****රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා මෙය අවහිර කොට ඇත එබැවින් ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න******
ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු විසින් ටෙලිකොම් මුදල් කාබාසිනියා කරමින් එහි ලාංචනය වෙනස් කිරීම සඳහා රුපියල් බිලියන02 දෙකක් වියදම් කිරීම පාර්ලිමේන්තුවේද කතා බහට ලක්වෙද්දී මෙම වියදම සඳහා ටෙලිකොම් හෝ මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ අනුමැතිය පවා ලබා ගෙන නොමැති බව වාර්තා වේ.මෙම ලාංචන වෙනස ගැන අදටත් මාධ්‍ය වල ලක්ෂ ගණනින් ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය කෙරේ.මෙයින් ටෙලිකොම් වෙත අති විශාල පාඩුවක් මිස කිසිදු ලාභයක් සිදු වී නැති බව එහි සේවකයෝ පවසති.මෙම ලාංචන වෙනසේ කොන්ත්‍රාත්තුව රොහාන් ප්‍රනාන්දු ලබා දී ඇත්තේ ෆීනික්ස් ප්‍රචාරක සමාගමටයි.එහි සභාපති වරයා වන්නේ එජාපයේ ප්‍රචාරක කටයුතු සිදු කරන අර්වින් වීරක්කොඩිය.රොහාන්ගේ දෙවෙනි බිරිඳ වන වරුණි අමුණුගම කලින් වැඩ කළේ අර්වින් යටතේ ෆීනික්ස් සමාගමේය.රොහාන්ද කලක් එජාප ක්‍රියාකාරියකු වූ නිසා අර්වින්ට තම බිරිඳ හරහා කොම්ස් ලැබෙන පරිදි මෙම කටයුත්ත භාර දී තිබේ.රොහාන් ප්‍රනාන්දු තව කලක් හිටියොත් ටෙලිකොම් ආයතනය වසා දමා ඩයලොග් සමාගමට පැවරෙනු ඇතැයි ටෙලිකොම් සේවකයෝ බියෙන් පසුවෙති මේ අතර දිලිත් හා තම බිරිඳ වරුණි සමග එක්වී දෙරණ වෙනුවෙන් කෝටි ගණනක දැන්වීම් හා අනුග්‍රහ ලබා දීම හා බිලියන දෙකක ලාංචන මගඩිය නිසා තමන්ට කවදා හෝ සිරගෙට යාමට සිදුවෙනු ඇතැයි ඇතැම් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ද බියෙන් පසු වන බව වාර්තා වේ.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස