උණුසුම් පුවත්

ඉන්න හිතෙන රටක්……මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 11යි, විමර්ශකයා සිර කූඩුවේ, ඝාතකයා රජමැදුරේ….!!

Spread the love

රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා  මෙය අවහිර කොට ඇත එබැවින්  ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න

ප්‍රවීණ මාධ්‍යවේදී සහ නීතිවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින කොළඹ දී ඝාතනය කළේ එවකට ජනාධිපති  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ මෙහෙය වීමෙන්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එදා ලසන්ත ඝාතනයට ප්‍රධානතම සාධකය වී තිබුණේ මිග් යානා ගනුදෙනුවට සුවිශේෂිත වූ කරුණු අඩංගු ලිපි කීපයක්ම ලසන්ත සතුව  තිබුණු බවයි. ඊට පෙර දින ලසන්ත තම පුවත්පත් සගයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලසන්ත සමඟ සිටි කිසියම් පුද්ගලයෙක් විසින් මහින්ද රාජපක්ෂට ඒ බව දැනුම් දීමෙන් පසු මෙම ඝාතනය සිදු වූ බවට ප්‍රචලිත විය.

ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු  ගෝඨාභය රාජපක්ෂ නමැති මිනීමරුවා  බව මේ වන විට ඒ සියල්ලම හෙළි වී තිබුණි. ජනාධිපති මුක්තියට මුවාවී ගෝඨාභය රාජපක්ෂ මුළුමනින්ම එම  මුක්තියට ආවරණයෙන් සියලු මිනීමැරුම් වලින් අද ගැලවී ඇති බව ඉතා කණගාටුවෙන් ලංකාවාසී ජනතාවට මතක් කළ යුතුය. ශ්‍රී ලංකාවේ අවාසනාව  නම් එවැනි  සුවිශේෂිත වූ කරුණු යටතේ සිදුකරන ලද විමර්ශනයේ විමර්ශකයා වශයෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම පිළිගන්නා ජේෂ්ඨ පොලිස් අධිකාරී  ශානි අබේසේකර සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය.

ඒත් ලංකා ජනතාවගේ ඇති දේශපාලනික අන්ධභාවය සහ දේශපාලනික නූගත්කම නිසාම අද එම මිනීමරුවා ජනාධිපති මන්දිරයේය.රට අගාධයෙන් අගාධයට ගෙන යමින් සිටින බව කිව යුතුය.

එසේම එදා ලසන්ත  මිග් ගනුදෙනුවේ අප්‍රසිද්ධ රහස් වලට වගකිවයුතු පසුගිය රජය විසින් අත්අඩංගුවට ගතයුතු ජාත්‍යන්තර රතු වරෙන්තුකරු උදයංග වීරතුංග අද වන විට යුක්රේන ගණිකාවන් මෙරටට ගෙන්වා මහා පරිමාණ ගණිකා ව්‍යාපාරයක් ශ්‍රී ලංකාව තුල පිහිට වීමට කටයුතු කරමින් සිටී. සමස්ත ශ්‍රී ලංකාවටම කොරෝනා රෝගය බෝ කරමින් එම යුක්රේන ජාතිකයෙක් රටපුරා ඇවිත් දිවීමේ සංදර්ශන ද මේ අවස්ථා වනවිට පැවැත්වීම ඉතාම දෛවෝපගතව සිද්ධීන්ය .   

මේ සියල්ලේ ම විපාක විඳීමට සිදු ව ඇත්තේ 69 නම ලක්ෂයේ ජනතාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටය. එදා ලසන්ත වික්‍රමතුංග දෙහිවලට ආසන්න ප්‍රදේශයකදී අසාමාන්‍ය  ගිනි අවියකට බිලි වූයේ රාජපක්ෂලාගේ උදහසට ලක්වීම නිසා බව නොදන්නා කෙනෙකු ශ්‍රී ලංකාවේ නොමැත .

රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් බවට ලසන්ත පත්වන විට ඒ විමර්ශනය ලුහුබැඳ ගිය විමර්ශකයා මේ වන විට මිනීමරුවාගේ අණසකට යටත්ව සිටින බන්ධනාගාරයක සිටීම රටකට නුහුලන අපරාධයකි .  මිනීමරුවන් හඹා ගොස් එම සාක්ෂි සම්පින්ඩනය කොට අධිකරණයට ඉදිරිපත් කිරීමේදී  අවසානයේ සිදුව ඇත්තේ ඒ විමර්ශකයාට තම  ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

අද වැලිකඩ සිර ගෙදර සිටින්නේ ජීවිතයත් මරණයත් අතර වාරයක් පාසා සිහිකරමිනි .ලසන්ත වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ඝාතනය කරන ලද පුද්ගලයකුට රටේ රාජ්‍ය නායකත්වය ලබා දීමට තරම් නිහීන ජාතියක්     බුදු පහස ලැබූ ශ්‍රී ලංකා වැනි රටක සිටීම ඉතාම අවාසනාවන්තය. 

කෙසේ වෙතත් ලක් මෑණියන්ගේ කුමන හෝ බලවේගයක් ඇතැයි සිතනවා නම් බුදු පහස ලැබූ මේ මහ පොළොව තුළ   එවැනි අපරාධකරුවෙකුට යහතින් වැජඹීම ට ඉඩ දෙනවා නම් මේ පින්බිමේ අරුත කුමක් දැයි වරෙක නොව සිය දහස්  වරක්සිතෙන වාර අනන්ත ය……..?

ඒත් අපට ඇත්තේ එය සත්‍යය දැයි යන්න බැලීමට සති මාස ගණන් බලා සිටීම පමණය.මියගිය ලසන්ත වෙනුවෙන් ඉල්ලිය හැකි යුක්තිය එයයි.

එසේ නොමැතිව ශ්‍රී ලංකාවේ ඇති ප්‍රසිද්ධ වැසිකිළියක් වූ අධිකරණයෙන්    අසූචි ගඳ හමනවා හැර  යුක්තියක් ඉටු නොවන බව  සක්සුදක් සේ විශ්වාසය.

ලසන්ත ඔබට නිවන් සුව ලැබේවා-

අජිත්

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like