උණුසුම් පුවත්

එකම බස් එකේ ලියාපදිංචි පොත් හැටන් නැෂනල් බැංකුව ට සහ DFCC බැංකුවට උගස් කර මුදල් ලබාගත් වංචා කරු, මුදිත ගුණසේකරට කෝටි 2100 ක ණයක් කටුවන බැංකුවෙන් අරන් දුන්නේ මහින්දයි – සිඟරට් මිල ඉහළ නොදැම්මේ ණය නොගෙවන බව මහින්ද දන්න නිසායි.

Spread the love

 අනුරාධපුර ඩී එස් ගුණසේකර බස්  සමාගමේ අයිතිකරු මුදිත ගුණසේකර  රාජපක්ෂ පවුලේ  හිතවතෙකි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ  හෝ රාජපක්ෂ පවුලේ කිසිවකු අනුරාධපුර ප්‍රදේශයේ සංචාරය යන්නේ නම් කෑම බීම නවාතැන් සියල්ලම සපයන්නේ මුදිත ගුණසේකර නැමැත්තාය. මුදිත ගුණසේකර ගේ ඉතිහාසය ඉතාමත්ම අපකීර්තිමත් වංචාකාරයෙක් බව මේ වන විට ඕනෑ තරම් සාක්ෂි ඇත .මීට පෙර ඔහු ඔහු සතුව ඇති ඩී එස් ගුණසේකර බස් සමාගමේ බස් වල , එකම බස් එකේ ලියාපදිංචි පොත් හැටන් නැෂනල් බැංකුවට සහ DFCC බැංකුවට උගස් කර මුදල් ලබාගත් වංචා කරු පිළිබඳව මේ වන විටත් අධිකරණයේ නඩු විභාග වෙමින් ඇති පුද්ගලයෙකි. ඉතාමත්ම දූෂිත සහ වංචා කරුවෙක් වශයෙන් අනුරාධපුරයම ප්‍රසිද්ධ මුදිත ගුණසේකර ඩී එස් ගුණසේකර බස් සමාගමේ අයිතිකරු මේ වන විට කෝටි ප්‍රකෝටිපතියෙක් වී ඇත්තේ රටේ ධනය රාජපක්ෂලා සමග පවුලේ හූරා කමින්ය. පසුගියදා සිගරට් මිලදී ගැනීමට යැයි කියමින් ඔහු මහින්ද රාජපක්ෂ ලවා ලංකා බැංකුවේ සභාපතිට බලකර  මාතර කටුවන  ලංකා බැංකුවෙන් රුපියල්  කෝටි 2,100 ක ණය මුදලක් ලබා ගනී මෙම ණය මුදලට පොලිය ගනනය කොට ඇත්තේ 6.83 % ක් වැනි ඉතාම අඩු ගනනකි. අගමැතිගේ නියෝග පරිදි  මෙවන් අති විශාල සුවිශේෂිත වූ  ණය මුදලක් ලබා ගැනීම ලංකා බැංකුව ඉතිහාසයේ දී  සිඟරට ඇපයට තබා දුන් ප්‍රථම ණය මුදලයි .මෙම ණය මුදලට උගසට තබා ඇත්තේ ඔහු විසින්  මිලදී ගන්නා ලද සිගරට් තොගයකි. සිගරැට් තොගයක් උගසට තබා බැංකුවක් ණය දෙන්නේ නම් එය පුදුම බැංකුවකි. අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයාගේ උවමනාවට කිසිවක් සිදුවී නැති අතර අප මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් කරුණු විමසීමේ දී පුද්ගලිකවම නම හෙළි කිරීමට අකමැති ඔවුන් කියා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික දැනුම්දීම මත මෙම ණය මුදල සිට 6.83 % ක පොලියට රුපියල් බිලියන 3.2 ණය මුදලක් මුදා හැරීමට ක්‍රියා කළ බව බවයි. එහෙත් ඔහු ලබාගෙන ඇත්තේ රුපියල් කෝටි 2100 ණය මුදල මෙයින් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ  කිසි විටෙකත් මෙම මුදිත ගුණසේකර ගසාකෑමට විරුද්ධව දොරටු වැසීමක් නොව ඔහු දොරටු විවෘත කොට අත්දෙකෙන්ම මුදිත ගුණසේකර නැමැති වංචාකරුව ලංකා බැංකුව ඇතුළට ගෙන්නා ගත් බව මනාව අපසතු සාක්ෂි වලින් මනාව පෙනී යයි.   සිගරට් මිල ඉහළ නොදැම්මේ මහින්දගේ තවත් එක් උප්පරවැට්ටියකි.මෙම ණය නැවත මුදිත ගුණසේකර නොගෙවන බව මහින්ද දනි.  ඩී එස්. ගුණසේකර ප්‍රවාහන සේවයේ අනුරාධපුර සිට පවත්වාගෙන ගියත් මුදිත ගුණසේකරගේ මේ බස් ව්‍යාපාරය වෙනුවෙන්  අසීමිතව හම්බ කර ඇත්තේ රටේ ජනතාවට වංචාකර මිනි. AMW   සමාගමට ලක්ෂ 20ක් පමණ ගෙවීමට ඇති නමුත් මෙපමණ කෝටිපතියෙක් එම මුදලද නොගෙවා පැහැර හරින්නේ රාජපක්ෂලාගේ හයියෙන්ය. මහින්ද රාජපක්ෂට පසුගිය ඡන්ද කටයුතු වෙනුවෙන්  Land cruiser 2018 ජීප් රථ දෙකක් පරිත්‍යාග කරන්නේ මෙවැනි බැංකු මංකොල්ල කෑමට බව  අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත. ඒත් සමහර  මාධ්‍ය කරුවන් බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කන් ලේ උරාබීමට අවශ්‍ය නිසා මහින්ද ලාට සුදු හුණු ගාන එකේ අඩුවක් නැත. තමාට ලැබෙන වරප්‍රසාද නිසාම මහින්දලා ,ගෝඨලා හා උන්ගේ ගැත්තන්ව රැකීමට පෙලබීම ඉතාම කණගාටුදායකය. ලංකා දවස නැමති නැමති ස්වාධීන මාධ්‍ය වරුෂාවට හසුවන විට කාගෙ, කාගේත් හෙළුව රටට නිරාවරණය වී ඇති බව නම් අපි දනිමු.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස.


Spread the love

Leave a Comment

You may also like