***රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා මෙය අවහිර කොට ඇත එබැවින් ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න**
වතු කම්කරුවන්ගේ ඡන්ද කාලේ වැටුප රුපියල් 1000 යි. දැන් වැටුප 750යි, කම්කරු ජීවිත සමග සෙල්ලම් කරන්න එපා යැයි අද පැවති 1927 ඉන්දියානු වතු කම්කරු ආඥා පනත ( indian labour ordinence )සංශෝධන විවාදයේ දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තම පියා සමස්ත වතුකරයේ ඉන්දියානු පුරවැසිභාවය ඇති සියලු දෙනාටම ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා දුන් බවයි. එදා පටන් මේ වන තෙක් ආර්ථිකයට අසීමිත දායකත්වයක් ලබාදෙන ඔවුන් පිළිබඳව දැඩි අවධානයෙන් රජය කටයුතු කළ යුතු බව මෙහිදී මතක් කළේය. 1927 ඉන්දියානු කම්කරුවන් පිළිබඳව පවතින නිතිවලට වඩා කම්කරුවන්ගේ දෛනික සුභසාධනය සහ ඔවුන්ගේ ජීවනෝපාය ආර්ථිකය පිළිබඳව සියලු කරුණු අඩංගු වතු කම්කරුවන් පිළිබඳව පනතක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් එම පනතේ ම නෛතික කරුණක් වශයෙන් වතු කම්කරුවෙකුගේ ආරම්භක වැටුප රුපියල් 1000/- දාහක් විය යුතු බව ද අද සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.ඒ අනුව ඉදිරි කටයුතු පිළිබඳව කම්කරු අමාත්‍යවරයාගේ අවධානය යොමු කොට නැවත අලුත් පනතක් මගින් රුපියල් 1000/-දාහක් වැටුප් වැඩිවීමක් සඳහන් කරන ලෙසද ඔහු ඉල්ලා සිටි. පසුගිය මැතිවරණ කාලසීමාවේදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මියගිය කම්කරු නායකයෙකු වු ආරුමුගම් තොන්ඩමන් වැනි නායකයන් පවා ගොනාටා ඇන්දු නිසාම, වතුකම්කරුවන් ළඟදිම රජයට අමතක නොවන පඩමක් උගන්වන බව සහතිකය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස