධ්‍ය ලේකම් කර ගත්තේය. ඉන් පසුව දක්ෂ ඡායාරූප ශිල්පියෙක් සොයා ගත්තේය. ඉන්ද නොනැවතුණ ඔහු සිය ෆේස්බුක් පිටුව හා සමාජ මාධ්‍ය හැසිරවිය හැකි තරුණ වෙබ් කාක්කෙක් සොයාගත්තේය. ඔහුත් සමඟ කමෙන්ට් දැමීමට ද අයෙක් සම්බන්ධ කර ගැනීමට ඔහු යහුසුළුවිය. (මේ බව එකම අය රණවීරගේ ෆේස්බුක් පෝස්ට් සියල්ලට කමෙන්ට් දමා තිබෙන ආකාරයෙන් තහවුරු කර ගත හැකිය.)
එයින්ද සෑහීමකට පත් නොවූ රණවීර මොවුන්ට යහමින් මුදල් සොයා දිය හැකි මස්කඩ කරුවෙක් තම සම්බන්ධීකරණ ලේකම්වරයා කර ගත්තේය.
පසුව හිරු රෙනෝ, දෙරණ දිලිත් හා මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් අමතා අභිනව ඇමතිකමට මාධ්‍යයේ සහය ලබාදෙන්නැයි පිණ්සෙන්ඩු වුණේය. හොඳ ඇමතිකමක් ලැබුණු පසු මුල අමතක නොකරන බවද ඔවුන්ට කීය.
පසුව එම මාධ්‍ය ආයතනවලින් තමාගේ වැඩ ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යකාරයෝ බලා ගැනීම පැවරුවේ මස්කඩ කරුවාටය. ඔහුට මාධ්‍ය නඩේට අතදිගහැර වියදම් කරන ලෙස ද පැවසීය.
ඒ අනුව එක දවසකට එක මීටිමක් හෝ නිරීක්ෂණ චාරිකාවක් සකස් කිරීම මස්කඩ කරුට පැවරිණි.
වැඩේ සිතුවාටත් වඩා සාර්ථක විය. දැන් මැටි ඇමති පොරක්ය.
දක්ෂ ඇන්දිලි කාරයෙක් වන ප්‍රසන්න මේවන විට මුළු රටම අන්දා හමාරය. ඒ ඇන්දීම දික්කර ඊළඟ පලාත් සාභා මැතිවරණයෙන් සිය අඹුව පළාත් සභා මන්ත්‍රීවරියක කර ඊළඟ පාර්ලිමෙන්තුවේ මුදල් ඇමතිවීමට ද ඔහුට අපහසු නොවේ.
ඇමතිකම ගත් විගස ඔහු කීවේ මසකට රුපියල් ලක්ෂ අසූව බැගින් ගෙවන ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 37 වැනි මහලේ ඇති තම අමාත්‍යංශ කාර්යාලය අත්හැර අපේ ගම පරිශ්‍රයට එන බවයි. ඒ පසුගිය අගෝස්තුවේය. ඒත් ඔහු තාමත් සිටින්නේ ඒ කාර්යාලයේමය. ඔහුගේ මේ ප්‍රකාශයට දැන් මාස 4ක් ගත වී හමාරය. එසේ ඉතිරිකර ගන්නා මුදලින් මසකට ස්වයං රැකියා 80 බැගින් ලබාදිය හැකි බවද ඔහු ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ කියා සිටියේය.
ඔහුගේ කතාවට අනුව එසේ නම් ගෙවුණු මාස 4 තුළ ස්වයං රැකියා 320ක් ලබා දී තිබිය යුතුය. අවාසනාවකට පසුගිය මාස හතරේ එසේ ලබාදුන් ස්වයං රැකියා අවස්ථා ගණන සියයක් වත් නොවන බව තතු දන්නෝ දනිති. තවද ස්වයං රැකියා ලබා දීම පසෙක තබා දිනපතා ඔහුගේ නිවසේ වූ මහජන දිනයද සෞඛ්‍ය හේතුමත යැයි කියමින් අත්හිටුවා තිබේ.
කැලණිය ප්‍රාදේශීය සභාව මෙහෙයවීමද ප්‍රසන්න මේවන විට ජයටම කරගෙන යයි. එහි සභාපති තණතුර දරන්නේ කිරිබත්ගොඩ ප්‍රින්ස් මුදලාලි කරලියට ගෙනා WDS කුමුදුනීය. කුමුදුනී, ප්‍රසන්නගේ බිරියට වඩා ප්‍රසන්නට මෙල්ලය. ප්‍රසන්න කියන සියල්ලම ප්‍රශ්න කිරීමකින් තොරවම කුමුදුනී කරන්නීය. අය එම පුටුවේ හිදවනු ලැබුවේ ප්‍රසන්න විසිනි.
ප්‍රසන්නගේ පළමු ව්‍යාපාරයත් මේවන විට කරනු ලබන ප්‍රධාන ව්‍යාපාරයත් ගල්ය. මුලින් ගල් වතුර ව්‍යාපාරය ජයට කළ ප්‍රසන්න දැන් කරන්නේ ඉන්ටලොක් ගල් ව්‍යාපාරයයි. ඊට අමතරව ගොඩනැගිලි ඉදිකළ නොහැකි ස්ථානවල ගොඩනැගිලි තනා ගැනීමට අවස්ථාව ලබාදීම හා ඉඩම් ගොඩ කිරීම ප්‍රධාන තැනක් උසුළයි.
කැලණියේ පාරවල්වල වැඩි වශයෙන් මේවන විට ඇත්තේ රණවීරගේ පවුලගේ කොම්පැණියේ හැදූ ඉන්ටර් ලොක් ගල්ය. තාර දැමීම හා කොංක්‍රීට් කිරීම ලාභ වුවත් කැලණියේ පාරවල්වලට රණවීරගේ පවුලගේ ගල් මිස වෙන යමක් අල්ලන්නට කුමුදුනී ඉඩ තියන්නේ නැත. ඊට අපූරු ක්‍රමවේදයක්ද තනා තිබේ. ඒ ගමෙන් ගමට ප්‍රජා මණ්ඩල පිහිටුවා තිබේ. පාරවල් සැදීමට ප්‍රාදේශීය සභාව මුදල් ලබාදෙන්නේ ප්‍රජා මණ්ඩලවටය. ප්‍රජා මණ්ඩල කොහෙ පාරවල් හැදුවත් එහි අතුරන්නේ රණවිරගේ පවුලගේ ගල්ය. මේ ගල් ඇතිරීමේ කොන්ත්‍රාත් වලින් වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ රණවිරගේ මස්සිනා විසිනි.
රජයේ නිලධාරීන්ට රණවීර මෑතකදී අපූරු විහිළුවක් කළේය. ඒ දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරයේ පැවැති ගම සමග පිළිසඳර ජාතික වැඩසටහනේදීය. එහිදී ප්‍රදේශවාසීන් තම ප්‍රදේශයේ ප්‍රධාන ගැටලුවක් වන අනවසර ඉඩම් ගොඩ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න වැලක් සිසිර ජයකොඩි ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ට හා නිලධාරීන්ට ඉදිරිපත් කළේය.
ඊට පිළිතුරු ලෙස රණවීර සබාව අමතමින් කියා සිටියේ මේ සියලුම වැරදි සිදුකරන්නේ රජයේ නිලධාරීන් විසින් බවයි. ඔවුන් පගාව ගෙන මේවාට අනුබල දෙන දෙන බවද නීතියට වැඩ කළ නොහැකි අය සිටිත්නම් ප්‍රාදේශිය සභාවෙන් ඉවත්වන්නැයිද එහිදී ගර්ජනා කළේය.
ඔහුට මේ ප්‍රකාශය කිරීමේදී තමාගේ ඉන්ටර් ලොක් ගල් වැඩපල දමා ගැනීමට අනවසරයෙන් වෙල පිරවීමේදී ජනතා විරෝධය මැඩ පැවැත්වූ නිලධාරියා එහි සිටින බව අමතකව තිබේ. පසුව රැස්වීම අවසන් වී ඔහු එම වයෝවෘධ රාජ්‍ය නිලධාරියාගෙන් වරදක් වුණා නම් සමා වන්නැයි හෙමින් කියනු කිහිප දෙනෙකුට ඇසුණු බව පැවසේ.
‘ස’ ෆේල් වෙද්දී ප්‍රසන්න ෆේස්බුක් පෝස්ට් දමා මේවන විට පාස්වී හමාරය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස