වෙනත්

පොලිස් නිලධාරින්ට කඩු වලින් කෙටු පුද්ගලයන් අත්වඩංගුවට ගැනීමට වහාම යාපනයට විශේෂ කාර්‍ය්‍ය බලකාය යෙදවිය යුතුයි.

Spread the love

අද දින සිදුවු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට ඉතාම අමානුෂික ලෙසට කඩුවලින් කොටා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය රජය ඉතාම බරපතල ලෙසට සලකා ක්‍රියා නොකලහොත් නැවත සැරයක් රටට යුද්ධයකට මුහුණ දීමට සිදුවනු ඇත
කෝපායි පොලිස් ස්ථානයේ රාජකාරි නොයිතු ධම්මික හා සුරේන්ද්‍ර නැමති නිලධාරින් දෙදෙනා බරපතල තුවාල ලබා ඇත.
යාපනය තුලින් නැවත වරක් යටගිය ගිනි පුපුරු කිසිවිටකත් මතු වීමට ඉඩ නොදීමට නම් යහපාලනය පැත්තකට දමා මෙම අන්තවාදින් ට වහාම දැඩි දඩුවම් ලබාදිය යුතුය.
එසේ නොමතිව මෛත්‍රිපාල රනිල් සුසංයෝගය මෙය ඉතාම සැහැල්ලුවෙන් සිතා පොලිස් නිලධාරින්ගේ ඇගට අත සේදීමට ගියහොත් ඉතාම ඉක්මනට මෙම පුද්ගලයන් අවිආයුධ අතට ගන්නවා ඇත.
මේ තත්වය මැඩලීමට කිසිසෙත් පොලිසියට නොහැකි අතරම පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඒ වගකීම නොපිරි හෙලා ඉටු කිරීමට නම් වහාම පොලිස් විශේෂ කාර්‍ය්‍ය බලකාය යෙදවිය යුතුය.
එසේ නොමතිව ජරය යුධ හමුදාව යෙදවුවහොත අනිවාර්‍ය යෙන්ම තත්වය වෙනත අතකට හැරෙනු ඇත.
මෙම සිද්ධිය නිතිගරුක කිසිදු ශ්‍රීලාංකිකයකු අනුමත නොකරන නමුත් මෙම පහර දීම සිංහල ජාතිවාදීන්ගේ නම් සතුටට හේතුවනු ඇත. මෙනිසා රජය වහාම මෙම අපරාධ කරුවන් අල්ල තත්වය පාලනය කර ගත යුතුය.
රජය දැඩිව මතක තබාගත යුත්තේ එදා ප්‍රභාකරන් ආයුධ ගැනීමට පෙරත් පොලිස් නිලධාරින්ට පන්න පන්න පිහිවලින්,කඩුවලින් කොටා තැතිගැන්මක් ඇතිකොට ඊට පසුව එක්වරම ආයුධ අතට ගත් බව අමතක නොකල යුතුය.


Spread the love

Leave a Comment

You may also like