උණුසුම් පුවත්

බන්ධනාගාරයෙන් කොරෝනා වලට අමුතු තාලේ බෙහෙතක් …..සිරකරුවන් PCR කිරීම මුළුමනින්ම නවතා දමයි.

Spread the love

වැලිකඩ බන්ධනාගාරය තුලින් ආරම්භ වූ කොරෝනා ව්‍යාප්තිය රට පුරා බන්ධනාගාර   වෙතම රැගෙන ගියේ  පාලනාධිකාරියේ තිබූ අතපසුවීම් සහ නොසැලකිලිමත් කම නිසාය. මේ බව අප අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත. එහි දිගුවක් වශයෙන් සිදු වූයේ අහිංසක සිරකරුවන් 16 දෙනෙකුට මහර දී ජීවිතයෙන් වන්දි ගෙවීමටය. මේ වන විට කොරෝනා  ආසාදිතයින් පරික්ෂා කරනු ලබන PCR   නොකිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා තීරණය කර ඇතැයි අප වෙත අදහස් දැක්වූ ඉහළ නිලධාරියෙක් පැවසීය.  මෙහි ඉතාමත්ම අවාසනාවන්තම සහ  තර්ජනයක් වන්නේ බන්ධනාගාරයේ දී හමුවන සෑම කොරෝනා රෝගියෙකු ම නැවත රෝහල්ගත කිරීමට යාමේදී සාමාන්‍ය සිරකරුවෙකු නම් නිලධාරීන් 02  ප්‍රධාන ගණයේ සිරකරුවෙක් නම් ඔහු වෙත ආරක්ෂාවට නිලධාරීන්04  දෙනෙකු ද යෙදවීම සිදු විය යුතු බවයි. මේ නිසාම බන්ධනාගාර නිලධාරීන් ප්‍රමාණවත් නොවන හෙයින් ඔවුන් වහාම PCR කිරීම නවතා දමා ඇතැයි එම නිලධාරියා අදහස් දක්වමින් අප වෙත කියා සිටින ලදී.   බන්ධනාගාරය තුළ කොරෝනා රෝගීන් ඇති වන්නේ නම් කළ යුත්තේ කුමක් ද ? යන්න පිළිබඳව කිසිදු සැලැස්මක් සහ පෙර සූදානමක්  නොමැති වීමේ වගකීම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඊට වගකිව යුතුය.  මහර බන්ධනාගාරයේ වෙඩි තබා ජීවිත විනාශ කිරීමේ සිද්ධියට ද මුලින්ම වගකිවයුතු වෛද්‍ය අධ්‍යක්ෂවරයා හිමින්සීරුවේ අමාත්‍යාංශයට මාරු කර යවා ඇඟ බේරා ගැනීමට  ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම ක්‍රියාකිරීම තුළින් ඇත්තේ නිතියානුකූල  කලයුතු දේ නීති විරෝධී ආකාරයෙන් මැඩපැවැත්වීම කි. මෙයින් සිදුවන්නේ මිනිසුන් තව තවත් කොරෝනා රෝගයට බිලි වීම සහ බන්ධනාගාර පමණක් නොව රටේ සමස්ත ජාතියටම කොරෝනා බෝ කිරීමක් බව මෙම නිලධාරියා වැඩිදුරටත් අප සමඟ පැවසීය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like