උණුසුම් පුවත්

ගෝඨාභය රාජපක්ෂ යනු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නොව මිනීමරුවෙකි හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මරා දමන බව ප්‍රසිද්ධියේ කියයි………සුදු වෑන් නෑ, රිය අනතුරක් , නැත්නම් polonium……….?

Spread the love

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ විසින් අද අම්පාරේදී පැවති ජන හමුවක් අමතමිනි තමා චරිත දෙකක් රඟපාන බවත් මීට පෙර තමාට බෝම්බ ගැසූ සියලු දෙනාම මරා දැමූ බවත් එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. එක්වරම හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ කරන ලද කතාවක් ගෙනහැර පාමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය නම් මිනීමරුවෙක් සේ ඉදිරි කටයුතු සිදු කළ හැකි බවයි .

ප්‍රජාතන්ත්‍රවාදී රටක් වූ ශ්‍රී ලංකාව තුළ   ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය නායකයෙකු තම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් කතා කරන ලද අවස්ථාවේදී ඔහුට මරණ තර්ජන එල්ල කරන ලද අවස්ථාව මෙයයි. ජනාධිපති ධුරයට පත්වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මිනීමරුවෙකි. ලසන්ත වික්‍රමතුංග එක්නැලිගොඩ ජනමාධ්‍යවේදීන් දෙදෙනා ම මරා දැමුවේ ගෝඨාභයගේ සෘජු නියෝග අනුව ය.  වැලිකඩ සිරගෙදර 27 දෙනකු අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කළේද ගෝඨාභය රාජපක්ෂගේ නියෝග බවට   හෙලි වී හමාරය. 

 ආරක්ෂක ලේකම් වශයෙන් ඔහු සුදු වෑන් සංස්කෘතියක් මෙරටට හඳුන්වා දී තමාගේ කටයුතු පිළිබඳව කිසිවකු විවේචනය කරන්නේ නම් ඔහුට බාධා කරන්නේ නම් එම පුද්ගලයා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ රාජකාරි සිදු කරන ලද පුද්ගලයෙක් වුවත් කිසිදු සමාවක් ඔහුට ලැබුනේ නැත .ඔහු එදිනම සුදු වෑන් පැමිණ ගෙන ගොස්  මරාදැමුණු අවස්ථාවන් එමටය .යුදහමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් ඉඩ බිලි විය. අහිංසක මහජනතාවද  බිලි වූ අවස්ථා  ඇත .

 මෙහි ඉතාමත්ම සුවිශේෂිත වූ සිද්ධිය වන්නේ කප්පම් ගැනීම වෙනුවෙන් අහිංසක පාසැල් දරුවන්  11 එකොළොස් දෙනෙකු රැගෙන ගොස් මරා දැමුවේද ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය යටතේය. එවන් පුද්ගලයෙකු මේ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා වශයෙන් සිටීමත් ජනතාවගේ ජීවිත පිළිබඳව දැඩි තර්ජනයකි . පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු  වු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කිසිදු අවස්ථාවක රාජ්‍ය නිලධාරියෙකුට හෝ ජනාධිපති වරයාට මරණ තර්ජනයක් එල්ල කළේ නැත.  හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඔහු කියා සිටියේ ඉතාම සුවිශේෂිත වූ පුද්ගලයින් පස් දෙනෙකු නම් කරමින්  05 දෙනා රාජ්‍ය පාලනය මෙහෙ වන බවයි. එයින් කිපුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක එල්ලේම පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මරා දැමීමට හැකි බව  ප්‍රසිද්ධ මහජන වේදිකාවකදී පැවසීම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගේ ජීවිතයට බලවත් තර්ජනයකි.මෙය කිසිදු රටක රාජ්‍ය නායකයෙකු නොකියන ලද කතාවකි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් ගෝඨාභය කිසිසේත් සුදුසු නොවන පුද්ගලික බව මුළු ලෝකයටම අද පෙන්නා හමාරය.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවාසී ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය. ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නියෝජනය කරන ලබන සමගි ජනබලවේගයේ මතය ජනතාව ඉදිරියේ තැබීමට ඔහුට අයිතියක් නොමැති නම් ,ශ්‍රී ලංකාවේ ඇත්තේ කුමන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි අපට සිතේ.

ගෝඨාභය රාජපක්ෂ දැන් සුදානම් වන්නේ හිට්ලර්ගේ නාසි රාජ්‍ය පාලනයකට ය. එහි පලවෙනි අත් පොත් තබමින් ගෝඨාභය අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එක එල්ලේම මරා දමන බවට ප්‍රසිද්ධියේ ම තර්ජනය කරන්නේ නම්,  රටේ ජීවත්වන පුරවැසියන්ට රාජ්‍ය සේවකයින්ට හෝ තම වෘත්තිය  අවංකව ඉටු කිරීමට යාමේදී  ඕනෑම කෙනෙක්ව මරාදැමීමේ හැකියාවක් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ සතු වේ.

 මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු අතරම පක්ෂ දේශපාලනයකින් තොරව වහාම ගෝඨාභය රාජපක්ෂට එරෙහිව  ජාත්‍යන්තර පැමිණිලි කළ යුතුය. නොඑසේ නම් මොහු ඉතා  ආසන්න දිනයක දී දේශපාලනඥයින් රිය අනතුරුවලින් හෝ වෙනත් ආකාරයකින් කුමන හෝ අන්දමකින් මරාදැමීමේ හැකියාවක් ඇති බව අපි ඉතා වගකීමෙන් සටහන් කරන්නෙමු.

ඔහු බලයට පැමිණියේ ද පාස්කු ප්‍රහාරයක් සැලසුම් සහගතව සිදු කොට අහිංසක ජනතාවක් 350  පනහකට ආසන්න ප්‍රමාණයක් මරා දමා ඒ තුලින් රටේ ආරක්ෂාව පිණිස යැයි කීමෙන් බොරු මවාපෑම මෙරට ජනාධිපතිකම ඩැහැගත් ගෝඨාභය රාජපක්ෂ මිනිමරුවා අද සිදුකරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීරීවරුන්ගේ ද හඬ නිහඬ  කිරීමට ය.මීට පෙරද අප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කට සූදානම් වන බවත් ඒ සඳහා රිය අනතුරු හෝ  පොලෝනියම් ( polonium )නැමැති රසායන ද්‍රව්‍ය පාවිච්චි කිරීමට ඉඩ ඇති බවත් බොහෝ විට රුසියාව අනුකරණය කරමින් සිදු විය හැකි බව අවස්ථා ගණනාවකදීම පසුගිය ලිපි වලින් අපි පෙන්වාදී ඇත .අනාගතේ රාජපක්ෂලාට තර්ජනයක් වේ යයි සිතනු ලබන සියලු දෙනාම මේ පිළිබඳව තමාගේ දැඩි අවධානය යොමු කළ යුතුය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි. 

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like