උණුසුම් පුවත්

යුද හමුදාව කුජීතයි-(මෙම ඡායාරූපය ලංකා දවස පාඨකයකු විසින් යොමු කර තිබූ ඡායාරූපයකි)

Spread the love

ශ්‍රී ලංකා යුදහමුදාවේ කීර්ති නාමය මේ වන විට ඉතා බරපතල ආකාරයෙන්   විනාශ වෙමින් පවතින බව වාර්තාවේ

යුද හමුදාවේ ඇතැම් ඡේ්‍්‍යෂ්ඨ   නිළධාරීන් සිය උසස්වීම් හා පදවි තානාන්තර ලබා ගැනීම පිණිස ⁣පොදු ජන පෙරමුණෙහි දේශපාලනයේ නිරත වෙමින් සිටී.තවත් නිළධාරීන් තමන් විසින් සිදු කරමින් පවතින දූෂණ ක්‍රියා ආවරණය කරගැනීම සඳහා පොදුජන පෙරමුණට පක්ෂපාතී බව එළිපිට පෙන්වා දෙමින් සිටී එම දුෂිත හමුදා නිළධාරීන් පිරිස මෙරට ⁣දේශපාලනයේ නිරත පොදු ජන පෙරමුණු දේශපාලඥයන්ටත් වඩා ක්‍රියාකාරීව දේශපාලන අනුගාමිකයන් වී සිටීම ශ්‍රී ලංකා යුද හමුදාව අපකීර්තියට ලක් වීමට  හේතුවක් වී ඇතැයි මෙය මහා සමාජ විනාශයකින් කෙළවර වනු ඇතැයිද මේ පිළිබඳව ලංකා දවස වෙත අදහස් දැක්වූ හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයකු පැවසීය
මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් තුල පවතින දීන දේශපාලන පක්ෂපාතිත්වය හා ඒ තුල ඔවන් ගේ ක්‍රියාකාරිත්වය නිසා  හමුදාවේ විනය  හා පරිපාලනය බිඳ⁣වැටෙමින් පවතිනවා ඇතැම් හමුදා ඡ්‍යෙෂ්ඨ  නිළධාරීන් විශ්‍රාම යාමෙන්  පසු රජයට සම්බන්ධ ආයතනවල උසස් තනතුරු හා වරප්‍රසාද ලබා ගැනීමේ අරමුනින් මෙලෙස දේශපාලන ක්‍රියාකාරිකයන් ලෙස කටයුතු කරන බව පෙනී යනවා..තවත් සමහර නිළධාරීන් සිය දූෂිත පැවැත්ම ආරක්ෂා කරගැනීම සදහාත් මෙලෙස දේශපාලනික හිතවාදීව කටයුතු කරනවා යුද හමුදාවේ විනය හා පරිපාලනය මෙලෙස දිනෙන් දින බිඳ වැටෙමින් තිබීම ගැන නිර්දේශපාලනික හමුදා නිළධාරීන් ඉන්නේ දැඩි වේදනාවකින් හා කණගාටුවකින්.මෙම වේදනාවේ දෝංකාරය හමුදා විශ්‍රාමික අපටත් දැනෙනවා මේ ර⁣ටේ හමුදාව ⁣මේ වගේ පරාධීනව දේශපාලන ක්‍රියාකාරකම්වලට යට වූ කාලයක් ඉතිහාසයේවත් නෑ කොහොම වුනත් මේ තත්ත්වය ⁣කොහොම කෙලෙස අවසන් වුවත් එය සාමකාමී සමාජ ජන පැවැත්ම දෙදරා යන ඛේදවාචකයක් වන බව නම් පැහැදිලියැයි වැඩිදුරටත් ලංකා දවසට අදහස් දැක්වූ එම ඡ්‍යෙෂ්ඨ නිළධාරියා කියා සිටියේය
ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල් නිලයේ සිට ඉහළට වූ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට හමුදා නිල රථයක් පරිහරණයට අවස්ථාව හිමිවේ.⁣යුද හමුදාවේ මේ වනවිට පවතින ජඩ දේශපාලනීකරණය වීම කෙතෙක්ද යන්න ඡ්‍යෙෂ්ඨ  හමුදා නිල රියක පිටුපස පොදු ජන පෙරමුණු පක්ෂ ලාංඡනය අලවා ඇති ආකාරය දැක්වෙන පහත ඡායාරූපයෙන් තහවුරු කර   කර ගත හැකිය
(මෙම ඡායාරූපය ලංකා දවස පාඨකයකු විසින් යොමු කර තිබූ ඡායාරූපයකි)
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස.


Spread the love

Leave a Comment

You may also like