කොරෝනා වසංගතයේ ට මුවා වී කාර්ය සාධක බලකාය නැමැති කඩතුරාවට මුවාවී දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කටයුතු හමුදා ජුන්ටාවක ට පවරා ගැනීම සඳහා මෙම හමුදා නිලධාරීන් 25 දෙනකු දිස්ත්‍රික්ක අනුව පත් කර ඇති බව අප වෙත වාර්තා වේ.තේරීම්භාර නිලධාරියා වෙනුවට ජනාධිපති කාර්ය සාධක බලකායේ සම්බන්ධීකරණ නිලධාරියකු පත් කළේ ඉදිරි මැතිවරණයේදී ඡන්ද මංකොල්ල අවශ්‍ය වාතාවරණය සාදා ගැනීමටය. ගෝඨාභය රාජපක්ෂ නැමැති මරි මෝඩ නායකයා දන්න එකම දේ කි, එනම් කෝකටත් තෛලය හමුදාව යෙදවීමෙන් ඕනෑම කටයුත්තක් යුද හමුදාව තුළින් ඉටුකර ගැනීමට සිතන නායකයෙකු මේ තුන් ලෝකයේම නැත. අසිරිමත් ශ්‍රී ලංකාවේ එවැනි පුද්ගලයෙකු ජනතාව විසින් තෝරා පත් කරගෙන ජනතාවට සිදුව ඇත්තේ ගෝඨාභය දෙන දේ කා වෙන දේ බලා සිටීමටය. වියත් මඟහි සිටින්නන් ඇතුළු සියල්ලම අද තේරුම් ගෙන ඇත්තේ ගෝඨාභය යනු දැක්මක් නැත්තෙකු බවත් අමනුෂයෙකු සේ ක්‍රියාකරන හමුදා සොල්දාදුවෙක් පමණක් බවයි. ජනතා අප්‍රසාධය කොතෙක්ද කොතෙක්ද යත් මේ වන විට පොහොට්ටුව අලවා තිබූ තැන්වල සුදු හුණු ගා වසා දමන තත්වයකට පත්ව ඇත. දැන් ගෝඨාභය එලවා දැමීමට පෙරමුණ ගෙන ඇත්තේත් ඒ වියත් මගේම අයයි. දිසාපතිවරයෙකු වීමට තම අධ්‍යාපන සුදුසුකම් මත පමණක් කිසිසේත් කළ නොහැකිය. ප්‍රථමයෙන්ම සහකාර කොමසාරිස් වරයෙකු , සහ කොමසාරිස්වරයකු සහ ඉන් පසුව උප දිසාපති වරයෙකු එසේත් නොමැති නම් ප්‍රාදේශීය ලේකම් වරයෙකු ගෙන් අරඹන ගමන දිසාපතිවරයා බවට පත්වේ. පළාතේ දිස්ත්‍රික් ලේකම් වරයා බවට පැමිණෙනු ඇත. අත්දැකීම් සම්භාරයකින් හෙබි තැනැත්තකුට ඇත්තේ පරිපාලනමය ( adminstration experience ) යුධ හමුදා නිළ ඇඳුම ඇඳ සම්බන්ධීකරණ නිලධාරියකු වශයෙන් කටයුතු කරන මෙවන් පුද්ගලයින්ට ඇත්තේ හමුදාමය අත්දැකීමක් මිස රාජ්‍ය තන්ත්‍රයේ පරිපාලනමය අත්දැකීමක් නොවන බව ඉඳුරාම අපි දනිමු .කෙසේ වෙතත් මෙම පත් කරන ලද සම්බන්ධීකරණ නිලධාරියා පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ ප්‍රධාන තේරීම්භාර නිලධාරියා නොඑසේනම් දිස්ත්‍රික් ලේකම්වරයා අභිබවා ජනාධිපතිට සෘජුවම වගකියන තැනැත්තා වශයෙනි . මෙයින් සිදු වන්නේ සමස්ත රාජ්‍ය පරිපාලනයම කඩා වැටීමකි .මෙය සමස්ත ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඉතාමත් නුදුරේදීම දැඩි අර්බුදයක පෙරනිමිත්තකි. ගෝඨාභය නමැති මරිමෝඩ පුද්ගලයාට මොලේ කළඳක් හෝ තිබේ නම් මෙවැනි ගොන් තකතීරු නොකරන බව අපි කියන්නෙමු .මේ සිදුකර ඇත්තේ ගෝඨාභය නැමැති උද්දච්ච මිනිහා විනාශය කරා යාමට ඔහු කපාගත් මාර්ගයකි. රටක රාජ්‍ය පරිපාලනයට ඉදුරාම යුදහමුදාව සම්බන්ධ වන්නේ නම් ඉහළ හමුදා ජුන්ටාවක් වශයෙනි නම් කිරීමේ කිසිදු වරදක් නැත. දැන් ඉදිරියේ ඇත්තේ අමනුෂ්‍යයන්ට පිළිතුරු දිය හැකි ” මනුෂ්‍යයෙකු” රටතුල ගොඩනැගීම පමණි.
කළ යුත්තේ අමනුෂ්‍යයන්ට පිළිතුරු දිය හැකි ” මනුස්ස කම ” ඇති නායකයෙකු රටට පත්කර ගැනීම පමණයි.
ජනාධිපති පත්කල එම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පහතින් දැක්වේ.
ස්තුතියි.
කතෘ ලංකා දවස