උණුසුම් පුවත්

ඕලන්ද ජාතික අජාන් ජිනවන්සෝ හිමිගේ ඝාතකයන් ඇල්ලීමට රජයට කිසිදු වුවමනාවක් නැහැ…..  එසේම “වොයිස් කට් නිකාය” නිහඩයි. (විඩියෝ සහිතයි)

Spread the love

 පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ ඕලන්ද ජාතික අජාන් ජිනවන්සෝ  ස්වාමින්වහන්සේ  මීට මාස දෙකකට පමණ පෙර ගලක් ගැට ගසා ,කට තුලට රෙදි  පාංකඩ දමා වතුරේ ගිල්ලවා, මරා තිබූ බව අප දිගින් දිගටම  පෙන්නා දුනිමු .ඒත්  ඒ පිළිබඳව මෙරට භික්ෂූන් වහන්සේලාගේ  නිහඩතාවය ඉතාමත්ම නින්දිතය.ශ්‍රී ලාංකික බොහෝ භික්ෂූන් දේශපාලකයාගේ සුදු රෙද්දට මුවා වී සුර සැප හොයන තත්වයකට අද පත්ව තිබීම ඉතා අවාසනාවන්ත තත්වයකි. ඩෙන්මාර්ක් ජාතික අජාන් ජිනවන්සෝ  පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ ඉතා ශික්ෂාකාමී විනයධර භික්ෂූන් වහන්සේ නමකි . උන්වහන්සේ කලක පටන් තමා උන් කුටිය ආසන්නයේම ඇති පොල්ගස්දුව වැව තුළ රජය මගින් ගෙන යෑමට ගිය බෝට්ටු සවාරි සංචාරකයින්ගේ, ගුවන් යානා seaplanes බැස්ස වීම් පිළිබඳව දැඩි විරෝධතාවයක සිටි හිමිනමකි. හිමිනම ගේ මරණය පශ්චාත් මරණ පරීක්ෂණයට ප්‍රථමයෙන්ම  සියදිවි නසාගැනීමක් බවට   ආනන්දසාගර මාහිමිපාණන් වහන්සේ කියා සිටී කියා තිබුණි.  නමුත් අප කියා සිටියේ උන්වහන්සේ කිසියම් සංවිධානාත්මකව මරාදමා තිබූ බවයි. මේ නිසා  ඇඟිල්ල රජයට දික් වන නිසාම අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උන්වහන්සේගේ මරණය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත් ම දියුණු තත්වයකින් විමර්ශනය සිදුකරන නිසාම මෙය ඉතාම ලෙහෙසි පහසු කාර්යයක් බව ලියුම්කරු ඉතා හොඳින් දන්නා දෙයකි.  රජය දැන් කරන්නේ ඝාතකයන් රැකීමය.  අපි නැවත නැවතත් රජයට ඇඟිල්ල දික්කරන්නේමු වහාම අජාන් ජිනවංසෝ නායක ස්වාමීන් වහන්සේගේ ඝාතකයන්නීතියේ රැහැනට හසු කරන ලෙස නැවතත් අප රජයට බල කරන්නෙමු.උන්වහන්සේ වෙනුවෙන් පොල්ගස්දුව එම ආරන්‍ය සේනාසනයේ වැඩ වෙසන අමත ධම්ම හිමි එදා අපි කීදේම ප්‍රාකාශකරමින් මෙය මිනිමැරුමක් බව කියයි.

 

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like