උණුසුම් පුවත්

උදයංග වීරතුංග ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ මෙහෙයුම් කරුවෙක්ද….?, යුක්රේන ජාතිකයින්ගේ ගමන්මලු පරික්ෂා නොකර මෙරට ඇල්ලූ මත්ද්‍රව්‍ය පිට කෙරුවද…..?

Spread the love

*****රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා  මෙය අවහිර කොට ඇත එබැවින්  ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න.*****

 

යුක්‍රේනය ලොක් ඩවුන් කර තිබියදීත් උදයංග වීරතුංග ලංකාවට ගෙන්වන යුක්‍රේන සංචාරකයන් ගැන කියවෙන අලුත්ම කතාව වන්නේ මත්තල ගුවන් තොටුපලේදී සාමාන්‍ය සංචාරකයන්ට නොලැබෙන වරප්‍රසාද රැසක් ලැබෙන්නේ කෙසේද යන්නයි.

මෙහිදී මෙම සංචාරකයන්ගේ ගමන් මලු පරීක්ෂාවට ලක් නොකෙරෙන බවත් මේ හේතුවෙන් ඔවුන් ලංකාවේ ඒජන්තයන්ගෙන් ලැබෙන මත්ද්‍රව්‍ය අපහසුතාවකින් තොරව රැගෙන යන බවත් වාර්තාවේ.
මේ සංචාරකයන් මෙහි එන බව සංචාරක මණ්ඩලය දැන ගෙන ඇත්තේද පළමු පිරිස ආවාටත් පසුවය.
නිරෝධායනය සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති නීති කිසිවක් මොවුන් පිළි නොපැදීමද විශේෂත්වයකි.
මොවුන් වැඩි දෙනෙක් ලංකාවට පැමිණීමේදීත්  යාල ඇතුළු සංචාරක ප්‍රදේශ වල සංචාරය කරද්දීත්, මුහුදු වෙරළේ සැරි සරද්දීත් ආපසු රටින් පිටව යද්දීත් මුඛ ආවරණ පවා නොපළඳිති.
මොවුන්ගේ සංචාරක මඟ පෙන්වන්නා ලෙස කටයුතු කරද්දීත් මුඛ ආවරණ පළඳින්නේ නැත.
මුඛ ආවරණ නොපැළඳීම නිසා එළව එලවා සාමාන්‍ය ජනතාවට නඩු දමන හැටි හැමදාමත් රස කරමින් රූපවාහිනියේ පවසන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණවත් මේවා දකින්නේ නැත.
මේ අතර දින 30 වීසා  මත පැමිණෙන යුක්‍රේන ගණිකාවන් කී දෙනෙක් ආපසු නොගොස් මෙහි නවතින්නේදැයි ආගමන විගමන නිලධාරීන්වත් සොයා බලන්නේ නැත.
ඒ අතර උදයංග වීරතුංග තම තගරිය පෙන්වමින් මාධ්‍ය සාකච්චාද පවත්වයි.
මෙහි පැමිණ කොවිඩ් වැළඳුනු යුක්‍රේන ජාතිකයන් ගණන කීයක්ද ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ කොහේටදැයි කියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වත්, කොවිඩි වැළඳුනු සාමාන්‍ය මිනිස්සුන්ගේ පවුල් වල අයත් පෙන්වන දිලිත්ගේ දෙරණවත් නොදනී.
මේ සියල්ල අභිරහස්‍ ය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි. 

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like