දේශපාලන

රනිල්ව රැක ගන්න ගිය හැමෝම බිල්ලට.. තිස්ස එලවීමට පාර කැපු රවීට දිට්ඨ දම්මවේදණීය කර්මය පල දුන්හැටි..

Spread the love

ලංකා ඉතිහාසයේ පැරණිතම පක්ෂයක් වු එ.ජා.ප. ය මේ වන්විට දැඩි ආන්දෝලාත්මක තත්වයකට මුහුණ පා ඇත.මෙම තත්වයට මුලිකම හේතුව ගත්කල කිසිම පක්ෂ නායකයකු නොකල ආකාරයේ මිත්‍රසේවනයක් මේ පක්ෂය තුලට වැද්දා ගැනීම ඊට ප්‍රභල තම හේතුව විඇත. රනිල් වෙනුවෙන් වසර ගන්නාවක් තම පුද්ගලික ජිවිතයේ සමහර වටිනා කියන අවස්ථාවන් පවා අහිමිකරගත් , සමහර අවස්ථාවල දී තම පාක්ෂිකයන්ගේ දෝෂාරෝපනයට පවා ලක්වු තිස්ස අත්තනායක නායකයා වෙනුවෙන් දිවි හිමියෙන් වැඩකල අයෙකි. එදා රනිල් ,සජිත් ගැටුමේ මැදිහත් කරු වු තිස්ස අත්තනායක දෙදෙනාව සමගිකලා පමනක් නොව කැඩීයාමට ගිය පක්ෂය එකට ගැට ගැසුවාය. ඒ රනිල් රැක් ගැනීමටය . තම පාකෂිකයාට හෙන් ගැහුවත් රනිල්ගේ ගජමිතුරු සේවනයට කිසිදු හිංසනයක් නම් වීමට ඉඩ නොදීම රනිල්ගේ කල්‍යාණ මිත්‍ර සේවනයයි. එදා තිස්ස අත්තනායකට පක්ෂය එපා වෙන වෙලාවෙත් රනිල් හිටියේ රාජපක්ෂලා සමගය. තිස්ස අත්තනායකගේ ගමන නතර කිරීමට රනිල් කිසිවක් කිවේ නැත. ඒ රනිල්ය …. රනිල් යනු පුදුමාකාර ගුණමකු මිනිසෙක් බවට තවත් නම් ඔනවටත් වඩා සාක්ෂි ඇත. ඒ ගාමිණි දිසානායක ජනාධිපති අපෙක්ෂකයා ලෙසට තිබු බොහෝමයක් රැස්වීම් වලට රනිල් මගහැරියාය. මෙහෙම අතිතයකට උරුමකම් කියන රනිල් වික්‍රමසිංහ තිස්ස අත්තනායකට බෙදුව හැන්දෙන්ම අද රවිකරුණානායකටත් බෙදා ඇත.
එක් අතකින් මෙය දිට්ඨ ධම්ම වේදණීය කරුමය පලදීමකි මන්ද පක්ෂයක් ගැන් නොහිතා තම පැවැත්ම වෙනුවෙන් තිස්ස අත්තනායකට පක්ෂය හැර යාමට තල්ලුකර දැමු එක් ප්‍රධානම පුද්ගලයකු වුයේ රවී කරුනාණායකය. කොහොම උනත් රවී වෙනුවෙන් නම් රනිල් ඉදිරිපත් නොවන බව නම් ඒකාන්තය.
2001 දීත් ජනතාව දහ දුක්විද එ.ජා.ප.හදා රනිල්ට දුන්නත් ඔහු එදාත් මලික්ලා , ගෙන්විත් නැව තත් වසර ගානකට ජනතාව අතරමං කලොය.
2015 ජනවාරි 08 වනිදා ජයග්‍රහනය දැන් වනවිට පරාජයේ හෙවනැලි පෙන්වමින් ඇත්තේ රනිල් නිසාය . විමල් වීරවංශව කටුණායක ගුවන් තොටුපලේ දි ඇල්ලු වෙලාවේ එහි ගිය අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ සහකාර පොලිස් අධිකාරිට කතාකොට විමල්ව බේරාදුන්නේ රනිල්ය. ( ගුවන්ගමන් බලපත්‍ර දෙකක් ලග තබාගැනීමට ඇප ලබාගත යුත්තේ අභියාචනා අධිකරණයෙන්ය.)
නාමල් රාජපක්ෂගේ, ශිරන්ති රාජපක්ෂගේ,ගොඨාභයගේ කිසිදු චෝදනාවකට නඩු පැවරීමට ඉඩ නොදෙන්නේ රනිල්ය . එසේ ඔහු කරන්නේ තවත් නම් ඔහුට මේ පක්ෂය වැඩක් නැතිබව සිතාගෙනය.
මෙතෙක් සිදුවු සියලු දෙයින් දැන්වත් පාඩම් ඉගෙන ගෙන පලමුව කලයුත්තේ පක්ෂය හැරදා ගිය සියලුදෙනාවම කොන්දේසි විරහිතව නැවත පක්ෂයට ගෙන ,තම පටු බලලෝභය හැර දමා එක්සත් ජාතික පාකෂිකයා වෙනුවෙන්   පක්ෂය  ශක්තිමත් කිරීමය .


Spread the love

Leave a Comment

You may also like